2010 චිලි පතල් අනතුර

විකිපීඩියා වෙතින්

2010 චිලි පතල් අනතුර
Color photo of San Jose Mine from a distance with several workers in the foreground
චිලියේ සැන් ජොසේ පතළ අසළ මුදා ගැනීමේ මෙහෙයුම් සිදු වෙමින්, 10 අගෝස්තු 2010
වේලාව14:05 CLT (UTC−4)
දිනය5 අගෝස්තු 2010 (2010-08-05)  – 13 ඔක්තෝබර් 2010 (2010-10-13)
(69 දින)
පිහිටුමඇටකාමා කාන්තාරය අසළ Copiapó, චිලි
ඛණ්ඩාංක27°9′36.7″S 70°29′48.4″W / 27.160194°S 70.496778°W / -27.160194; -70.496778ඛණ්ඩාංක: 27°9′36.7″S 70°29′48.4″W / 27.160194°S 70.496778°W / -27.160194; -70.496778
First reporterSan Esteban Mining Company
ප්‍රතිඵලයසිර වී සිටි පතල් කරුවන් 33 දෙනාවම රජය විසින් මුදා ගන්නා ලදී.
දේපල හානිTotal closure and loss අගෝස්තු 2010 වන විට[යාවත්කාලීන කිරීම අවශ්‍යයි]
InquiriesUnder investigation අගෝස්තු 2010 වන විට[යාවත්කාලීන කිරීම අවශ්‍යයි]
සැකකරුවන්Under investigation අගෝස්තු 2010 වන විට[යාවත්කාලීන කිරීම අවශ්‍යයි]
ChargesUnder investigation අගෝස්තු 2010 වන විට[යාවත්කාලීන කිරීම අවශ්‍යයි]
ConvictionsUnder investigation අගෝස්තු 2010 වන විට[යාවත්කාලීන කිරීම අවශ්‍යයි]
LitigationUS$2 million lawsuit අගෝස්තු 2010 වන විට[යාවත්කාලීන කිරීම අවශ්‍යයි]
AwardsIn litigation අගෝස්තු 2010 වන විට[යාවත්කාලීන කිරීම අවශ්‍යයි]
Location of the Mina San José in Chile

2010 චිලි පතල් අනතුර ලෙස හැඳින්වෙන්නේ 2010 වර්ෂයේ අගෝස්තු 5 වන දින චිලි දේශයේ ඇටකාමා කාන්තාරයේ 'සැන් ජොසේ' නම් වූ රන් සහ තඹ ආකරයක සිදු වූ අනතුරයි. මෙම අනතුර නිසා පතල් කරුවන් 33 දෙනෙකු ආකාරය තුල සිර වූ අතර ඔවුන් මුදා ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කරන ලදී. ඔවුන් සිර වී සිටියේ පොළොව මතුපිට සිට මීටර් 622 ක් පමණ පහලින් වූ කුටීරයක් තුලයි. පස් කඩා වැටී පතලට පිවිසෙන මාර්ගය ස්ථාන කිහිපයකින්ම අවහිර වීම නිසා පතල් කරුවන්ට ඉන් පිටතට ඒම කිසිසේත්ම කල නොහැක්කක් වී තිබුණි. අනතුර සිදු වීමෙන් පසු ඇතුලත සිටී පතල් කරුවන් සමඟ පැවති සියළු සම්බන්ධතා බිඳී ගිය අතර ඔවුන් ජිවතුන් අතර සිටින බව පවා දැන ගත්තේ අනතුර සිදු වී දින 17කට පසු අගෝස්තු 22 දිනයි.

සැතපුම් භාගයකට වඩා පොලොව අභ්‍යන්තරයේ කොටු වී සිටී මෙම මිනිසුන් බේරා ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කිරීමට චිලි රජය කටයුතු කළේය. ඊට ලෝකයේ නන් දෙසින් අවශ්‍ය සහයෝගය ලැබුණු අතර සමස්ථ ලෝක ප්‍රජාවගේ අවධානය දිනා ගත් මෙහෙයුමක් ද විය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු පතල් කරුවන් පිරිස දින 69ක කාලයක් පතල තුල සිර වී සිටි අතර ඔවුහු පොලොව යට වැඩිම කාලයක් ජීවත් වූ ලොව ප්‍රථම මිනිසුන් කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වූහ.

"https://si.wikipedia.org/w/index.php?title=2010_චිලි_පතල්_අනතුර&oldid=452261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි