Commuting

විකිපීඩියා වෙතින්
නිව්යෝක් නගරයෙහි උමං දුම්රියක කාර්යබහුල වෙලාවක ගමන් ගන්නා මඟීන්
Shinjuku දුම්රිය ස්ථානය කාර්යබහුල වෙලාවක
ප්‍රවාහණ තදබදය

කමියුටිං (ඉංග්‍රීසි:  Commuting) (ගමනාගමනය??) යනු එක් පදිංචි ස්ථානයක සිට ස්ථිර වැඩකරන ස්ථානයකට ගමන් කිරීමේ සහ දවසේ වැඩ අවසන් කර නැවත තම නිවසට පැමිණීමේ ක්‍රියාවලියයි. විද්‍යාලයක හෝ විශ්වවිද්‍යාලයකට ඇතුළුවී සිටින්නන් හා විශ්වවිද්‍යාලයෙන් ඈත පදිංචි සිසුන් ද ගමන් කරන්නන් ලෙස සැළකේ. එක්සත් ජනපදයේ නිදන ශාලා කිහිපයක් ඇති ආයතන හදුන්වන්නේ කොමියුටර් පාසැල් කියාය.


19 වැනි ශතවර්‍ෂයට පෙර කම්කරුවෝ පදිංචි වී සිටියේ තම රැකියා ස්ථානයට අඩු කාලයකින් ඇවිදගෙන යාමට හැකි තරම් සමීපයෙනි. නමුත් නූතන ගමන් කරන්නන් නගරයෙන් ඈත පිහිටි පිහිටි නගර හා ගම්වල සිට වැඩපොළ වලට එති.

ගමනාගමනය දිනපතා දක්නට ලැබෙන්නකි. මොටර් රථ, දුම්රිය, බස් රථ හා බයිසිකල් වැනි ප්‍රවාහන පහසුකම් භාවිත කරමින් සේවා ස්ථානවලට ආ හැකි බැවින් මේ කම්කරුවනට රැකියා ස්ථානයට ඈතින් පදිංචි වීමට පුළුවනි. සමහරවිට කැමැත්තෙන් හෝ නගරයේ ඇති නිවාසවල මිළ අධිකවීම නිසා හෝ ඔවුන්ට එසේ කිරීමට සිදුව ඇත.

නූතන ගමනාගමන ක්ෂේත්‍රය මිනිසුන්ගේ ජිවිත කෙරේ බෙහෙවින් බලපා ඇත. නගර විශාල ලෙස ප්‍රසාරණය වීමට ඉඩ දීමෙන් කලින් තිබුනාට වඩා අවට ප්‍රදේශ පසු බෑමට ලක්ව ඇත.බො‍හෝ නගර කොමියුටර් ‍ඩෙල්ට්ස් වලින් වටවී ඇත. එය නගරයේ වැඩ කරන අය පදිංචි ස්ථානයි. මේ ස්ථානවලට බො‍හෝවිට කියන්නේ කොමියු‍ටර් නගර, නිදන ශාලා නගර හෝ නිදන කාමර සමුහය යනුවෙනි.


බොහෝ මගීන් දවසේ එකම වෙලාවට ගමන් කරන බැවින් උදේට හා හවස් කාලයේ දී වාහන තදබදය වැඩි වේ . ‍පොදු වාහන පද්ධතිය නිසි පරිදි සැලසුම්කර නොතිබීම හා නඩත්තු නොකිරීම මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතුවයි. පොදු ප්‍රවාහන සේවය හෝ හවුලේ පාවිච්චිය කරන මෝටර් රථ වලට වඩා එක් පුද්ගයෙක් පමණක් පාවිච්චි කරන මෝටර් රථ නිසා ආකාර්යක්ෂම ඉන්ධන හා මහාමාර්ග පරිහරණයත් සිදුවේ. එසේ හෙයින් රථවාහන තදබදයටත් ,වායු දූෂණයටත් මොටර් රථවලින් වැඩි දායකත්වයක් ලැබේ.මෙයට පිළිතුරු වශයෙන් සමහර රජයන් හා ස්වාමිවරු පොදු ප්‍රවාහන සේවා හා කාර්යාල සේවා ඇති කර තිබේ. මඟියා යන වචනය කලින් පාවිච්චිකර ඇත්තේ අඩු මුදලක් ගෙවා ගමන් කරන්නා යන අරුතිනි.ඉඉ නියමිත දින ගණනකට, සතිගණනකට හෝ මාස ගණනකට කලින් මුදල් ගෙවා වලංගු දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් මිළදී ගැනීමටද පුලුවන. එවැනි ප්‍රවේශ පතකින් මඟියෙකුට වලංගු කාලය තුලදී ඕනෑම වාර ගණනක් ගමන් කළ හැකිවේ. ප්‍ර‍වේශ පත්‍රයේ කාල සීමාව වැඩිනම් දිනක ගාස්තුව අඩුවේ.

"https://si.wikipedia.org/w/index.php?title=Commuting&oldid=431278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි