American family structure

විකිපීඩියා වෙතින්

ඇමෙරිකානු පවුල් ව්‍යුහය[සංස්කරණය]

ඇමෙරිකානු පවුල් ව්‍යුහයක් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ විවාහ වූ පුද්ගල දෙපලකින් යුක්ත වූ,තමන්ගේ දරුවනට ආරක්ෂාව සහ ස්ථායිතාව ලබාදෙන සාම්ප්‍රදායික පවුල නඩත්තු කරන පද්ධතියකි.කෙසේ වුවත්,මෙම දෙමාපියන් දෙපලකින් සමන්විත න්‍යෂ්ටිය පවුල එතරම් ව්‍යාප්ත නොවූ අතර, වෛකල්පිත පවුල් ආකෘති වඩා සුලභ විය. පවුලක ආරම්භය උපතකි,ඉන්පසු එය පරම්පරා ගණනාවක් ඒකාබද්ධ කරයි. එම පරම්පරා තුලින් නැන්දාවරුන්, මාමාවරුන් , ඥාති සහෝදර සහෝදරියන් ආදීන්ගෙන් සමන්විත වූ විස්තෘත පවුලක් තැනෙන අතර, ඔවුන් න්‍යෂ්ටික පවුලක වෙනුවෙන් සැලකිය යුතු භාවාත්මක සහ ආර්ථිකමය කාර්ය සංකේත දරයි.

කාලයාගේ ඇවෑමෙන්, මෙම සාම්ප්‍රදායික ව්‍යුහයට දික්කසාදය ,ඒකල-දෙගුරු පවුල්, නව යොවුන් ගැබ් ගැනීම් , අවිවාහක අම්මාවරු, සමලිංගිකතාව, සම-ලිංගික විවාහ, සහ දරුකමට හදාගැනීමේ උනන්දුව වැඩි වීම වැනි බලපෑම් ඇතිකරවන කාරණා හේතුකොටගෙන ඊට අනුගත වීමට සිදුවිය.කාන්තා විමුක්ති සංවිධාන වැනි සමාජ ව්‍යාපාර සහ පියා ගෙදර නැවති යුතු යන සංකල්ප මඟින් විකල්ප පවුල් ආකෘති ඇති කිරීමට,ඇමෙරිකානු පවුල් ව්‍යුහය තුල නව මතභේදයන් සහ සැලකිල්ලක් ජනනය කිරීමට රුකුල් දේ.

පවුල[සංස්කරණය]

න්‍යෂ්ටික පවුල සලකනු ලබන්නේ "සාම්ප්‍රදායික" පවුල ලෙසයි. න්‍යෂ්ටික පවුල මව, පියා සහ දරුවන්ගෙන් පමණක් සමන්විතය. ද්වී-දෙමාපිය න්‍යෂ්ටික පවුල එතරම් ව්‍යාප්ත නොවූ අතර, වෛකල්පිත පවුල් ආකෘති වඩා සුලභ විය. සම-ලිංගික සම්බන්ධතා, ඒකල-දෙමාපිය ගේදොර සහ තනිකඩයන් දරුවන්ව දරුකමට හදා ගැනීම වැනි දේ මීට අදාලය.වර්තමානයේ න්‍යෂ්ටික පවුල,අතීතයට වඩා අඩු දරුවන් සංඛ්‍යාවක් තෝරා ගැනීමට පෙලඹී ඇත.2000 දී, 18 ට අඩු දරුවන් සහිත විවාහ-යුවළ ගෘහස්ථයන් ප්‍රතිශතය , සියලු ගෘහස්ථයන්ගෙන් 23.5% ක් දක්වා පහල බැස ඇති අතර, එය 1990 දී 5.6%ක් ද, 1960 දී 45% විය.

ඒකල-දෙගුරුන්[සංස්කරණය]

අනෙක් ජෛව පියෙකු හෝ මවක නොමැතිව තනිව ම දරුවන් තනන්නා ඒකල-දෙගුරුන් ලෙස හැඳින්වේ. දික්කසාද සහ පූර්ව-විවාහ ගැබ් ගැනීම් නිසා ඒකල-දෙගුරු නිවෙස් ඉහල ගොස් ඇත. පසුගිය දශක තුන තුල ඒකල-දෙගුරුන් නිවෙස් ප්‍රතිශතය දෙගුණ වී ඇති අතර, ඒ නමුත් එම ප්‍රතිශතය 1900 සහ 1950 අතර කාලයේ තෙගුණ වී ඇත.විවාහය "සදාතන" යන හැඟීම දුර්වල වෙමින් පවතින අතර, පුද්ගලයන්ට විවාහය අතහැරීමට අතීතයට වඩා ඉඩ සකස් වී ඇත.

දෙවන විවාහ‍යකින් ඇතිවන පවුල[සංස්කරණය]

ඇමෙරිකාවේ දෙවන විවාහ‍යකින් ඇතිවන පවුල් සුලභ ලෙස දැකිය හැක . දික්කසාද වීමේ සීඝ‍්‍රතාව ඉහළ නගින අතර නැවත විවාහ වීමේ සීඝ‍්‍රතාව ඉහළ නගියි. එම නිසා දෙවන විවාහ‍යකින් ඇතිවන පවුල‍ බිහිවේ . සංඛ්‍යාලේඛණ වලට අනුව දෛනිකව 1,300 නව දෙවන විවාහ‍යකින් ඇතිවන පවුල් ජනිත වේ. ඇමෙරිකානු පවුල් වලින් අර්ධකට අධිකව නැවත විවාහ වූවන් වේ.එනම් 75% විවාහ අවසන් වන්නේ දික්කසාදකිනි. ස්ටුවර්ට්,එස්.ඩී(2007) බ්‍රේව් නිව් ස්ටෙප් ෆැමිලීස්.තවුසන්ඩ් ඕක්ස් : සේජ්

විස්තෘත පවුල[සංස්කරණය]

විස්තෘත පවුල නැන්දාවරුන්, මාමාවරුන් , ඥාති සහෝදර සහෝදරියන් ,පූර්වජනකයන්(සීයා හෝ අච්චි) ආදීන්ගෙන් සමන්විත වේ. උදා:-මව්පියෝ වයස්ගත වූ විට තම දරුවන් වෙත යාම. මෙහිදී විශේෂයෙන් ස්ත්‍රී නෑයන් තමන්ගෙන් සිදුවිය යුතු යුතුකම් ඉටු කිරීමට පෙළඹේ .


භූමිකාවන් හා සම්බන්ධතාවන්[සංස්කරණය]

විවාහ වූ සහකාරයන්[සංස්කරණය]

විවාහ වූ යුවළක් නිර්වචනය කරනනේ "ස්වාමියා හා බිරිය ගණන් ගනු ලබන්නේ එකම ගෘහස්ථ සාමාජිකයන් ලෙසය" යූ.එස්. සංගණනය රජයේ මණ්ඩලය මඟිනි. 1940 සිට ඇමෙරිකාවේ විවාහ සීඝ‍්‍රතාව අඩු වී ඇති අතර,දික්කසාද සීඝ‍්‍රතාව ඉහල ගොස් ඇත.

අවිවාහක සහකාරයන්[සංස්කරණය]

අවිවාහක සහකාරයන් ලෙස ජීවත් වීම සහවාසය නම් වේ. ඇමෙරිකාවේ විෂම ලිංගික අවිවාහක යුවළවල් ගණන දස ගුණයකින් ඉහල ගොස් ඇති අතර (එනම් 1960 දී 400,000 , 2005 දී මිලියන පහකට වැඩි ). සම-ලිංගික සගයන් ඇතුළත් වූ විට මෙය අවම වශයෙන් තවත් 594,000 පමණ එකතු වේ . සියලු අවිවාහක යුවළ‍වල් සැලකූවිට, 9කින් 1 කෙනකු (සියලු අවිවාහක යුවළ‍වල්ගෙන් 11.1% ක්) සමලිංගිකයන්ය. වර්තමානයේ පරපුරේ, "සහවාස ජීවන චර්‍යාව" වඩා ජනප්‍රිය එකකි .එසේ විවාහ නොවී සිටීම ඉතා පහසුය, ඊට හේතුව එය ලාබදායී හා සරල වීමයි .සමාජ තුල දික්කසාද සීඝ‍්‍රතාව ඉහලයාමත් සමඟම , විවාහය පිළිබඳ වූ ආසාව අඩු වී ඇත.

ගෘහණියන්[සංස්කරණය]

ගෘහණියක් යනු විවාහක කාන්තාවක් වන අතර නිවෙස හා දරුවන් බලා කියා ගන්නා නමුත් නිවෙසින් පිට නිවසට ආදායමක් සඳහා රක්ෂාවක් නොකරයි. . මීට ඉවුම්-පිහුම්, රෙදි සේදීම, පිරිසිදු කිරීම, යනාදිය දේ ඇතුලත් වේ. වෘත්තිය පසුපස්සේ ලුහුබැඳීමට පටන්ගත් දා සිට නිවස තුල ගේ භූමිකාව විශාල වශයෙන වෙනස් විය.නිවස තුල වැඩ සඳහා වැය කළ කාලය ,1965 දී සතියට පැය 27 කි 1995 දී පැය 16 අඩු කාලයකි .නමුත් තවමත් ගැහැනිය පිරිමියාට වඩා නිවස තුල වැඩ වල යෙදේ.

මව්පියෝ[සංස්කරණය]

මව්පියෝ ලෙස හඳින්විය හැක්කේ ජෛව මව හෝ ජෛව පියා, හෝ හදා ගත් දරුවන් සඳහා නම් නීතිමය භාරකාරු වේ . සාම්ප්‍රදායිකව, මව විසින් ළමයින් බලාකියාගන්නා අතර පියා පවුලට අවශ්‍ය මූදල් සම්පාදනය කරයි. මව්පියන්ගේ වයස් පන්තිය නව යොවුන් වියේ මව්පියන් සිට මුණුපුරන් බලා ගන්නා සීයා/ආච්චී දක්වා විහිදේ. වයසක මව්පියන් තරුණ මව්පියන්ට වඩා බොහෝ විට ආර්ථිකමය ලෙස ශකතිමත් සහ සාමාන්‍යයෙන් ප්‍රශ්න අඩු නිසා ළමයි හැදීමට පෙලඹිම වැඩිය.

පවුලේ නඩත්තු කරන්නා[සංස්කරණය]

මොහු/මැය පවුලේ ප්‍රධාන මූල්‍ය ප්‍රතිපාදකයා වේ.අතීතයේ ස්වාමියා පවුලේ නඩත්තු කරන්නා විය; එම නැම්ම වෙනස් කරමින් භාර්ය්‍යාවන් තමන්ගේ මූල්‍ය ස්වාධීනත්වය ලබාගැනීමට ආරම්භ කලේ කාන්තා ව්‍යපාර වලින් කල තල්ලුවද හේතහුකොට ගෙනය.නිව් යෝක් ටයිම්ස් සඟරාවට අනුව , " 2001 දී,විවාහ වූ රැකියාවක් කරන භාර්ය්‍යාවන්ගෙන් 1/3 තමාගේ ස්වාමියාට වඩා උපයයි. .තවමත්, න්‍යෂ්ටික පවුල් තුල දෙදෙනාම රක්ෂාවේ යෙදයි. එසේවුවත් තවමත් බොහෝ පුරුෂ පක්ෂය ගේදොර වැඩ දරන්නේ අඩු වගකීමකි.

පියා ගෙදර සිටීමේ සංකල්පය[සංස්කරණය]

එවැනි පියවරු රැකියාවක් නොකරන අතර ගෘහණියට සමතුල්‍යය පුරුෂයන් වේ.ඇමෙරිකානු සමාජය තුල මෙය එතරම් ප්‍රචලිත නොවූවකි. යූ.එස්. සංගණන ආයතනයට අනුව, "105,000 පමණ මෙවනි පුරුෂයන් සිටින බ‍වට තක්සේරු ගත කර ‍ඇත. 15 අඩු දරුවන් සිටින මෙවන් විවාහක පියවරු තම පවුලේ සාමාජිකයන් රැක බලාගැනීමට සිටින අතර ඔවුනගේ භාර්ය්‍යාවන් රැකියාවක යෙදේ.

දරුවෝ[සංස්කරණය]

තනි දරු පවුල්[සංස්කරණය]

එකම දරුවා සාමාන්‍යයෙන් නරක් වන, තමා ගැන ම පමණක් සලකන, සහ ආත්මාර්ථකාමී අය වන බවට සමාජයේ විශ්වාසයක් ඇත.කෙසේ නමුත්, මොවුන් විද්‍යාලය තුල හෝ වෘත්තිය තුල අනෙක් දරුවන් යමකින් විශිෂ්ටත්වය දක්වයි. ප්‍රසිද්ධ එකම දරුවන් ලෙස ලියනාඩෝ ඩා විනචි, ඇල්බට් අයින්ස්ටයින්, එල්විස් ප්‍රෙස්ලි , සහ ජීන්-පෝල් සාට්‍රේ ගෙනහැර දැක්විය හැක.

හදා ගත් ළමයි[සංස්කරණය]

හදා ගත් ළමයි යනු උපත ලැබූ , නමුත් තම සැබෑ දෙමාපියන් විසින් අත්හළ හෝ රැකබලා ගැනීමට අපොහොසත් වූ දරුවන් වේ. ඔවුන් තම නිත්‍ය වාසස්ථානය සොයාගන්නා තෙක් ලමා නිවාස හෝ වෙනත් නිවාසයක හැදී වැඩේ. හදා ගත් ළමයින් ලමා නිවාස තුල හදාවඩා ගැනීම තරමක් දුෂ්කර කාර්‍යකි: 2001 දී හදා ගත් ළමයි ගණන 50,000 පමණ වේ. වයසේ සාමාන්‍යය වසර 7 කි. මෙමඟින් හදා ගත් ළමයින් ඉතා කුඩා වයසැති බව පෙනේ.

"https://si.wikipedia.org/w/index.php?title=American_family_structure&oldid=461940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි