2013–14 අළුබඳුන තරගමාලාව

විකිපීඩියා වෙතින්
2013–14 අළුබඳුන තරගමාලාව
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙහි 2013–14 ඕස්ට්‍රේලියා සංචාරයෙහි කොටසකි
දිනය 21 නොවැම්බර් 2013 සිට 7 ජනවාරි 2014
ස්ථානය ඕස්ට්‍රේලියාව
ප්‍රතිඵලය
කණ්ඩායම්
 ඕස්ට්‍රේලියාව  එංගලන්තය
නායකයන්
මයිකල් ක්ලාක් ඇලෙස්ටර් කුක්
2013 (පෙර) (පසු) 2015

2013–14 අළුබඳුන තරගමාලාව යනු, දැනට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා කෙරෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකි. තරගාවලිය සඳහා භාවිතා වන ක්‍රීඩා පිටි පහ වන්නේ ද ගැබා, ඇඩිලේඩ් ඕවල්, වැකා ක්‍රීඩා පිටිය, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා පිටිය සහ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය වෙති.[1]

දළ වශයෙන් වසර දෙකකට වරක් අළුබඳුන තරගමාලාව පැවැත්වීමේ මෑත කාලීන සම්ප්‍රදායය බිඳ හෙලමින් මෙම තරගමාලාව පැවැත්වෙන්නේ එංගලන්තයේ පැවැත්වුනු 2013 අළුබඳුන තරගාවලියෙන් තෙමසකට අනතුරුවය. මෙය එසේ සිදුකෙරුණේ, 1999 වසරට පසුව ඕස්ට්‍රේලියාවේ පැවැති සෑම අළුබඳුන තරගමාලාවක්ම ක්‍රිකට් ලෝක කුසලාන තරගවැදීමට සුළු කලකට පෙර පැවැත්වීම වැලැක්වීමටය. 2015 තරගමාලාවට අනතුරුව, අළුබඳුන තරගමාලා ඒවා පැවැත්වීමේ සාමාන්‍ය පරතරය සහිතව සිදුවනු ඇත.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඈෂර්ස් 2013-14: ගැබා විල් හෝස්ට් ඕපනිං ටෙස්ට් ඔෆ් ඕස්ට්‍රේලියා සීරීස්". BBC. 22 නොවැම්බර් 2012. http://www.bbc.co.uk/sport/0/cricket/20443663. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 නොවැම්බර් 2012. 
"https://si.wikipedia.org/w/index.php?title=2013–14_අළුබඳුන_තරගමාලාව&oldid=284469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි