Jump to content

1 පරාක්‍රමභාහු රජු

විකිපීඩියා වෙතින්

Welcome to SL Wikipedia      HSL Academy

[සංස්කරණය]

මහා පරාක්‍රමභාහු රජු (ක්‍රි.ව 1153 – 1185)

[සංස්කරණය]

හැදින්වීම

පළමු වන විජයභාහු රජුගේ නැගනිය වූ මිත්තා කුමරියගේ සැමියා වූයේ පාංඩ්‍ය වංශික කුමාරයෙකි. මේ තිදෙනාට පුතුන් තිදෙනෙක් සිටින ලදී (මානාභරණ, ශ්‍රී වල්ලභ, කීර්ති ශ්‍රී මේඝ) මානාභරණ කුමාරයා රත්නාවලි කුමරිය ස්වරණපාවා ගත් අතර පරාක්‍රමභාහු ඔහුන් දෙදෙනාගේ පුත්‍රයා විය.චිත්‍රා හා ප්‍රභාවති නමින් දූවරු දෙදෙනෙක් ද විය.

පරාක්‍රමභාහු කුමාරයා ශිල්ප හදාරමින් කලක් රුහුණේ මහානාගහුල ගත කරන ලදී. කුමරා රජරටට ගොස් එහි විස්තර සොයා බැලීමට අදහස්කොට රජරට බලා ගොස් එහි තොරතුරු සොයාබලන ලදී.කිත්සිරි මේඝවර්ණ රජුගෙන් පසු දක්කිණ දේශයේ රජකම ලබාගන්නා ලදී.

1 පරාක්‍රමභාහු නමින් රජවීමෙන් පසු කෘෂිකර්මාන්තය නගාසිටුවීම උදෙසා විශාල වාරිකර්මාන්ත ඉදිකරන ලදී.ක්‍රි.ව 1186 දී ඔහු මිය යන ලදී.

මහා පරාක්‍රමභාහු රාජ්‍ය සමය

[සංස්කරණය]

පරාක්‍රමභාහු රජු පිලිබද හැදෑරීමේදී අවධි දෙකකට අවධානය යොමුකල යුතුය.

1.   දක්කිණ දේශයේ පාලනය කල සමය

2.   මුලු රටම පාලනය කල සමය

මේ අවදිය පිලිබද අධ්‍යනය කිරීමේ දී මූලාශ්‍ර කිහිපයක් භාවිතා කල හැකිය.

1.   මහාවංශය දෙවැනි කොටස

2.   දෙවනගල ලිපිය

3.   සංගමුවිහාර ලිපිය

4.   ගල්විහාර ලිපිය

5.   ආර්පාක්කම් ලිපිය

දක්කිණ දේශයේ පාලනය

[සංස්කරණය]

දක්කිණ දේශයේ සිය පාලන මධ්‍යස්ථානය ලෙස ‍පරාක්‍රම පුරය හෙවත් නූතන පඩුවස්නුවර තෝරාගත් මේ තුමා අනාගත යුද්ධයක් වෙනුවෙන් අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කරන ලදී.දෙවැනි ගජභාහු රජුගෙන් රජරට අත්පත් කර ගැනීමේ අරමුණින් ආර්ථික ශක්තිය හායුධමය ශක්තිය සැලසුම් කරන ලදී.

දක්කිණ දේශයේ සිටි තරුණයින් බදවාගනිමින් හමුදාව ගොඩනගන ලදී. හදිසි අවස්ථාවකදී පහර දීම සදහා ග්‍රාමීය තරුණ පිරිස් පුහුණු කරන ලදී.කේරල දේශයෙන් ගෙන්වාගත් අංගම්පඩි හමුදාව විදේශ හමුදාව ගලස පවත්වාගන්නා ලදී.හමුදාව මෙහෙය වීම සදහා සේනාපති වරු පත්කරන ලදී.අවශ්‍ය ස්ථාන වල බලකොටු තනවා යුද ශක්තිය ඇතිකරන ලදී.

දක්කිණ‍ දේශයේ පාලකයා වශයෙන් සිය ආර්තිකය ශක්තිමත් කිරීම සදහා ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරන ලදී.

1.   දැදුරු ඔය යෝජනා ක්‍රමය

2.   කලු ගඟ යෝජනා කුමය

දැදුරු ඔයේ ස්ථාන 3ක් හරස්කොට අමුණු බැද ජලය ලබාගෙන කුඹුරු කරවන ලදී. උදා - කොට්ටබද්ධ අමුණ, සූකරනිජ්ජර අමුණ, දෝරගන්කිත අමුණ

කලු ගඟ ආශ්‍රිතව පස්යෙදුම් රටේ පැවැති වගුරු බිමේ ජලය බැසයාමට සලස්වා වගාවට සරිලන ආකාරයෙන් සංවර්ධනය කරන ලදී. දක්කිණ දේශයේ පැවැති වැවු 53 ක් ප්‍රතිසංස්කරණය කරන ලදී. කුඩා පඬා වැව අක්කර 1200 ක් දක්වා විශාල කර බෑණා සමුද්‍රය හෙවත් පළමු වන පරාක්‍රම සමුද්‍රය කරවන ලදී. කොළඹ, කල්පිටිය, උරුවෙල යන වරායන් නවීන නරමින් විදේශ වෙලදාම දියුණු කරන ලදී.

ගජභාහු රජු සමග සටන් වෑදීම සදහා ‍පොළොන්නරුව රාජධානිය කරා යන අතරමග දී මලය කදුකරය භාරව සිටි රත්ථඩංඩනායකව තමාට පක්ශපාති කරගෙන ගජභාහු රජු සමග සටන් බිමට පිවිස සටන් කිරීමට යන අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීවෙන් මෙම සටන ගිවිසුමක් අනුව නතර කරන ලදී. ඒ ගිවිසුම සංගමුවිහාර ලිපිය ලෙස හදුන්වයි.

ගජභාහු‍ගේ මරණයෙන් පසු තමාට බලය හිමිවිමට නියමිතව සිටියත් මානාභරණ බලහත්කාරයෙන් සිහසුන ලබා ගන්නා ලදී. මානාභරණ සමග ද සටන් වැද රාජ්‍ය අත්පත්කරගෙන මුලු රටම එක්සේසත් කරන ලදී.

මුලු රටම පාලනය කරන සමය

[සංස්කරණය]

ක්‍රි.ව 1153 දී පොලළාන්නරුව අල්ලාගත් පරාක්‍රමභාහු රජු පලමුවන පරාක්‍රමභාහු නමින් පාලනය කරන ලදී රුහුණේ ඇති වූ කැරැල්ලද මැඩ පවත්වන ලදී.

මේතුමා වාරිකර්මාන්ත රාශියක් කර කෘෂිකරමාන්තය දියුණු කරන ලදී.

මහ වැවු   163

කුඩා වැවු  2376

අමුණු  165

ඇල මාර්ග  391

මේ අතර පරාක්‍රම සමුද්‍රය, අංගමැඩිල්ල අමුණ ප්‍රධාන වේ

මේ තුමා දේශිය මෙන්ම විදේශිය වෙළදාමද දියුනු කරන ලදී. කාම්බෝජය සමග සබදතා ගොඩ නගා ඇත.

මේ තුමා විහාරාරාම රාශියක් ප්‍රතිසංස්කරණය කෙරූ අතර විහාරාරාම රාශියක් කරවන ලදී

E.g. - ආලාහන විහාර සංකීර්ණය, ථූපාරාම විහා‍රය, ලංකා තිලක විහාරය, ගල් විහාරය, කිරි වෙහෙර, ජේතවනාරාමය ඒ අතර ප්‍රධාන වේ.


ලංකා ඉතිහාසය 5 වන පාඩම නිමයි.

“දැයේ දරුවන්ගේ නෙත් පෑදීම අපගේ අරමුණයි “ 
මෙම ලිපිය සේදුපත් බැලීමකින් තොරව රචනා කෙරුණු බව කරුණාවෙන් සලකන්න.
[සංස්කරණය]

මෙයට

Director

HSL Academy

H.M.J.A.Herath

Wendesiwaththa

Hettipola


ඔබට පැන නැගෙන අධ්‍යාපනික ගැටලු අපවෙත එවන්න.

මාගේ විද්‍යුත් තැපෑල

[[1]]

අපගේ ෆේස්බුක් අඩවිය

HSL Academy

අපගේ දුරකථන අංක

077 4278416

076 4348295

Wikipedia නිදහස් විශ්ව කෝශය වෙත පිවිසි ඔබට අපගේ ප්‍රණාමය

2020/02/07 වන දින රචනා කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=1_පරාක්‍රමභාහු_රජු&oldid=446784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි