Falck (Denmark)

විකිපීඩියා වෙතින්

අසීරු ආරම්භය - Tough beginnings
සෝෆස් ෆැල්ක් මහතාගේ මගපෙන්වීම යටතේ කෝපන්හේගන් ෆ්‍රෙඩ්රින්ස්බර්ග් යන නගරයෙහි ගලවාගැනීමේ කණ්ඩායමක් ස්ථාපිත කළේය. මෙහි නිල නාමය ලබාගත හැකි වූයේ වසර 22කට පසු බෙන්මාර්ක් ඉතිහාසයේ ඇතිවූ බිහිසුණුම ගින්නෙන් පසුවයි. 1884 ක‍්‍රිස්ටියන්බර්ග් මාලිගයේ ඇතිවූ ගින්නෙන් පසුව දිවි ගැලවීම සහ අනෙකුත් බඩු බාහිරාදිය මුදවා ගැනීමට ජනතාව දැරූ අසීරු ප‍්‍රයන්තය සෝෆ⁣ස් ෆැල්ක් සියැසින් දුටුවේය. එහිදී වයස 19 නොයික්වූ සෝෆස් ෆැල්ක්ගේ අධිෂ්ඨානය වූයේ මනා ලෙස පුහුණු වූ කණ්ඩායම් හදිසි අවස්ථාවන් වලදී සහය වීමට යෙදවීමයි. 1906 ඔක්තෝම්බර් 03 වන දින කෝපන්හේගන් නගරයේ හදිසි ප‍්‍රතිකාර සේවාවක් ආරම්භ කළේය.

උපකාරක සේවා- Assistance
සෝෆස් ෆැල්ක් ඔහුගේ ගලවා ගැනීමේ හමුදාවේ සේවය වෙනුවෙන් මුදල් උපයාගැනීමේ මාර්ග දෙකක් ඇති බව ආරම්භයේදීම හදුනා ගන්නා ලදි. පලමු මාර්ගය වූයේ, ගින්නක් ඇතිවූ ස්ථානයට ගොස් සහය දීමෙන් පසු රක්‍ෂණ ආයතන වලින් මුදල් අයකර ගැනීමයි. සන්නිවේදනයේ පහසුව සදහා ඩෙන්මාර්ක් ගිනි නිවන මධ්‍යස්ථානයේ සිට ඔහුගේ මධ්‍යස්ථානයට සෘජු බාධක රහිත දුරතකන මාර්ගයක් සෝෆස් සතුවිය.

Falck ජීවිත ගලවා ගැනීමේ රථයක්

දෙවන මාර්ගය ලෙස පෞද්ගලික ගනුදෙනුකරුවන්, ධනවතුන් හා මැදුරු සදහා සේවා සැපයිනි. ගිනි අනතුරු පමණක් නොව කුණාටු ආදී අනෙකුත් ස්වාභාවික අනතුරු වලදීද ෆැල්ක් ඔහුගේ සහය ජනතාව වෙත ලබාදෙන ලදි. ඒ සදහා මුදල් අය කරගැනීමට ඔහු වාර්ෂික දායක මුදලක් හදුන්වාදුනි. එය ඉතා සාර්ථක ව්‍යාපාරික මාර්ගයක් විය.

හදිසි අවස්ථා - Emergency
කෝපන්හේගන් හි සිදුවන ට්‍රෑම් සහ දුම්රිය අනතුරු වලදී තමාට සහය දක්වන ලෙස සෝෆස් ෆැල්ක් මෙට්‍රෝ දුම්රිය සමාගම සමග එකගත්වයක් ඇතිකරගන්නා ලදි. ඉන්පසුව 1907 සහ 1908 යන වර්ෂ තුල පමණක් ෆැල්ක් 250 වාරයකට වඩා අනතුරු වලදී මෙට්‍රෝ දුම්රිය සමාගමට සහය සහය දී ඇත. ඔහුගේ ඊලග පියවර වූයේ ගිලන් රථ සේවයක් හදුන්වා දීමයි. 1907 ස්කැන්ඩිනේවියා හීදී ෆැල්ක් ඔවුන්ගේ මුල්ම ගිලන්රථය මිලදී ගන්නා ලදි. ඉන් පසුව 1908දී උතුරු කෝපන්හේගන් හීදී ජෙන්ටොෆ් පළාත් පාලන ආයතනය සමග ෆැල්ක් තම මුල්ම හදිසි සේවා ගිවිසුමට අත්සන් තබන ලදි. එමෙන්ම මුලු ඩෙන්මාර්කයේම 46 වෙනි රියදුරු බල පත‍්‍රය ලෙස ෆැල්ක් තම ගිලන්රථ බලපත‍්‍රය අත්පත් කරගන්නා ලදි. ගලවා ගැනීම් කණඩායම් සාර්ථක් වුවත්, ව්‍යපාරය මුල් වසර 15 තුළ සාර්ථක නොවීය.

Vigerslev ආපදා - The Vigerslev disaster
1190 වර්ෂයේ ගලවා ගැනීමේ කණ්ඩායම් වලට වෙනස් වීමක් වූයේ ඩෙන්මාර්ක් ඉතිහාසයේ භිහිසුනුම දුම්රිය මාර්ග අනතුරෙනි. කෝපන්හේගන් නගරයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙනි. ගලවා ගැනීමේ කණ්ඩායම් අඛංඩව ජනතාව ගලවා ගැනීමට වෙර දැරීය. 40 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර ඩෙන්මාර්ක් රජය මෙම ගලවා ගැනීමේ කණ්ඩායම් වලට මූල්‍යමය ආධාර සැපයීමට එකග විය. ඔවුන් ප‍්‍රසිද්ධ වු අතර මූල්‍යමය ආධර සහ බඩු බාහරාදිය අවශ්‍ය විය.

සොෆොස් සමාගම් උරුමය - The legacy from Sophos
සෝෆස් ෆැල්ක් පුත‍්‍රයන් වන රුඩොල්ෆ් හැරී සහ විලියම් මෙම ව්‍යපාරයට මහත් සේ හවුල් වී සිටීයි. 1926 සෝෆස්ගේ අභාවයෙන් පසුව ඔවුන් මෙම ව්‍යපාරය භාර ගත්තේය. වැඩිමහල් පුතණුවන් වූ රුඩෝල්ෆ් සහ විලියම් පොරමුණ ගත් අත්ර රුඩොල්ෆ් 1933 දී මරණයට පත්විය. විලියම් කළමණකරු වී සිටියේ 1966 ඔහුගේ මරණය සිදු වන තෙක් ෆැල්ගේ අවධානය විශිෂ්ඨ ගණයේ පාරිභෝගිකයන් සහ මහා පරිමාණ කාර්යාල දෙස යොමු වූ අතර, ඔහුගේ පුත‍්‍රයා මෙම ව්‍යපාර වෙනත් මාර්ගයක් ඔස්සේ ක‍්‍රියා කිරීමට පෙලඹින. රුඩෝල්ෆ් ෆැල්ක් වන පුත‍්‍රයා මාර්ග අනතුරු වලට, ගිනි ගැනීම්, ජලාශිත අනතුරු, හදිසි අනතුරු වලට සහය වීමට ක‍්‍රියා කල අතර මූල්‍යමය අර්බුද සහිත පවුල් ව්‍යපාර සහ කාර්යාල වලටද සහය විය. මෙම සියල්ල වාර්ෂික දායක මුදලින් පමණක් ස්ථාපිත විය.

1930 සිට 1950 තෙක් ෆැල්ක් ආයතනයේ අභිලාශය වුයේ ගිණි නිවීම් සහ ගලවාගැනීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමයි. මේ සදහා මූල්‍ය ආධාර ලබාදීම සිදුකරනුයේ රජයේ සහ පෞද්ගලික අංශ මගිනි. 1956 වර්ෂයේ ගිනි නිවීමේ අංශ 100ක් ඩෙන්මර්කය පුරා ආරම්භ විය. පසුව ගිලන් රථ සහ ගිනි නිවීම් අංශයන් වලින් ෆැල්ක් ආයතනය ප‍්‍රසිද්ධ විය. සාර්ථක පැවැත්මක් තිබූ ෆැල්ක් ආයතනය 1970 වර්ශයේ තෙල් අර්බුදයෙන් පීඩාවට පත්වූ ආර්ථික තත්ත්වයට මුහුණ දෙන්නට සිදු විය. ෆැල්ක් ආයතනය කිසි විටෙක කිසි කෙනෙකු පොහොසත් කලේ නැත. එහෙත් එම ආයතනයේ ගුණවත් බවන දිනෙන් දින හීන වී. 1975 ආදාමය සාර්ථක වුවත් එය ප‍්‍රමාණවත් නොවීය. කුන්වන සහ හතරවන ෆැල්ක් පරම්පරාවෙන් ජනතාවට සහය වූ අතර මූල්‍යමය ආධාර සදහා අවම අවධානයක් කෙමු කෙරිණ.

Falck ආයතන අලෙවි - Falck sold
1988 වර්ශයේ බැල්ටිකා රක්‍ෂණ සමාගම ෆැල්ක් ආයතනය මිලදී ගත්තේය. මෙම රක්‍ෂණ සමාගමට උවමනා වී තිබුනේ මෙවැනි ප‍්‍රසිද්ධ සමාගමක නාමය තමන් සතු වීමයි. 1991 වර්ශයේ නෝර්වේ හි මර්ග සහය සදහා සමාගමක් ආරම්භකල ෆැල්ක් ආයතනය ස්වීඩනය ඇතුලූ යුරෝපා මහද්වීපයම තුල මෙවන් සේවාවක් ආරම්භ කිරීමට අධිශ්ඨාන කර ගත්තේය.

