ඇමෙරිකානු පවුල් ව්‍යුහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඇමෙරිකානු පවුල් ව්‍යුහයක් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ විවාහක දෙපලකින් යුක්ත ,තම ජීවවිද්‍යාත්මක දරුවනට ආරක්ෂාව සහ ස්ථායිතාව සපයන සාම්ප්‍රදායික පවුල් නඩත්තු කිරීමේ පද්ධතියකි.කෙසේ වෙතත්, මවුපිය දෙපලකින් සමන්විත න්‍යෂ්ටික පවුලේ ව්‍යාප්තිය අඩු වී ඇති අතර , වෛකල්පිත පවුල් ආකෘති වඩා සුලභ වී ඇත. උපතකින් ඇරඹෙන පවුල ඉන්පසු පරම්පරා ගණනාවක් ඒකාබද්ධ කරයි. එම පරම්පරාවල් තුලින් නැන්දාවරුන්, මාමාවරුන්, ආච්චිලා,සීයලා සහ ඥාති සහෝදර සහෝදරියන්ගෙන් සමන්විත වූ විස්තෘත පවුලක් තැනෙන අතර, ඔවුන් න්‍යෂ්ටික පවුල උදෙසා සැලකිය යුතු මට්ටමේ භාවාත්මක සහ ආර්ථිකමය භූමිකාවන් නිරුපනය කරනු ලබයි.

කාලයාගේ ඇවෑමෙන්, මෙම සාම්ප්‍රදායික ව්‍යුහයට, දික්කසාදය ,ඒකල-දෙගුරු පවුල්, නව යොවුන් ගැබ් ගැනීම් , අවිවාහක මවුවරුන් සමලිංගිකතාව, සම-ලිංගික විවාහ සහ දරුකමට හදාගැනීමේ උනන්දුව වැඩි වීම වැනි කාරණා හේතුකොටගෙන, බලගතු වෙනස්කම් වලට අනුගත වීමට සිදුවී ඇත.කාන්තා විමුක්ති සංවිධාන ,පියා නිවසේ නැවතිය යුතුය යන සංකල්ප ආදී සමාජ මතවාද මඟින්, ඇමෙරිකානු පවුල් ව්‍යුහය පිලිබඳ නව මතවාදයන් සහ සම්බන්ධයන් ජනනය කරමින්, විකල්ප පවුල් ආකෘති නිර්මාණය කිරීමට තම දායකත්වය සපයනු ලබයි.

පවුල[සංස්කරණය]

න්‍යෂ්ටික පවුල සලකනු ලබන්නේ "සාම්ප්‍රදායික" පවුල ලෙසයි. න්‍යෂ්ටික පවුල මව, පියා සහ දරුවන්ගෙන් පමණක් සමන්විතය. ද්වී-දෙමාපිය න්‍යෂ්ටික පවුල එතරම් ව්‍යාප්ත නොවූ අතර, වෛකල්පිත පවුල් ආකෘති වඩා සුලභ විය. සම-ලිංගික සම්බන්ධතා, ඒකල-දෙමාපිය ගේදොර සහ තනිකඩයන් දරුවන්ව දරුකමට හදා ගැනීම වැනි දේ මීට අදාලය.වර්තමානයේ න්‍යෂ්ටික පවුල,අතීතයට වඩා අඩු දරුවන් සංඛ්‍යාවක් තෝරා ගැනීමට පෙලඹී ඇත.2000 දී, 18 ට අඩු දරුවන් සහිත විවාහ-යුවළ ගෘහස්ථයන් ප්‍රතිශතය , සියලු ගෘහස්ථයන්ගෙන් 23.5% ක් දක්වා පහල බැස ඇති අතර, එය 1990 දී 25.6%ක් ද, 1960 දී 45% විය.

ඒකල-දෙගුරුන්[සංස්කරණය]

අනෙක් ජෛව පියෙකු හෝ මවක නොමැතිව තනිව ම දරුවන් තනන්නා ඒකල-දෙගුරුන් ලෙස හැඳින්වේ. දික්කසාද සහ පූර්ව-විවාහ ගැබ් ගැනීම් නිසා ඒකල-දෙගුරු නිවෙස් ඉහල ගොස් ඇත. පසුගිය දශක තුන තුල ඒකල-දෙගුරුන් නිවෙස් ප්‍රතිශතය දෙගුණ වී ඇති අතර, ඒ නමුත් එම ප්‍රතිශතය 1900 සහ 1950 අතර කාලයේ තෙගුණ වී ඇත.විවාහය "සදාතන" යන හැඟීම දුර්වල වෙමින් පවතින අතර, පුද්ගලයන්ට විවාහය අතහැරීමට අතීතයට වඩා ඉඩ සකස් වී ඇත.

දෙවන විවාහ‍යකින් ඇතිවන පවුල[සංස්කරණය]

ඇමෙරිකාවේ දෙවන විවාහ‍යකින් ඇතිවන පවුල් සුලභ ලෙස දැකිය හැක . දික්කසාද වීමේ සීඝ‍්‍රතාව ඉහළ නගින අතර නැවත විවාහ වීමේ සීඝ‍්‍රතාව ඉහළ නගියි. එම නිසා දෙවන විවාහ‍යකින් ඇතිවන පවුල‍ බිහිවේ . සංඛ්‍යාලේඛණ වලට අනුව දෛනිකව 1,300 නව දෙවන විවාහ‍යකින් ඇතිවන පවුල් ජනිත වේ. ඇමෙරිකානු පවුල් වලින් අර්ධකට අධිකව නැවත විවාහ වූවන් වේ.එනම් 75% විවාහ අවසන් වන්නේ දික්කසාදකිනි. ස්ටුවර්ට්,එස්.ඩී(2007) බ්‍රේව් නිව් ස්ටෙප් ෆැමිලීස්.තවුසන්ඩ් ඕක්ස් : සේජ්

විස්තෘත පවුල[සංස්කරණය]

විස්තෘත පවුල නැන්දාවරුන්, මාමාවරුන් , ඥාති සහෝදර සහෝදරියන් ,පූර්වජනකයන්(සීයා හෝ අච්චි) ආදීන්ගෙන් සමන්විත වේ. උදා:-මව්පියෝ වයස්ගත වූ විට තම දරුවන් වෙත යාම. මෙහිදී විශේෂයෙන් ස්ත්‍රී නෑයන් තමන්ගෙන් සිදුවිය යුතු යුතුකම් ඉටු කිරීමට පෙළඹේ .

භූමිකාවන් හා සම්බන්ධතාවන්[සංස්කරණය]

විවාහ වූ සහකාරයන්[සංස්කරණය]

විවාහ වූ යුවළක් නිර්වචනය කරනනේ "ස්වාමියා හා බිරිය ගණන් ගනු ලබන්නේ එකම ගෘහස්ථ සාමාජිකයන් ලෙසය" යූ.එස්. සංගණනය රජයේ මණ්ඩලය මඟිනි. 1940 සිට ඇමෙරිකාවේ විවාහ සීඝ‍්‍රතාව අඩු වී ඇති අතර,දික්කසාද සීඝ‍්‍රතාව ඉහල ගොස් ඇත.

අවිවාහක සහකාරයන්[සංස්කරණය]

අවිවාහක සහකාරයන් ලෙස ජීවත් වීම සහවාසය නම් වේ. ඇමෙරිකාවේ විෂම ලිංගික අවිවාහක යුවළවල් ගණන දස ගුණයකින් ඉහල ගොස් ඇති අතර (එනම් 1960 දී 400,000 , 2005 දී මිලියන පහකට වැඩි ). සම-ලිංගික සගයන් ඇතුළත් වූ විට මෙය අවම වශයෙන් තවත් 594,000 පමණ එකතු වේ . සියලු අවිවාහක යුවළ‍වල් සැලකූවිට, 9කින් 1 කෙනකු (සියලු අවිවාහක යුවළ‍වල්ගෙන් 11.1% ක්) සමලිංගිකයන්ය. වර්තමානයේ පරපුරේ, "සහවාස ජීවන චර්‍යාව" වඩා ජනප්‍රිය එකකි .එසේ විවාහ නොවී සිටීම ඉතා පහසුය, ඊට හේතුව එය ලාබදායී හා සරල වීමයි .සමාජ තුල දික්කසාද සීඝ‍්‍රතාව ඉහලයාමත් සමඟම , විවාහය පිළිබඳ වූ ආසාව අඩු වී ඇත.

ගෘහණියන්[සංස්කරණය]

ගෘහණියක් යනු විවාහක කාන්තාවක් වන අතර නිවෙස හා දරුවන් බලා කියා ගන්නා නමුත් නිවෙසින් පිට නිවසට ආදායමක් සඳහා රක්ෂාවක් නොකරයි. . මීට ඉවුම්-පිහුම්, රෙදි සේදීම, පිරිසිදු කිරීම, යනාදිය දේ ඇතුලත් වේ. වෘත්තිය පසුපස්සේ ලුහුබැඳීමට පටන්ගත් දා සිට නිවස තුල ගේ භූමිකාව විශාල වශයෙන වෙනස් විය.නිවස තුල වැඩ සඳහා වැය කළ කාලය ,1965 දී සතියට පැය 27 කි 1995 දී පැය 16 අඩු කාලයකි .නමුත් තවමත් ගැහැනිය පිරිමියාට වඩා නිවස තුල වැඩ වල යෙදේ.

මව්පියෝ[සංස්කරණය]

මව්පියෝ ලෙස හඳින්විය හැක්කේ ජෛව මව හෝ ජෛව පියා, හෝ හදා ගත් දරුවන් සඳහා නම් නීතිමය භාරකාරු වේ . සාම්ප්‍රදායිකව, මව විසින් ළමයින් බලාකියාගන්නා අතර පියා පවුලට අවශ්‍ය මූදල් සම්පාදනය කරයි. මව්පියන්ගේ වයස් පන්තිය නව යොවුන් වියේ මව්පියන් සිට මුණුපුරන් බලා ගන්නා සීයා/ආච්චී දක්වා විහිදේ. වයසක මව්පියන් තරුණ මව්පියන්ට වඩා බොහෝ විට ආර්ථිකමය ලෙස ශකතිමත් සහ සාමාන්‍යයෙන් ප්‍රශ්න අඩු නිසා ළමයි හැදීමට පෙලඹිම වැඩිය.

පවුලේ නඩත්තු කරන්නා[සංස්කරණය]

මොහු/මැය පවුලේ ප්‍රධාන මූල්‍ය ප්‍රතිපාදකයා වේ.අතීතයේ ස්වාමියා පවුලේ නඩත්තු කරන්නා විය; එම නැම්ම වෙනස් කරමින් භාර්ය්‍යාවන් තමන්ගේ මූල්‍ය ස්වාධීනත්වය ලබාගැනීමට ආරම්භ කලේ කාන්තා ව්‍යපාර වලින් කල තල්ලුවද හේතහුකොට ගෙනය.නිව් යෝක් ටයිම්ස් සඟරාවට අනුව , " 2001 දී,විවාහ වූ රැකියාවක් කරන භාර්ය්‍යාවන්ගෙන් 1/3 තමාගේ ස්වාමියාට වඩා උපයයි. .තවමත්, න්‍යෂ්ටික පවුල් තුල දෙදෙනාම රක්ෂාවේ යෙදයි. එසේවුවත් තවමත් බොහෝ පුරුෂ පක්ෂය ගේදොර වැඩ දරන්නේ අඩු වගකීමකි.

පියා ගෙදර සිටීමේ සංකල්පය[සංස්කරණය]

එවැනි පියවරු රැකියාවක් නොකරන අතර ගෘහණියට සමතුල්‍යය පුරුෂයන් වේ.ඇමෙරිකානු සමාජය තුල මෙය එතරම් ප්‍රචලිත නොවූවකි. යූ.එස්. සංගණන ආයතනයට අනුව, "105,000 පමණ මෙවනි පුරුෂයන් සිටින බ‍වට තක්සේරු ගත කර ‍ඇත. 15 අඩු දරුවන් සිටින මෙවන් විවාහක පියවරු තම පවුලේ සාමාජිකයන් රැක බලාගැනීමට සිටින අතර ඔවුනගේ භාර්ය්‍යාවන් රැකියාවක යෙදේ.

දරුවෝ[සංස්කරණය]

තනි දරු පවුල්[සංස්කරණය]

එකම දරුවා සාමාන්‍යයෙන් නරක් වන, තමා ගැන ම පමණක් සලකන, සහ ආත්මාර්ථකාමී අය වන බවට සමාජයේ විශ්වාසයක් ඇත.කෙසේ නමුත්, මොවුන් විද්‍යාලය තුල හෝ වෘත්තිය තුල අනෙක් දරුවන් යමකින් විශිෂ්ටත්වය දක්වයි. ප්‍රසිද්ධ එකම දරුවන් ලෙස ලියනාඩෝ ඩා විනචි, ඇල්බට් අයින්ස්ටයින්, එල්විස් ප්‍රෙස්ලි , සහ ජීන්-පෝල් සාට්‍රේ ගෙනහැර දැක්විය හැක.

හදා ගත් ළමයි[සංස්කරණය]

හදා ගත් ළමයි යනු උපත ලැබූ , නමුත් තම සැබෑ දෙමාපියන් විසින් අත්හළ හෝ රැකබලා ගැනීමට අපොහොසත් වූ දරුවන් වේ. ඔවුන් තම නිත්‍ය වාසස්ථානය සොයාගන්නා තෙක් ලමා නිවාස හෝ වෙනත් නිවාසයක හැදී වැඩේ. හදා ගත් ළමයින් ලමා නිවාස තුල හදාවඩා ගැනීම තරමක් දුෂ්කර කාර්‍යකි: 2001 දී හදා ගත් ළමයි ගණන 50,000 පමණ වේ. වයසේ සාමාන්‍යය වසර 7 කි. මෙමඟින් හදා ගත් ළමයින් ඉතා කුඩා වයසැති බව පෙනේ.

මතභේදය[සංස්කරණය]

සම-ලිංගික විවාහ, දරුකමට හදාගැනීම[සංස්කරණය]

සම-ලිංගික මව්පියෝ යනු දරුවන් දරුකමට හදාගන්නා සමලිංගික පිරිමි හෝ ස්ත්‍රී සමලිංගික යුග්මයන් වෙති. ඇමෙරිකාවේ අවු.18 අඩු දරුවන් සහිත 66% ක් ගැහැණු සම-ලිංගික යුවළවල් හා 44% ක් පිරිමි සම-ලිංගික යුවළවල් ජීවත් වේ.මොවුන් සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාවගෙන් වෙනස්කම් සිදුවේ.2000 දී කල සංගණනයට අනුව, සම-ලිංගික යුවළවල් 594,000 ගෘහස්ථයන් පවතින අතර, එයින් 72% කට ළමයින් ඇත. 2004 දී, ඇමෙරිකානු මනෝමය හවුල ප්‍රකාශයට පත්කලේ "ගවේෂණයේ සමස්ත ප්‍රතිඵලය මඟින් සම-ලිංගික මව්පියන් සිටින ළමයින‍ගේ සංවර්ධනය, හැඩ ගැසීම, ශුභ සාධනය විෂම ලිංගික මව්පියන් සිටින දරුවන්ගෙන් වෙනස් නොවන බවයි".

ඒකල-දෙගුරු ගෘහස්ථයන්[සංස්කරණය]

වර්තමාන ඇමෙරිකානු සමාජයේ ඒකල-දෙගුරු ගෘහස්ථයන් සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.අවිවාහක ජෝඩුවලට සහ විවාහය අතරමඟ අවසාන වන ජෝඩුවලට උපන් දරුවන් ,තනි වූ පියා හෝ මව සමඟ ජීවත් වේ. අවිවාහක පියා හෝ මව සමඟ වෙසන දරුවන් ප්‍රමාණය , 1960 දී 4% සිට 2001 දී 42% දක්වා ඉහල ගොස් ඇත. සියලු ඒකල-දෙගුරු ගෘහස්ථයන්ගෙන්, 83% ක් මව සහ දරුවන් සිටින ගෘහස්ථයන්ය.

දරුකමට හදාගැනීමට සපිරිය යුතු අවශ්‍යතා[සංස්කරණය]

දරුවන් හදාගැනීමට සපිරිය යුතු අවශ්‍යතා සහ ප්‍රතිපත්තීන් හේතුවෙන් දරුවන් හදාගැනීමට ගන්නා පවුල් සදහා මෙය යම්තාක් දුෂ්කර කාර්යයක් ව් තිබේ.යම් පවුලක් විසින් දරුවෙකු හදාගැනීමට පෙර ඔවුන්ට රජයේ සහ ඊට අනුබද්ධිත ආයතනයන්හි ක්‍රියාපටිපාටියන්ට එකගව කටුයුතු කිරීමට සිදුවේ.දරුවන් හදාගැනීමට අනුබද්ධිත ආයතන වල නීති හා කොන්දේසි මගින් දරුවා හදාගැනීමට ගන්නා යුවලයන්ගේ වයස් ප්‍රාන්තරය මෙන්ම තනිකඩයන්ට වඩා විවාහක යුවල් සදහා ඇති දැඩි අභිලාශය ප්‍රකාශ කෙරේ.එමෙන්ම හදාගැනීමට ගන්නා මවුපියන් දරුවාගේ ජෛව දෙමව්පියන් විසින් ඉදීරිපත් කරනු ලබන කොන්දේසි වලටද එකග විය යුතුය.මෙම විසම ක්‍රියාපිළිවෙත් හේතුවෙන් යමෙකුට තමාට අවශ්‍ය පරිදි දරුවන් දරුකමට හදාගැනීම අසීරු වී තිබේ.කෙසේ වුවද මෙම සපිරිය යුතු පිළිවෙත් දරුකමට හදාගන්න ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහත් ඉවහල් වී තිබේ.වර්තමානයේදී මිලියන 1.5 ක්ම දරුකමට හදාගත් ළමුන් වන අතර ඇමරිකානු සමාජයේ සිටින එවැනි ළමුන්ගේ ප්‍රතිශතය 2% කි.මෙම දරුවන් දරුකමට හදාගනිමෙදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් කිහිපයකි.එනම් "කලල හදාගැනීම" හෙවත් යම් යුවලකට දරුවකු ගැබ් ගැනීම අපොහොසත් වූ විටදී ගර්භාෂායෙන් පිටතදී ඔවුන්ගේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් ඒකාබද්ද කිරීමයි. තවත් ක්‍රමයක් වන්නේ අන්තර් ජාතීය වශයෙන් දරුවන් හදාගැනීම හෙවත් විදේශීය රටවලින් පැමිණෙන දරුවන් හදාගැනීමය.අවසන් වශයෙන් දරුවන් හදාගැනීමේදී බහුලවම පිළිගත් ක්‍රමවේදය වන්නේ "පුද්ගලික හදාගනීම්"ය.මෙහිදී දරුවන් දරුකමට හදාගැනීම සදහා ගනු ලබන්නේ ඒ සහා බලයලත් ආයතනයක් මගින් හෝ එම දරුවාගේ ජෛව දෙමව්පියන් සමග ඍජුව සම්බන්ධ වෙමිනි.

පිරිමි/ගැහැණු භූමිකාවන්ට ඇති බලපෑම්[සංස්කරණය]

කාලයත් සමඟ න්‍යෂ්ටික පවුල තුල සාම්ප්‍රදායික "පියා"හා "මාතෘ"භූමිකාවන් වියැකී යමින් පවතී. ඊට හේතුව කාන්තා ව්‍යපාර මඟින් කාන්තාවන් වඩාත් පෞද්ගලිකත්වය හා ආර්ථික ස්ථායිතාවට දෙසට නැඹුරු කිරීම , හා කාන්තාවන් විසින් ළමයින් බලාගන්නා කාලය වෘත්තිය ගොඩනංවා ගැනීමට යොදා ගැනීම, සාම්ප්‍රදායික භූමිකාවන් වන පියා "පවුලේ අය නඩත්තු කරන්නා" ලෙස හා මව "රක්ෂකයා" ලෙස තිබූ භූමිකාවන් ප්‍රශ්ණාර්ථයක් වීමයි.

අප්‍රිකානු - ඇමෙරිකානුවන්ගේ පවුල් ව්‍යුහය[සංස්කරණය]

අප්‍රිකානු - ඇමෙරිකානුවන්ගේ පවුල් ව්‍යුහය, ජාතික මහජන ප්‍රතිපත්තියක අවධානය යොමුවන මට්ටමට පත්වී ඇත. 1965 දී ඩැනියෙල් පැට්‍රික් මොඉනිහන් විසින් එළිදක්වනු ලැබූ, මොඉනිහන් වාර්තාව ලෙසද හඳුන්වනු ලබන වාර්තාව මගින්, කළු ජාතිකයන් අතර පවත්නා දරිද්‍රතාවය සහ පවුල් ව්‍යුහය අතර සබඳතාව අධ්‍යනය කොට ඇත. කළු ජාතිකයන්ගේ න්‍යෂ්ටික පවුල් ව්‍යුහයේ විනාශය , ඔවුන්ගේ ආර්ථික සහ දේශපාලනික සමානාත්මතාවය තවදුරටත් වර්ධනය වීමෙහිලා බාධා පමුණුවන බව එමගින් උපකල්පනය කොට ඇත.

රූපවාහිනී රඟදැක්වීම්(නිරුපනයන් / වැඩසටහන් )[සංස්කරණය]

ආරම්භයේදී රූපවාහිනී කර්මාන්තය ඇමෙරිකානු න්‍යෂ්ටික පවුලේ ඒකකෘතිය නිර්මාණය කිරීමට උපකාරී විය. දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු උද්ගත වුනු, දරු උපත් ප්‍රමාණය ඉහල නැගී කාල වකවානුව අතරතුරේදී, පවුල යන්න විශේෂයෙන්ම රූපවාහිනියේ ජනප්‍රියම සමාජ මාතෘකාවක් බවට පත් විය. "ද කොස්බි ෂෝ ", "මැරිඩ් විත් චිල්රන් ", "ලීව් ඉට් ටු බිවර් ", "ද ජෙෆර්සන්ස් " සහ "ගුඩ් ටයිම්ස් " වැනි පවුලේ නාට්‍යන් විසින් ඇමෙරිකාව තුල වැඩුණු විවිධ සමාජ මට්ටම් වලට අයත් පවුල් නිරුපනය කරනු ලැබීය. කාලයාගේ ඇවෑමෙන් මෙම අංගසම්පුර්ණ න්‍යෂ්ටික පවුල පිලිබඳ සංකල්පය ඉදිරිපත් කිරීම වෙනස්වී, වඩාත් යථාර්තවාදී වුනු ඒකල - දෙගුරුන් , දික්කසාද වුනු පවුල්, වියපත් තනිකඩ පුද්ගලයින් ආදී සමාජ සංකල්ප ඉදිරිපත් කිරීමට යොමු විය. "හාෆ් ඇන්ඩ් හාෆ් ", "වන් ඔන් වන්" , "මර්ෆි බ්‍රෞන්" සහ "ගිල්මෝර් ගර්ල්ස් "ආදී රුපවාහිනී වැඩසටහන් මගින් ඒකල - දෙගුරු පවුල් පිලිබඳ කතාවන් ඉදිරිපත් කෙරුණි. මෙකල වඩාත්ම ජනප්‍රිය රුපවාහිනී වැඩසටහන් වී ඇත්තේ තනිකඩ ජීවිතය පදනම් කරගෙන තැනුණු වැඩසටහන්ය. උදාහරණයක් ලෙස "සෙක්ස් ඇන්ඩ් ද සිටි " වැඩසටහන මගින් ඉදිරිපත් කරන්නේ, මිතුරියන් කණ්ඩායමක් අතර පවතින සම්බන්ධතාවයන් සහ ඔවුන් ආදරය ලබාගැනීමට වෑයම් කරන ආකාරයන් ගැනයි.