2009 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය

විකිපීඩියා වෙතින්
2009 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය
අවස්ථාව2009 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය
නවසීලන්තය එංගලන්තය
නවසීලන්තය එංගලන්තය
166 167/6
පන්දු වාර 47.2 පන්දු වාර 46.1
දිනය2009 මාර්තු 22
ස්ථානයඋතුරු සිඩ්නි ඕවල්, උතුරු සිඩ්නිය
තරගයේ වීරයානිකී ශොව්
විනිසුරුවන්ස්ටීව් ඩේවිස් සහ බ්‍රයන් ජ(ර්)ලින්
2005
2013

2009 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වූයේ නවසීලන්තය සහ එංගලන්තය අතර 2009 වසරේ මාර්තු 22 වන දින ඕස්ට්‍රේලියාවේ උතුරු සිඩ්නි ඕවල් ක්‍රීඩාංගනයේදී ය. 2009 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ නැතහොත් නව වන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසානය සනිටුහන් වූයේ මෙම තරගයෙනි. මෙම තරගය එංගලන්තය කඩුලු හතරකින් ජයගත්තේ, ඔවුන්ගේ තුන්වන ලෝක කුසලනයත්, විදේශයකදී ලබාගත් පළමු ලෝක කුසලානයත් ලෙසයි. මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන අවසන් මහා තරගයක එකිනෙකා මුණගැසුනු දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර මුණගැසුනු අවස්ථාවේදී ද එංගලන්තය ජයග්‍රහණය ලබා ගත්තේය. ඒ 1993 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේදීය.

කාසිය වාසිය ජයගත් නවසීලන්ත කණ්ඩායමේ නායිකා හයිඩී ටිෆාන් මුලින් පන්දුවට පහර දීමට තීරණය කලාය. ඇයගේ කණ්ඩායම පන්දු වාර 47.2 කදී සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 166ක් පමණි. 9 වන ස්ථානයේ ක්‍රීඩා කරන සියළු-ඉරියව් ක්‍රීඩිකා ලුසී ඩෝලන් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 48 ක් රැස්කලාය. එංගලන්ත ක්‍රීඩිකා නිකී ෂොව් ඇගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම දක්ෂතාව ලෙස ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත්තාය. පිලිතුරු ඉනිම ආරම්හ කල එංගලන්ත ක්‍ර්‍රීඩිකාවන් පළමු කඩුලු සම්බන්ධතාවය ලෙස ලකුණු 74ක් රැස් කලහ.[1] පසුව තවත් කඩුලු බිඳ වැටුනද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ලඟා වූයේ තවත් පන්දු 23ක්ද ඉතිරිව තිබියදිය. එම ජයග්‍රහණය සනිටුහන් වුයේ එංගලන්තය වසර 16කට පසු ලැබූ පළමු ලෝක කුසලාන ජයග්‍රහණය ලෙසයි. තරගයේ වීරයා ලෙස එංගලන්ත කණ්ඩායමේ ෂොව් නම් කරන ලදි. ඇය කණ්ඩායමට ඇතුලත් වූයේ තරගය ආරම්භ වීමට මොහොතකට පෙර අබාධයකට ලක් වු ජෙනී ගන් ක්‍රීඩිකාවට ආදේශකයක් ලෙසිනි.

අවසාන තරඟ පිවිසුම[සංස්කරණය]

කණ්ඩායම් අවස්ථාව[සංස්කරණය]

නවසීලන්තය ඇතුලත් වූයේ තරගාවලියේ A කාණ්ඩයටය. A කාණ්ඩයට අයත් වු අනෙක් කණ්ඩායම් වුයේ බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල්ය. [2] ඔවුන්ගේ පළමු තරගය පැවැත්වූයේ ඕස්ට්‍රේලියාව සමඟය. නවසීලන්තය වෙනුවෙන් හයිඩී ටිෆාන් අනර්ඝ අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුවාය. නමුත් ඇගේ දැවී යාමත් සමග නවසීලන්ත ඉනිම අඩාල වූයේ ලකුනු 37ක් ඇතුලත කඩුලු 7ක් බිඳ වැටීම නිසාය. පිලිතුරු ඉනිම ආරම්භ කල ඕස්ට්‍රේලියානුවන් ගේ සාමාන්‍ය පරිදි කඩුලු බිඳ වැටුනි. කේට් පුල්ෆර්ඩ් ගේ පන්දු වාර 6ක දක්ශ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ ලකුණු හඹා යෑම අඩාල වූවා. ඇය කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 30ක් පමනක් ලබා දෙමිනි. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියාව සිටියේ ජයග්‍රහනයට අවශ්‍ය වු ලකුණු ප්‍රමානයට වඩා ලකුණු 13ක් පිටු පසිනි.[3] ආබාධයක් නිසා බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති නවසීලන්තයේ දෙවන තරගය සඳහා ක්‍රීඩා කිරීමට ටිෆෙන්ට හැකියාවක් ලැබුනේ නැත. එම තරගයේ නායිකාව ලෙස ඒමී මේසන් ක්‍රීඩා කලාය. නවසීලන්තයේ පළමු කඩුලු 6 ලකුණු 104ක් ඇතුලත දවා ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වූවා. නමුත් හත්වන කඩුල්ල සඳහා ලකුණු 57ක වටිනා සම්බන්ධතාවයක් නවසීලන්තය වෙනුවෙන් රැස් කිරීමට මේසන් සහ සාරා සුකිග්වා සමත් වුහ. එම සම්බන්ධතාවයත් සමඟම නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුල ලකුණු 192ක් ලෙස තරගය නිමා කිරීමට සමත් වූවා. Cricinfo සඳහන් කලේ "බටහිර ඉන්දීය කොදෙව්වන් පිලිතුරු ඉනිමේදී කිසිදු තරඟකාරීත්වයක් නොපෙන්වූ බවයි".[4] දඟ පන්දු යවන ක්‍රීඩිකාවන් වන මේසන් සහ ලුසී ඩෝලන් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූවා. එමගින් බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 136කට සීමාකිරීමට ඔවුන් සමත් වූවා.[5] පළමු වටයේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව විශාල ජයක් ලබා ගනිමින් තම ස්ථානය තහහුරු කර ගැනීමට නවසීලන්තය සමත්විය. ඇමී සැටවයිට්, සාරා මැක්ග්ලේශන් සහ නිකොලේ බ්‍රවුන් තිදෙනාම නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතක ලබා ගැනීමත් සමඟ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 250ක් ලබා ගැනීමට නවසීලන්තයට හැකියාව ලැබුණා. ලකුණු 250ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන්ගෙන් ලකුණු 10 සීමාව පසු කරනු ලැබුවේ ක්‍රි-ෂෙල්ඩා බ්‍රිට්ස් පමනයි. මේසන් සහ සුශී බේට්ස් කඩුලු 4 බැගින් දවා ගත්තා.[6]

තරඟාවලියේ වැඩිම ලකුණු ලබා ගත් එන්ගලන්තයේ ක්ලෙයාර් ටේලර්.

එන්ගලන්තය ඇතුලත් වුයේ B කාන්ඩයටය. B කාන්ඩයේ ඇතුලත් වූ අනෙකුත් රටවල් වුයේ ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාවයි.[2] එන්ගලන්තයේ පළමු තරගය පැවැත්වූයේ ශ්‍රී ලංකාව සමඟිනි. මෙම තරගයේ දී එන්ගලන්තය මුලින් පන්දුවට පහර දී ලකුණු 277ක් රැස් කිරීමට සමත් වූවා. ඊට පන්දු 95ක් තුල ලබාගත් ක්ලෙයාර් ටේලර් ගේ ශතකයක් හා කැරොලින් ඇට්කින්ස් ගේ අර්ධ ශතකයක් ඇතුලත් වූවා. පිලිතුරු ඉනිම ලෙස පන්දු වාර 50ටම ශ්‍රී ලංකාව ක්‍රීඩා කළත් ඔවුන් ඉනිම නිමා කලේ ලකුණු 100ක් පිටුපසිනි. ලෝරා මාර්ශ් කඩුලු 3ක් දවාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම දුවද්දී දැවීයාම් වලට හසු වූවා.[7] එම තරගයේදී ජෙනී ගන් පන්දු යැවීමේ ඉරියව්ව නීති විරොධී ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් මණ්ඩලයට වාර්ථා විය.[8] නමුත් පසුව ඇයගේ ඉරියව්ව නිර්දොසී බවට තහවුරු විය.[9] එන්ගලන්තයේ දෙවෙනි තරගය පැවැතුනේ ඉන්දියාව සමගිනි. මෙම තරගයෙන් B කාන්ඩයේ ප්‍රමුඛ ස්ථානය ලැබෙන්නේඅ කාටද යන්න තීරනය වූවා.[10] එන්ගලන්තය මෙම තරගය පහසුවෙන් ජය ලබා ගත්තේ ඉන්දියාව ලකුණු 169කට සීමා කරමිනි. ගන් සහ හොලි කොල්වින් කඩුලු 3 බැගින් දවා ගත් අතර පිළිතුරු ඉනිමේදී අගනා අර්ධ ශතක 2ක් ලබා ගැනීමට ඇට්කින්ස් සහ ක්ලෙයාර් ටේලර් සමත් විය.[11] පාකිස්ථානයත් සමඟ ලබා ගත් ඉහල ජයත් සමගින් එන්ගලන්තය එම කාන්ඩයේ පළමු තැනට පත් වූවා. මාර්ෂ් තම ක්‍රීඩා දිවියේ ඉහලම දක්ශතාවය ලෙස කඩුලු 5ක් දවා ගනිමින් පාකිස්ථානය ලකුනු 78කට සීමා කිරීමට සමත් වූවා.[12]

සුපිරි 6 වටය[සංස්කරණය]

සුපිරි 6 වටයේ පළමු තරගය ලෙස ක්‍රීඩා කලේ එන්ගලන්තය සහ නවසීලන්තය යි. පළමුවෙන් පන්දුවට පහර දුන් එන්ගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 96කට දැවී ගියත්, එන්ගලන්ත නායිකා චාලට් එඩ්වර්ඩ්ස් ලබා ගත් ලකුණු 57 සහ ගන් ගේ වේගවත් ලකුණු 22ත් නිසා නවසීලන්තයට ලකුණු 201ක ඉලක්කයක් ලබා දීමට එන්ගලන්තයට හැකියාව ලැබුනි. පිලිතුරු ඉනිම ආරම්හ කල නවසීලන්තය හොඳ ආරම්භයක් ලබා ගත්තේය. නවසීලන්ත නායිකා ටිෆන් අර්ධ ශතකයක් ලබා ගත් නමුත් දඟ පන්දු යවන්නන් වු එඩ්වර්ඩ්ස්, මාර්ෂ් සහ කොල්වින් හොඳින් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කලා. එඩ්වර්ඩ්ස් ලබා ගත් කඩුලු 4ත් සමඟ නවසීලන්තය ලකුණු 170කට දවාගන්නට එන්ගලන්තය සමත් වුනා.[13] සුපිරි 6 වටයේ තවත් තරගයක් එන්ගලන්තයත් බටහිර ඉන්දීය කොදෙව්වනුත් අතර පැවැත්වුනා. මෙම තරගයේදීද මුලින් පන්දුවට පහරදුන් එන්ගලන්තය නැවතත් ලකුණු 200 සීමාව පහු කිරීමට සමත් වූවා. සාරා ටේලර්, ක්ලෙයාර් ටේලර් සහ ඇට්කින්ස් යන තිදෙනාම අර්ධ ශතක රැස් කිරීම නිසා එන්ගලන්තය කඩුලු 8කට ලකුණු 236ක් ලබා ගත්තේය. එන්ගලන්ත ක්‍රීඩිකා මාර්ෂ් කඩුලු 3ක් දවා ගැනීමත් සමග බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 90කට දවා ගන්නට එන්ගලන්තය සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමග එන්ගලන්තයට ඕස්ට්‍රේලියාවත් සමඟ පැවැත්වීමට තිබූ එම කාන්ඩයේ අවසන් තරගය ද නොසලකා අවසන් මහ තරගයට දොරටු විවර වුනා.[14] නවසීලන්තය දෙවන තරගයට මුහුණ දුන්නේ ඒ වනවිට සුපිරි 6 වටයේ පළමු තරගයේදී ඕස්ට්‍රේලියාව පරාජය කර තිබූ ඉන්දියාව සමඟිනි. ඉන්දියාව මුලින් පන්දුවට පහර දී ලකුණු 207ක්‍ රැස් කලා. ඉන්දීය ඉනිමේ පිතිකරුවන් 4 දෙනෙක් දුවද්දී දැවී යාම් වලට හසු වූවා. පිලිතුරු ඉනිම හොඳින් ආරම්භ කල නවසීලන්ත ක්‍රීඩිකාවන් වූ පුල්ෆ්‍රර්ඩ් සහ ටිෆන් පළමු කඩුල්ල සදහා ලකුණු 78ක් රැස් කලා. ටිෆන් ගේ දැවී යාමත් සමග පුල්ෆ්‍රර්ඩ් ට අනගි සහයක් දැක්වූ බේට්ස් ලකුනු 71ක් රැස් කිරීමත් සමග නවසීලන්තය තවත් පන්දු 14ක් ඉතිරිව තිබියදී තම ඉලක්කය වෙත ලගා වන්නට සමත් වුනා.[15] එම කාන්ඩයේ අවසන් තරගයේදී නවසීලන්තය විසින් එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දෙවන කඩුල්ල සඩහා වූ වාර්ථාව අලුත් කලා.[16] බේට්ස් සහ ටිෆන් පිලිවෙලින් ලකුණු 168ක් සහ 100ලබා ගනිමින් ලකුනු 262ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. අගනා ඉනිමක් ක්‍රීඩා කල බේට්ස් තම ඉනිම ගොඩ නැගුවේ පන්දු 105ක් පමනක් වැය කරමින්. ඊට 6 පහරවල් 6ක් සමඟින් 4 පහරවල් 19ක් ඇතුලත් වුනා. නවසීලන්තය පන්දුවාර 50 තුල ලකුණු 373ක් වාර්තා කලා. ඔවුන් පකිස්ථානය ලකුණු 150කට සීමා කලේ ලකුණු 223ක අගනා ජයක් සමඟින් අවසන් මහා තරගයටද සුදුසුකම් ලබමිනි.[17] සුපිරි 6 වටයේ අවසාන තරගයේදී ඕස්ට්‍රේලියාව විසින් එන්ගලන්තය පරාජයට පත් කලා. ශෙලී නිට්ස්ක් ගේ පන්දු යැවීම හමුවේ එන්ගලන්තයේ ලකුණු ලබා ගැනීමේ වේගය සීමා වුනා. ඇය තම පන්දුවාර 10 තුල කඩුලු 2ක් ලබාගෙන එන්ගලන්තයට ලබා දුන්නේ ලකුනු 14ක් පමනි. එන්ගලන්තයේ සියලු කඩුලු ලකුණු 161ක් තුල බිඳ වැටුනු අතර ඕස්ට්‍රේලියාව එම ඉලක්කය පන්දු වාර 34ක් පමනක් වැය කරමින් ලඟා කරගත්තා.[18]

ආකෘතිය[සංස්කරණය]

තරඟාවලිය ආරම්භයට පෙර, එන්ගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් එකක් තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙතැයි මත පලවූවා.[19] අවසන් තරගය 1993හි දී ලෝඩ්ස් ක්‍රීඩා පිටියෙහි පැවති එන්ගලන්තය ජයග්‍රහනය කල කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට බොහෝ සෙයින් සමාන එකක් විය. කණ්ඩායම් දෙකම පෙරාතුරුව පැවති ලෝක කුසලාන ජයග්‍රහනය කර තිබුණි. නමුත් ඒ ඔවුන් විසින්ම තරගාවලියට අනුග්‍රහය දක්වන ලද වසර වල දී පමනයි. එන්ගලන්තය වසර 1973 සහ 1993 යන ලෝක කුසලාන ජයග්‍රහනය ලබන අතරතුර නවසීලන්තය වසර 2000 හිදී පැවති ලෝක කුසලානය ජයගෙන තිබුණි.[20] 1993 දී එන්ගලන්තයට එරෙහිව අවසන් මහා තරගය පරාජය වීමත් සමඟ නවසීලන්තය ඉන්දියාවේ පැවති 1997 ලෝක කුසලාන අවසන් මහා තරගයටද සුදුසුකම් ලැබූ නමුත් අවසන් තරගයෙන් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. එන්ගලන්තය මීට පෙර අවසන් මහා තරඟ පහකට මුහුණ දී ඇත. 1978, 1982, සහ 1988 යන වසරවල ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වීමට එන්ගලන්තයට සිදු වූවා. එන්ගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජෙනී ගන් ශරීරය උණුසුම් කරන ව්‍යායාම් අතරතුර දැඩි කෙන්ඩා පෙරලීමකට පත් වීමත් සමඟ ඊට පෙර කණ්ඩායමෙන් ඉවත් කර සිටි කණ්ඩායමේ උප නායිකාව වූ නිකී ශොව් ව එම ස්ථානයට ආදේශ කලා.[21]

තරගය[සංස්කරණය]

සාරාංශය[සංස්කරණය]

නවසීලන්තය වෙනුවෙන් පිත්තෙන් හා පන්දුවෙන් හොඳම දක්ශතාවයන් දැක්වූ ලුසී ඩෝලන්.

කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත නායිකා හයිඩී ටිෆාන්, දඟ පන්දු යවන්නන්ට වඩාත් සුදුසු තත්වයන් සලකා බලා මුලින් පන්දුවට පහර දීමට තීරනය කරන ලදී.[22] එන්ගලන්තය පන්දු ‍යැවීම ආරම්භ කලේ එක් අන්තයකින් කැත්‍රීන් බ්‍රන්ට්ගේ සීම් පන්දු සහ අනෙක් අන්තයෙන් ඊසා ගුහා ගේ දඟ පන්දුවෙනි. බ්‍රන්ට් ගේ පන්දු යැවීම BBCයේ එයිමී ලෙවිස් හැඳින්වූයේ "සුපිරි පන්දු යැවීමක්" ලෙසිනි.[23] හොඳින් පන්දු යැවීම තුලින් නවසීලන්ත පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීම පිලිබඳව ඇගේ කණ්ඩායමේ උප නායිකා නිකී ශොව් විසින් ඇයට ස්තූතිය පුද කර සිටියාය. එන්ගලන්තය ප්‍රථමයෙන් පන්දු යැවීම වෙනස් කරන විටදී නවසීලන්තය පළමු කඩුල්ල ලෙස කේට් පුල්ෆර්ඩ් දැවීගොස් ලකුණු 46ක් වාර්තා කර තිබුණි. එන්ගලන්ත උප නයිකා ශොව් පන්දු යැවීම ආරම්භ කරමින් ඉක්මන් වෙනසක් සිදුකලේ ඇගේ තුන්වන පන්දුවෙන් සුශී බේට්ස් දවා ගනිමිනි. තුන් වන පන්දුවේදී සුශී බේට්ස් විසින් මිඩ් ඔන් හරහා ඉහලින් එල්ල කල පහරේ කාල මිනුම වැරදීම නිසා කැරොලින් ඇට්කින්ස් විසින් උඩ පන්දුවක් ලෙස රැකගත්තාය. ඊලග පන්දුවෙන් ඇමී සැටවයිට් ලකුණු නොලබාම දැවී ගියේ කඩුලු රකින්නා වූ සාරා ටේලර්ට උඩ පන්දුවක් ලබා දෙමිනි. තවත් පන්දුවාර 4කට පසු ශොව් විසින් ටිෆෙන් ව දවා ගත්තාය. ඒ පිත්තේ යාන්තම් ගෑවුනු පන්දුව සාරා ටේලර් විසින් රැක ගැනීම නිසාය.[24] මැදපෙල පිතිකරු සාරා මැක්ග්ලේශන් සහ එමී මේසන් හොඳ ආරම්භයන් ලබා ගත්තත් නවසීලන්ත ඉනිමේ කඩුලු 7ක් ලකුණු 101කට බිඳ වැටුනි.[1] ලුසී ඩෝලන් සහ නිකොලේ බ්‍රවුන් එක්වී තම කණ්ඩායමට මනා කාර්යභාරයක් ඉටු කිරීමට සමත් විය. ඩෝලන් රැස්කල ලකුනු 48ත් සමඟින් ලකුනු 63ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීම නිසා නවසීලන්ත ඉනිම ලකුණු 166 දක්වා වර්ධනය වූවා. පුළුල් පන්දුවකට ඉදිරියට පැන පහරදීමට ගොස් ස්ටම්ප් කිරීමකට හසුවී ඩෝලන් දැවීයාමත් සමඟ නවසීලන්තයේ අවසන් කඩුලු 2 තවත් ලකුණු 2ක් තුල බිඳ වැටුනා.[24]

එන්ගලන්තය පිළිතුරු ඉනිම සඳහා හොඳ ආරම්භයක් ලබා ගත්තේය.:[25] ආරම්භක පිතිකරුවන් වු ඇට්කින්ස් සහ සාරා ටේලර් නවසීලන්තය මෙතෙක් පිහිටුවා තිබුවාට වඩා වැඩි සම්බන්තාවයක් ගොඩ නැංවීමට සමත් වූහ. පළමු කඩුල්ල ලෙස ටේලර් ලකුණු 39කට දැවී යනවිට එන්ගලන්තය ලකුණු 74ක්ලබා තිබුණි.[26] ඇට්කින්ස් විසින් ටේලර්ට වඩා ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලෙස පන්දු 85කදී ලකුණු 40ක් වාර්තා කලාය.[1] සාරා ටේලර් ගේ දැවී යාමත් සමඟ පිටියට පිවිසි ක්ලෙයාර් ටේලර් සාරා ටේලර් හා සමාන ප්‍රහාරාත්මක පිතිකරනයක් දියත් කරමින් හතරේ පහරවල් 4ක් සමඟින් ලකුණු 21ක් රැස් කලත් ඇයට මේසන් ගේ පන්දුවක් හමුවේ දැවී යාමට සිදු වුවා.[26] එන්ගලන්තයේ මැදපෙල පිතිකරුවන් ප්‍රතිවාදීන්ගේ දඟපන්දු යවන්නන් වු ඩූලන්ඩ් සහ මේසන් හමුවේ අසරන වුවා.[22] ඔවුන්ගේ 14වන පන්දු වාරය අවසානයේ 4.78ක්ව තිබූ ලකුණු රැස් කිරීමේ වේගය, තවත් පන්දු වාර විස්සකට පසුව සඳහන් වූයේ 3.58ක් ලෙසය.[25][27] කඩුලු රකින්නිය වු රැචෙල් ප්‍රීස්ට් විසින් රැකගත් උඩ පන්දුවක් සඳහා කල ඉල්ලිමකට අනුව එඩ්වර්ඩ්ස් දැවී යාමක් ලෙස විනිසුරුකරු සටහන් කලත් එය සැබැවින්ම පිත්තේ දැවටී තිබුනෙ නැහැ. එම අවාසනාවන්ත තීරණය නිසා ලකුණු 10ක් ලබා සිටි ඇයට ක්‍රීඩාගාරය වෙත යාමට සිදු වුවා.[26] පිළිතුරු ඉනිමේ මැදදී එන්ගලන්තය කොතරම් අඬාල වූවත් නිව් යෝර්ක් සඟරාවේ හුව් රිචර්ඩ්ස් දක්වා සිටියේ "එන්ගලන්තය කවදාවත් පරාජය වන බවක් නොපෙනුන බවයි"."[28] ශොව්, ඇයට පෙර දැවී ගිය ක්‍රීඩිකාවන්ට වඩා ප්‍රහාරාත්මක පිතිකරනයක් දියත් කරමින් නොදැවී ලකුණු 17ක් රැස්කර එන්ගලන්තය ජය ටැඹ කරා රැගෙන ගියාය.[25] හොලි කොල්වින් ගේ ලකුණත් සමග එන්ගලන්තය පන්දු 23ක් ඉතිරිව තිබියදී ජයග්‍රහනය වාර්තා කලා. ශොව් ගේ පිතිකරණය එන්ගලන්තයේ ජයග්‍රහණය සඳහා ඉවහල් වීම නිසා තරගයේ වීරයා සම්මානය ඇයට හිමි විය.[27]

ලකුණු පුවරුව[සංස්කරණය]

නවසීලන්තය පිතිකරණය
පිතිකරු දැවී ගිය ආකාරය ලකුණු පන්දු ලකුණු ලබාගත් දළ වේගය
කේට් පුල්ෆර්ඩ් SC ටේලර්ගුහා 8 23 34.78
හයිඩී ටිෆාන් * SJ ටේලර්ෂොව් 30 56 53.57
සුශී බේට්ස් ඇට්කින්ස්ෂොව් 2 7 28.57
ඇමී සැටවයිට් SJ ටේලර්ෂොව් 0 1 0.00
සාරා මැක්ග්ලේශන් ග්‍රීන්වේකොල්වින් 21 20 105.00
ඒමී මේසන් මාර්ශ් 13 18 72.22
නිකොලේ බ්‍රවුන් lbw ප ෂොව් 25 78 32.05
සාරා සුකිග්වා SJ ටේලර්බ්‍රන්ට් 2 18 11.11
ලුසී ඩෝලන් ස්ට SJ ටේලර්මාර්ශ් 48 57 84.21
ෂොපී ඩිවයින් lbw ප එඩ්වර්ඩ්ස් 5 0.00
රැචෙල් ප්‍රීස්ට් සිරිය නොදැවී 0 1 0.00
අතිරේක (2 කකුලේ වැදී, 15 පුළුල් පන්දු) 17
මුළු ලකුණු (පන්දු වාර 47.2) 166
එන්ගලන්තය පන්දු යැවීම
පන්දු යවන්නා පන්දු වාර නිලකුණු පන්දු වාර ලකුණු කඩුළු සාමාන්‍යය
කැත්‍රීන් බ්‍රන්ට් 10 3 33 1 3.30
ඊෂා ගුහා 5 0 24 1 4.80
නිකී ෂොව් 8.2 0 34 4 4.08
හොලි කොල්වින් 10 1 26 1 2.60
ලෝරා මාර්ශ් 10 3 34 2 3.40
චාලට් එඩ්වර්ඩ්ස් 4 1 13 1 3.25
එන්ගලන්තය පිතිකරණය
පිතිකරු දැවී ගිය ආකාරය ලකුණු පන්දු ලකුණු ලබාගත් දළ වේගය
සාරා ටේලර් සිරිය ටිෆාන්ඩෝලන් 39 45 86.66
කැරොලින් ඇට්කින්ස් ඩිවයින්ඩෝලන් 40 85 47.05
ක්ලෙයාර් ටේලර් මේසන් 21 30 70.00
චාලට් එඩ්වර්ඩ්ස් * ප්‍රීස්ට්ඩෝලන් 10 19 52.63
ලිඩියා ග්‍රීන්වේ සැටවයිට්මේසන් 8 34 23.52
බෙත් මෝගන් දුවද්දී දැවී ගියා 9 27 33.33
නිකී ෂොව් නොදැවී 17 27 62.96
හොලි කොල්වින් නොදැවී 5 10 50.00
ලෝරා මාර්ශ් පහර නොදුන්
කැත්‍රීන් බ්‍රන්ට් පහර නොදුන්
ඊෂා ගුහා පහර නොදුන්
අතිරේක (1 කකුලේ වැදී, 17 පුළුල් පන්දු) 18
මුළු ලකුණු (පන්දු වාර 46.1) 167/6
නවසීලන්තය පන්දු යැවීම
පන්දු යවන්නා පන්දු වාර නිලකුණු පන්දු වාර ලකුණු කඩුළු සාමාන්‍යය
ෂොපී ඩිවයින් 9 0 30 0 3.33
කේට් පුල්ෆර්ඩ් 3 0 17 0 5.66
නිකොලේ බ්‍රවුන් 7 1 24 0 3.42
සුශී බේට්ස් 4.1 0 21 0 5.04
ලුසී ඩෝලන් 10 4 23 3 2.30
සාරා සුකිග්වා 4 1 23 0 5.75
ඒමී මේසන් 9 0 28 2 3.11

කෙටි යෙදුම්

පසුවදන[සංස්කරණය]

ලෝක කුසලානය අවසානයේ නම් කරන තරඟාවලියේ කණ්ඩායමේ අවසන් මහා තරගය ජයගත් එන්ගලන්ත ක්‍රීඩිකාවන් හත් දෙනෙකු ඇතුලත් විය: එන්ගලන්තයේ චාර්ලට් එඩ්වර්ඩ්ස් නායිකාව ලෙස නම් කෙරුනු අතර කැත්‍රීන් බ්‍රන්ට්, ලෝරා මාර්ෂ්, ක්ලෙයාර් ටේලර් සහ සාරා ටේලර් ද එම කණ්ඩායමට ඇතුලත් විය. සුෂී බේට්ස් සහ කේට් පුල්ෆර්ඩ් නවසීලන්තය වෙනුවෙන් එම කණ්ඩායම නියොජනය කල අතර සොපී ඩිවයින් අතිරේක ක්‍රීඩිකාව ලෙස නම් කරන ලදී. තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්ලෙයාර් ටේලර් තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරුණි.[29] මෙම කණ්ඩායම් දෙක මාස 3 කට පසුව නැවතත් 2009 ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී මුණ ගැසුනි.[30] මෙම තරගයද ජය ගත් එන්ගලන්තය කාන්තා හා පිරිමි දෙ අංශයෙන්ම ක්‍රිකට් කුසලාන ආකාර 3ම දිනා ගත් පළමු රට බවට පත් විය: ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර සහ විස්සයි විස්ස.[31]

වැඩිදුර විමර්ශනයට[සංස්කරණය]

නිර්දේශ හා සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "ෆයිනල්: ඉංග්ලන්ඩ් විමෙන් වර්සස් නිව් සීලන්ඩ් විමෙන් ඇට් සිඩ්නි, මාර්ච් 22, 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2012.
  2. 2.0 2.1 Cricinfo staff (17 ජූලි 2008). "නිව් සවුත් වේල්ස් ටු හෝස්ට් විමෙන්ස් වර්ල්ඩ් කප් ෆික්සචර්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 8 අප්‍රේල් 2012.
  3. English, Peter (8 March 2009). "New Zealand show strength in opening success". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  4. Cricinfo staff (10 March 2009). "Mason and Doolan set up New Zealand win". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  5. "8th Match, Group A: New Zealand Women v West Indies Women at Sydney, Mar 10, 2009". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  6. Cricinfo staff (12 March 2009). "New Zealand batter South Africa by 199 runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  7. "2nd Match, Group B: England Women v Sri Lanka Women at Canberra, Mar 7, 2009". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  8. Cricinfo staff (9 March 2009). "Gunn and Fernando reported for suspect actions". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  9. Cricinfo staff (13 March 2009). "Gunn's action deemed legal". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  10. Cricinfo staff (9 March 2009). "India and England aim for top spot in Group B". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  11. Cricinfo staff (10 March 2009). "Atkins and Taylor lead England to massive victory". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  12. Cricinfo staff (12 March 2009). "Marsh takes five as England surge into Super Sixes". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  13. Roesler, Jenny (14 March 2009). "All-round Edwards helps England go top". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  14. Cricinfo staff (17 March 2009). "Unstoppable England march into World Cup final". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  15. Cricinfo staff (17 March 2009). "India's final hopes fade as New Zealand win". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  16. "Records / Women's One-Day Internationals / Partnership records / Highest partnership for the second wicket". ESPNcricinfo. සම්ප්‍රවේශය 13 June 2012.
  17. Cricinfo staff (19 March 2009). "Bates and Tiffen tons take New Zealand to final". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  18. Cricinfo staff (19 March 2009). "Australia upset England but miss the final". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 April 2012.
  19. Roesler, Jenny (6 March 2009). "A three-way battle to stand on top of the world". සම්ප්‍රවේශය 8 April 2012.
  20. Roesler, Jenny (21 March 2009). "Little separates England and New Zealand". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 April 2012.
  21. Roesler, Jenny (22 March 2009). "Shaw proves a point". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 April 2012.
  22. 22.0 22.1 Roesler, Jenny (2010). "The Women's World Cup, 2008–09". In Berry, Scyld (ed.). Wisden Cricketer's Almanack 2010 (147 ed.). Alton, Hampshire: John Wisden & Co. Ltd. pp. 1012–1013. ISBN 978-1-4081-2466-6.
  23. Lewis, Aimee (22 March 2009). "World Cup joy for England women". BBC Sport. සම්ප්‍රවේශය 8 April 2012.
  24. 24.0 24.1 "Final: England Women v New Zealand Women at Sydney, Mar 22, 2009: New Zealand Women innings". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 April 2012.
  25. 25.0 25.1 25.2 Briggs, Simon (22 March 2009). "England victorious in World Cup final". The Daily Telegraph. London: Telegraph Media Group. සම්ප්‍රවේශය 7 April 2012.
  26. 26.0 26.1 26.2 Roesler, Jenny (22 March 2009). "England lift World Cup after late drama". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 April 2012.
  27. 27.0 27.1 "Final: England Women v New Zealand Women at Sydney, Mar 22, 2009: England Women innings". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 April 2012.
  28. Richards, Huw (23 March 2009). "Cricket; English Women Win 3rd World Cup". New York Times. සම්ප්‍රවේශය 7 April 2012.
  29. Cricinfo staff (23 March 2009). "Five England players in World Cup XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 April 2012.
  30. "Final: England Women v New Zealand Women at Lord's, Jun 21, 2009". ESPNcricinfo. 9 April 2012.
  31. Narayanan, Nishi (21 June 2009). "All-conquering England take title". සම්ප්‍රවේශය 9 April 2012.

සැකිල්ල:2009 Women's Cricket World Cup