Falck 2004 නව පිබිදීම - The new Falck 2004
2000 වර්ශයේ ෆැල්ක් ආයතනය හමුදාවන් සමග සබදතා ඇති කර ගත්තේය. කණ්ඩායම් 4 නමින් හැදින්වූ මෙම ආයතනය ලොව දෙවන විශාල ආරක්‍ෂාව සැපයීමේ ආයතනය විය. එහි අදහස වූයේ ආරක්‍ෂාව සහ මුදවා ගැනීම යන අංශ දෙකෙන්ම එකවර ක‍්‍රියා කිරීමයි. එය සාර්ථක වූයේ මෙම දෙඅංශ වල පරමාර්ථ විවිධාකාර වීමයි. ෆැල්ක් ආයතනය විස්වාසය සහ ජනතාවට සහය වීම පදනක් කරගත් අතර ආරක්‍ෂක අංශය පාලනය සහ නිරීක්‍ෂණ මමත මත පදනම් විය.

2004 වර්ශයේ ඇලන් සොගඩ් ලාසන් මහතා ෆැල්ක් ආයතනයේ නව ප‍්‍රධාන නිළධාරී බවට පත් වීය. ඔහු මෙම තත්ත්වයට දියුණු වූයේ පළාත් විධායක තනතුරෙනි. ලාසන් මහතා සහ ඔහුගේ සහායක විධායක නිළධාරීන්ගේ අදහස වූයේ ෆැල්ක සමාගම ජාත්‍යන්තර මට්ටමකට එසවීමයි. එය වසර 100 ක් අත්දැකීම් ප‍්‍රදාන ලෙස පදනම් විය. එම සැලැස්ම හැකි සෑම රටකටම ව්‍යප්ත කිරීම ආරම්භ කෙරිණ.

ස්ලෝවකිය රාජ්‍යය ගිලන් රථ සදහා ෆැල්ක ආයතනයේත් ටෙන්ඩර් කැදවූ අතර වර්ථමානයේ ස්ලෝවකිය රාජ්‍යය ප‍්‍රදාන ගිලන් රථ සේවය ෆැල්ක් ගිලන්රථ සේවයයි. රොමේනියා රාජ්‍යයට ගිනි නිවීමේ සේවාවන් අවශ්‍ය වූ අතර පෝලන්තයට සෞඛ්‍ය ප‍්‍රතිකාර සහය අවශ්‍ය විය. වත්මන් රටවල් දෙකෙහිම ෆැල්ක් සමාගම ස්ථාපිත වී ඇත. මෙම ජාත්‍යන්තර සැලැස්මෙහි ආරම්භය විය. ස්පාඤඤය, බල්ගේරියාව, සිංගපුපූරුව සහ මලයාසියාව ඇතුළු රටවල් 45ක 2015 අපේ‍්‍රල් මස වන විට ෆැල්ක් ආයතනය ස්ථාපිත වී ඇත.

Falck ආයතනයේ මූලික රටවල් - Major Falck countries
ඇමෙරිකාවේ 2015 අපේ‍්‍රල් වන විට සේවකයින් 4700 කට අධික සංඛ්‍යාවක් බදවා ගෙන ඇත. පෝලකන්තයේ සේවකයන් 3200ක් ස්ලොවැකියාවේ සේවකයින් 2500ක් ස්වීඩනයේ සේවකයින් 2000ක් සහ අසල්වැසි නෝර්වේ රාජ්‍යයේ සේවකයන් 400කය අධික පිරිසක් බදවාගෙන ඇත. ජර්මනියේ සේවකයන් 1700 කට අධික සේවක සංඛ්‍යාවක් සේවයේ ඇත. ලතින් ඇමරිකාවේ කොලොම්බියා, පැනමා, වෙනිසියුලා, උරුගුවේ, එල් සැල්වදෝර් සහ බ‍්‍රසීලය යන රටවල සේවකයන් 3000කට අධික පිරිසක් බදවා ගෙන ඇත.

ෆැල්ක් සමාගම ස්ථාපිත වී අති සියළු රටවල විස්තර පහත ලිගුව ඔස්සේ ලබාගත හැකිය. https://www.falck.com/en/global-presence/ සංරක්ෂණය කළ පිටපත 2015-06-15 at the Wayback Machine මෙම Falck ආයතනය විවිධ කොටස් හතරකට බෙදා ඇත. හදිසි (ගිනි සේවා, ගිලන් රථ සේවා ආදිය), උපකාර (මාර්ගය අසබඩ සේවා, ආදිය), සුවය සේවා (සායන, වෛද්ය සහායකයන්, වෛද්යවරුන්) සහ ආරක්ෂාව සේවා (මුහුදේ හා සුළං විදුලි බලාගාරයක් අංශය සඳහා මූලික වශයෙන් ආරක්ෂාව පුහුණු).

"https://si.wikipedia.org/w/index.php?title=Falck_(Denmark)&oldid=656893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි