Jump to content

මිසයිල

විකිපීඩියා වෙතින්
(Missile වෙතින් යළි-යොමු කරන ලදි)

මිසයිලයක් යනු සාමාන්‍යයෙන් ජෙට් එන්ජිමකින් හෝ රොකට් මෝටරයකින් බල ගැන්වෙන ස්වයංක්‍රීයව පියාසර කළ හැකි පුපුරණ ද්‍රවය රැගත් ආයුධයකි.

මුලදී, ඉලක්කයකට විසි කරන, වෙඩි තබන හෝ දියත් කරන ඕනෑම දෙයක් "මිසයිලය (ඉංග්‍රීසි:  missile)" ලෙස හැඳින්විිය. නමුත් අද, මඟ පෙන්වීමක් නැති ඒවා රොකට් ලෙස හැඳින්වේ. එන්ජිමක් නොමැති නම් ඒවා තුවක්කුවෙන් වෙඩි තැබීමේදී "ෂෙල් වෙඩි" හෝ ගුවන් යානයකින් බිම හෙළන විට "බෝම්බ" ලෙස හැඳින්වේ.

ඉලක්කයක් දෙසට තම ගමන් මග වෙනස් කරමින් ගමන් කළ හැකි මිසයිලවලට ඉලක්ක පද්ධතියක්, මාර්ගෝපදේශ පද්ධතියක්, පියාසර පද්ධතියක්, එන්ජිමක් සහ යුධ හිසක් ලෙස ප්‍රධාන කොටස් පහක් ඇත.මිසයිල දියත් කරන ස්ථානය සහ එය ඉලක්ක කරන්නේ කුමක් ද යන්න මත පදනම්ව මතුපිටින්-මතුපිටට, ගුවනින්-මතුපිටට, මතුපිටින් -ගුවනට සහ ගුවනින්-ගුවනට ලෙස මිසයිල වර්ග කළ හැකිය.

ඉතිහාසය

[සංස්කරණය]

රොකට් නවීන මිසයිලවල පූර්වගාමියා වූ අතර, චීන ජාතිකයන් 10 වැනි සියවසේ මුල් භාගයේදී ඊතල ප්‍රචාලනය කිරීමට ඒවා භාවිතා කළහ.[1]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Crosby, Alfred W. (2002), Throwing Fire: Projectile Technology Through History, Cambridge: Cambridge University Press, pp. 100–103,  

බාහිර සබැඳි

[සංස්කරණය]
  • Missile හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • Missiles හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=මිසයිල&oldid=720974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි