Ayurveda (Overview)

විකිපීඩියා වෙතින්

ආයුර්වේදය (සමස්ත විග්‍රහය)[සංස්කරණය]

ආයුර්වේදාවත්වරණයට අනුව ආයුර්වේදය බිහිවී ඇත්තේ බ්‍රහ්ම නම් හින්දු දෙවියෙකු විසින් විශ්වය මැවීමේදී සිදු කරන ලද දිව්‍යමය හෙළිදරව්වකට අනුවය. මෙය අනෙකුත් දෙවියන් වෙත හෙළිදරව් කරන ලද්දේ දිව්‍යමය සාගරය කලඹමින් පැමිණි දිව්‍යමය චිකිත්සක වරයෙකු වු ධන වන්තරී විසිනි. බ්‍රහ්ම දේවියන් විසින් ආයුර්වේදය පිළිබද දැනුම ‍ශ්ලෝක ආකාරයට ගායනා කොට සෘජුවම දක්ෂ ප්‍රජාපතී වෙත යවන ලද අතර ධර්මයෙහි ආරක්ෂක දෙවියන් ලෙස හැදින් වෙන ඉන්ද්‍ර දෙවියන් හට අවසානයේදී එම දැනුම ලබාදෙන ලදී. මෙම ලේඛනයන්ට අනුව ප්‍රථම වරට ආයුර්වේදයෙහි නිපුණත්වයක් දක්වන ලද මානවයා වුයේ ඉන්ද්‍ර දෙවියන්ගෙන් ආයුර්වේදය උගත් බාරද්වාජයි. බාරද්වාජ විසින් ඉන්පසු ප්‍රාඥයින් කණ්ඩායමක් වෙත ආයුර්වේදය පිළිබද දැනුම ලබාදුන් අතර ඉන්පසු ඔවුන් විසින් තම ශිෂ්‍යයන් වෙත ඒ දැනුම ලබාදෙන ලදී. ආයුර්වේදය මුල්වරට ලේඛන ගත කොට ඇත්තේ අග්නිවේෂ මගින් අග්නිවේෂ්තන්ත්‍රනම් ග්‍රන්ථයේය. මෙම ගන්ත්‍රය පසුකාලීනව චරක විසින් සංශෝධනය කොට චරක සම්හිත ලෙස හදුන්වන ලදී. ආයුර්වේදය පිළිබදව සදහන් කෙරුණු වෙනත් ග්‍රන්ථයක් වන්නේ ධන වන්ත්‍රිගේ ශිෂ්‍යයෙකු වු ශුස්රුත විසින් රචිත ශුස්රුත සම්හිත නම් ග්‍රන්ථයයි. ශුස්රුත ආයුර්වේදයෙහි ශල්‍ය වෛද්‍යයෙහි පියා ලෙස හැදින්වේ. ශුස්රුත සම්හිතයෙහි ධනවන්ත්‍රි විසින් උගන්වනලද ශල්‍ය ක්‍රම වලට අමතරව ශුස්රුත විසින් නිරීක්ෂණයන් සහ සොයා ගැනීම් මගින් හෙළිදරවු කරන ලද විකලාංගවේදී , ප්‍රසව හා නාරිවේදී සහ අක්ෂි රෝග පිලිබදව ද විග්‍රහ කර ඇත. ශුස්රුත සම්හිතය හා චරක සම්හිතය තක්ෂිලා සහ නාලන්ද යන පුරාණ විශ්ව විද්‍යාලයන්හි පරීශීලනය කරන ලද ලිඛිත ග්‍රන්ථයන්ය. මෙම ග්‍රන්ථයන් රචනා වී ඇත්තේ මුල් යුගවල දී වන අතර ඒවා වේද සංස්කෘතියෙහි පුජනීය ලෙස සැලකේ. ආයුර්වේදයෙහි පුජනීයත්වය මූලික කොට සලකන අතර ආයුර්වේදයෙහි විවිධ අංගයන්හි පුජනීයත්වයෙන් සලකන කොටස් අන්තර්ගතය.

"https://si.wikipedia.org/w/index.php?title=Ayurveda_(Overview)&oldid=356720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි