Abayagiriya

විකිපීඩියා වෙතින්

අභයගිරි විහාරය අභයගිරි විහාරය

අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.

මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්දා, ජගද්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට පටුන

   1 අභයගිරි විහාරය
   2 අභයගිරි විහාරයේ අංග
       2.1 වන්දනීය ස්ථාන
           2.1.1 අභයගිරි දාගැබ
           2.1.2 අභයගිරියේ කුඩා දාගැබ්
           2.1.3 බෝධි ඝරය සහ සමාධි බුදු පිළිමය
       2.2 භික්‍ෂුන් පරිහරනය කල ස්ථාන
           2.2.1 රත්න ප්‍රසාදය
           2.2.2 ඇත් පොකුණ
           2.2.3 කුට්ටම් පොකුණ
           2.2.4 සුදස්සන පඨානඝරය
   3 සුවිශේෂී කලා නිරිමාණ
       3.1 අභයගිරි සඳකඩපහණ
       3.2 අභයගිරි අවලෝකිතේශ්වර බොධිසතත්‍ව පිළිමය
       3.3 මුලාශ්‍ර
   4 මේවාද බලන්න
   5 බාහිර සබැඳි

අභයගිරි විහාරය

ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්බා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලා යයි යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් හිමියන් සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි කිත්සිරිමෙවන් රජ දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. ලංකා‍රාමය මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය. අභයගිරි විහාරයේ අංග වන්දනීය ස්ථාන අභයගිරි දාගැබ ප්‍රධාන ලිපිය: අභයගිරි දාගැබ අභයගිරි ස්තූපය

මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්බා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති. පසු කාලීන ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත. අභයගිරියේ කුඩා දාගැබ්

අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත. ජනවහරේ ඉඳිකටු සෑය නමින් හැඳින්වෙන ප්‍රාසාද ස්තූපය කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි. මෙය පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් සතූපය හා සමානය. ඇත් පොකුණට බටහිරින් වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත. ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන් හමු වී ති‍බේ. බෝධි ඝරය සහ සමාධි බුදු පිළිමය ප්‍රධාන ලිපිය: සමාධි බුදු පිළිමය - අනුරාධපුර

මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි. ගුප්ත ශෛලියට නිමවා ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට ඇත. පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්න‍ට ලැබේ. මෙය ක්‍රි.ව.3-4 කාලයට අයත් වේ. පුරාණයේ මෙය වර්ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට ඇත. නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි. භික්‍ෂුන් පරිහරනය කල ස්ථාන රත්න ප්‍රසාදය

මෙය අභයගිරි විහාරයේ පොහොය ගෙයයි. මෙහි වීදුරු වර්ණ ආලේපිත උළු සෙවිලි කර ඇත.මෙය පස් මහල් ප්‍රාසාදයක් වේ. දැනට දක්නට ලැබෙන නටබුන් ක්‍රි.ව.7-8 සියවසට අයත් යැයි සැළකේ. ලංකාවේ දක්න‍ට ලැබෙන කලාත්මක මුරගල රත්න ප්‍රාසාදය අසල දක්නට ලැබේ. මෙ‍ම මුරගල මුදුනේ මකර තොරණක් ද මකරාගේ මුවින් පිටවන ස්ත්‍රි පුරුෂ යුවලක් ද වේ. එ‍යින් ලෞකික සැපය විනාශයට හේතු වන බව එක් අදහසකි. ඇත් පොකුණ

භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත. දිග පළල දළ වශයෙන් මීටර් 160*35 කි. ක්‍රි.ව.3-4 සියවස් වලට අයත් වේ. වර්තමානයේ ඇත්පොකුණ නමින් හැඳින් වුවත් බෝධිවංස ගැටපදය අනුව එය හැඳින් වු පැරණි නාමය මාස්පොත පොකුණ විය. ඉහළින් ඇති පෙරමියන් කුලම වැවෙන් හෝ බුන්කුලම වැවෙන් ජලය ගෙන ආ උමං ජලමාර්ග දෙකක් උතුරු පැත්තෙන් ඇත. දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං මාර්ග දක්නට ඇත. කුට්ටම් පොකුණ කුට්ට්ම්පොකුණ

යුගලයක් වශයෙන් පොකුණු දෙකක් ඇති හෙයින් කුට්ටම් පොකුණ නම් වේ. අභයගිරි විහාරයේ වු මුල හතරින් කපාරාමුලයේ භින්ෂුන්ගේ ජල පහසුව සඳහා කරවන ලද්දකි. පොකුණු දෙකෙහි දිග පළල දළ වශයෙන් මීටර් 40*16 සහ 28*17 වේ.පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස සැලකේ.පොකුණට එන ජලය කීපවරක් පෙරි එන සේ ගලින් නිම වු බිසෝ කොටුවක් දැකිය හැකිය.ජලය අපවිත්‍ර වු විට පිට කිරිමට කුහරයක් ද දැකිය හැකිය. සුදස්සන පඨානඝරය

පාංශුකූලික භික්ෂුන් වැඩ හිඳි පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්‍ෂි හමු වි තිබේ. සුවිශේෂී කලා නිරිමාණ අභයගිරි සඳකඩපහණ සඳකඩපහණ

අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සඳකඩපහණ පිහිටා ඇත්තේ අභයගිරි විහාරයේය. මහාචාර්ය පරණවිතාන මහතා සඳකඩපහණේ කැටයම් විස්තර කිරිම සඳහා තෝරා ගත්තේ මේ සඳකඩපහණයි. මීට නුදුරින් රත්නප්‍රාසාදයට පිටු පසින් එවැනිම කලාත්මක සඳකඩපහණක් ඇත. පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ කැටයමෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයයි.

   පලාපෙති මොස්තරය-ලෝකය ගිනිගත් බව දැක්වෙන ගිනි දැල්ය.
   සිව්පාවන්-ජාති,ජරා,ව්‍යාධි,මරණ
   ලියවැල-තෘෂ්ණාව
   හංසයින්-සංසාරයෙන් මිදිමට තැත් කරන ජනතාව
   පද්මය-නුවණ

මේ පිළිවෙළට කැටයම් නොමැති සඳකඩපහණක්ද ඇත. අභයගිරි අවලෝකිතේශ්වර බොධිසතත්‍ව පිළිමය Bronze statue of Avalokiteśvara Bodhisattva. Sri Lanka, ca. ක්‍රි.ව. 750 මුලාශ්‍ර

   මහාචාර්ය කුලතුංග ටී.ජී. ,(2003), "අටමස්ථානය හා වෙනත් පැරණි ස්ථාන", තරංජි ප්‍රින්ට්ස්, මහරගම.

මේවාද බලන්න

   සඳකඩපහණ
   මහා විහාරය

බාහිර සබැඳි

   Buddhist University of Abhayagiriya
   Abhayagiri Monastery
   Abhayagiri Giant Pond
   කුට්ටම් පොකුණ

ප්‍රවර්ග:

   අතීත සංඝ නිකායන් සහ පාර්ශවඅභයගිරි විහාරයවිහාරඅනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථානඅනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක

සංචාලන මෙනුව

   ප්‍රවිසී නැත
   සාකච්ඡාව
   දායකත්වයන්
   ගිණුමක් තනන්න
   පිවිසෙන්න
   පිටුව
   සාකච්ඡාව
   කියවන්න
   ප්‍රභව කේත සංස්කරණය කරන්න
   ඉතිහාසය බලන්න

හොයන්න

   මුල් පිටුව
   ප්‍රජා ද්වාරය
   කාලීන සිදුවීම්
   මෑත වෙනස්කිරීම්
   අහඹු පිටුව
   උදව්
   පරිත්‍යාග

මෙවලම්

   මෙතනට සබැඳෙන්නේ කුමක්ද
   සහසම්බන්ධිත වෙනස්වීම්
   විශේෂ පිටු
   ස්ථාවර සබැඳුම
   පිටුවේ තොරතුරු
   මෙම පිටුව උපුටා දක්වන්න
   Wikidata අයිතමය

මුද්‍රණය/නිර්යාත කෙරුම

   පොතක් නිර්මාණය කරන්න
   PDF ලෙස බාගතකරන්න
   මුද්‍රණ ආකෘතිය

වෙනත් ව්‍යාපෘති තුල

   Wikimedia Commons

වෙන භාෂාවලින්

   Deutsch
   English
   Français
   हिन्दी
   Italiano
   Bahasa Melayu
   Polski
   Русский
   தமிழ்

සබැඳි සංස්කරණය කරන්න

   මේ පිටුව අන්තිමට සැකසුවේ 20 ජනවාරි 2022 දින දී, 18:04 වේලාවෙහිදීය.
   ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර කොන්දේසි අදාළ
"https://si.wikipedia.org/w/index.php?title=Abayagiriya&oldid=510378" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි