2013 ඉකාටපෙක් ඩි මොරෙලෝස් තෙල් බවුසරය පිපිරීම
Appearance
දිනය | 7 මැයි 2013 |
---|---|
වේලාව | ප. 05:15 CST (12:15 GMT)[1] |
ස්ථානය | ඉකාටපෙක් ඩි මොරෙලෝස්, මෙක්සිකෝ රාජ්‍යය, මෙක්සිකෝව |
හේතුව | ගමනාගමන අනතුර |
තුවාල | 30 කට වැඩි |
මරණය(න්) | 23[2] |
2013 මැයි 7 දිනදී, මෙක්සිකෝවේ, ඉකාටපෙක් ඩි මොරෙලෝස්හි, සන් පෙඩ්‍රො සාලොස්ටොක් ජන ප්‍රදේශයෙහි, ෆෙඩරල් මහා මාර්ගය 85 තුලදී ද්‍රවිකෘත පෙට්‍රෝලියම් වායුව රැගෙන ගිය බවුසර ට්‍රක් රථයක් පාලනය නැතිවී මෝටර් රථ කිහිපයකට හා නිවෙස් කිහිපයකට කඩා වැදී පුපුරා ගියේය. මෙම අනතුර නිසා, ජනයා 23 දෙනෙකු මිය ගිය අතර 30 දෙනෙකුට වඩා තුවාල ලදහ. ඇතිවුනු ගින්න නිසා නිවාස 45 සහ වාහන 16 කට හානි සිදුවිය.