කෝණය

විකිපීඩියා වෙතින්
(Angle වෙතින් යළි-යොමු කරන ලදි)
“<” කෝණ සංකේතයයි.

ජාමිතියේ සහ කෝණමිතියේ කෝණයක් (සම්පූර්ණ ලෙස තල කෝණයක්) යනු කෝණයේ ශීර්ෂය යැයි හඳුන්වන පොදු අන්ත ලක්ෂයකින් බෙදී යන රේඛා දෙක වෙන්කරන මුළු භ්‍රමණ ප්‍රමාණයයි. එය එක් රේඛාවක් ශිර්ෂය වටා භ්‍රමණය වී අනෙක් රේඛාව සමග සමපාත වීමෙන් හටගන්නා වෘත්ත චාපයේ දිග සැලකීමෙන් මැනිය හැක. (“කෝණ මැනීම” බලන්න) ‘කෝණය’ යන පදය එහි ජ්‍යාමිතික වින්‍යාසය හා එහි කෝණික විශාලත්වය යන දෙක සඳහාම අන්තර් හුවමාරු කරමින් භාවිතා කිරීම ව්‍යාකූලතාවක් ඇති නොකරයි.(මෙය සරල සංඛ්‍යාත්මක අගයක් පමණි).

මුල්ලක් යන අර්ථය ඇති ලතින් භාෂාවේ angulus යන වචන‍ෙයන් කෝණය සඳහා angle යන වචනය යෙදී ඇත. Angulus යනු විකාශනය වූ වචනයකි‍. මෙය ලතින් භාෂාවේ දක්නට නොලැබෙන අති පුරාණ angus යන වචනයෙන් පැමිණ ඇත. මෙයට සමජාතිය වචන නම් ලතින්වලින් ‘angere’ යන‘නැම්මකට සම්පීඩ්‍ය කරන්න’ හෝ ‘අවහිර කරන්න’ යන අර්ථය ඇති වදන හා ග්‍රීක් වලින් ἀγκύλος (ankylos) යන වදනය “නැම්ම වක්‍රය” යන අර්ථය ලබාදෙන වදනය. මේ දෙකම PIE මූලය *ank සමග සම්බන්ධ කළ වී “නැම්ම” හෝ “චාපය” යන අර්ථය ලැබේ.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කෝණය&oldid=481366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි