‍පුරාණ අවිආයුධ ශාස්ත්‍රය

විකිපීඩියා වෙතින්
ගොනුව:Sword arm.jpg
රයිනෝසිරස් අණකින් සාදන ලද කඩු මිටක්

පුරාණ අ විආයුධ ශාස්ත්‍රය යනු මහා සම්මත මනු රජුගෙන් ඇරඹෙන හෙල රාජධානියත තුළ වසර 38000 කට අධික කාලයක් තිස්සේ යුද්ධාදී කටයුතු උදෙසා අප ශිල්පීන් විසින් තමන්ට අවි ආයුධ තනා ගැනීම සඳහා භාවිතා කළ ශාස්ත්‍රයයි. මෙය බොහෝ විට ඒ ඒ කුල මත පදනම්ව තිබී ඇති අතර මෙයට සාක්ෂි ලෙස අදටත් කම්මල් කරුවන් යනුවෙන් කුලයක් ලංකා සමාජයේ පවතින කුල ක්‍රමය තුළ දක්නට ලැබේ.

ඉතිහාසය[සංස්කරණය]

වෛජන්ත්රසය තන්ත්රපය නැමති පොතේ අප රටේ අවි ආයුධ තැනීම පිළිබඳ ඉතිහාසය සඳහන් ව ඇත. කම්මල් කරුවන් මහනුවර, මාතලේ, අටකලම්පන්න (ගොඩකවෙල, රත්නපුර දිස්ත්‍රීක්කය), රුහුණ වැනි ප්‍රදේශවල සිට ඇත. ඔවුන් සුබ නැකතක්, සුබ දිනයක් හා හෝරාවක් බැලීම වැනි කරුණු දැන සිටියේ අවි ආයුධ තැනිමේදී භාවිතා කරන්නාගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව සුබ නැකතක් බලා ඒ වෙලාවට ඔහු අතින්ම යකඩයට තලා හෝ රත් කිරීම සුබ වෙලාවකින් කොට ආයුධය තැනීම සිදු කිරීම චාරීත්‍රය වූ නිසාවෙනි.

මේ අතර ආයුධවල දිග හා පළල, භාවිතයේ මුලික සිරිත් ආදී සියල්ල හා මූලික ආයුධ හැසිරවීම දැන සිටි ඇත. කොත්මලේ නවන්ගම අදටත් කම්මල්වල නටබුන් ඇති අතර 9 වන සියවසේ දී ශ්‍රීසියට අයත් ඩැවස්කස් ලෙසින් හැඳින් වූ කඩු තලය ලංකාවෙන් හදාගෙන ගිය බව ඇලන් ජේ. ඩබ්ලිව්. නැමති කතුවරයා “Persian Metal Technology” නම් ග්ර්න්ථයේ පවසයි. 1950 දශකයේ දී රත්නපුරයේ සමනල වැව ජලාසය හදනවිට වැවට යටවූ පුරාවිධ්යාකත්මක ස්තාන අසූ ගණනකින් 77ක් ම 7 වන සියවසට කලින් තිබූ කම්මල් ය. බ්‍රිතාන්‍යයේ ජූලීන් නැමති පුරා විද්‍යාඥවරිය මේවා ලේඛන ගතකොට ඇති බව සඳහන් වේ. නිරිත දිග මෝසම් සුලං වලින් යකඩ රත් කරන පෝරණුවට සුලං ගත් බව සඳහන් වේ.

පැරණි ලංකාවේ ඛණිජ සම්පත් බෙදීයාම[සංස්කරණය]

  • නුවරඑලිය - රත්තරන් නිධි බහුල ප්‍රදේශයකි
  • වයඹ - රිදී බහුල ප්‍රදේශයකි
  • මාතලේ හා ඒ අවට - ලෝහ, යකඩ බහුල ප්‍රදේශ


අඟුරු භාවිතය[සංස්කරණය]

ගොනුව:Mainahama.jpg
මයිනහමක් භාවිතයෙන් යකඩ රත් කරන අයුරු

මරං (යකඩ මරං), පද්බේරිය, දඹ, තලකිරියා වැනි ලීවල අගුරු යපස් උණු කිරීමට ‍භාවිතා කොට ඇත. මාතලේ, හටන්ගම, ගුරුවෙල, බෝවත්ත, දිනිපිටිය, කිණිඹ, අල ගොල්ල, යටන්මුල්ල, නාගහපොළ, අකුරම්බොඩ යන පුදේශවල කම්මල් නටබුන් අදටත් ඇති ඇතර මෙම ස්ථානවල යබොර අදටත් දක්නට ඇත. මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇත ඕමරාගොල්ල රාවණාගේ ආයුධ ගබඩාව පිළිබඳ පුස්කොල පොතක සඳහන් පහත කවිය හොඳ ‍‍ෛඑතිහාසික සාක්ෂියකි.


ඕමරාගොල්ල ආයුධ ගබඩාව
නමුණුකුලයෙ සඟවා ඇත යගදාව
රක්වාගේ කදු මුදුනේ සිරියාව
පසිංගල් නිදානය ගනු නොපමාව


හෙළ කම්මල් කරුවෝ[සංස්කරණය]

ගොනුව:Kammalkaraya.jpg
සම්ප්‍රදායික කම්මල් කරුවෙක්

හෙළ කම්මල් කරුවෝ යනු රටේ යුද්ධයක් ඇතිවන අවස්ථාවේදී මෙන්ම සාමාන්‍ය අවශ්‍යතා සඳහා අවි ආයුධ සකස් කිරීම සඳහා පාරම්පරික දැනුමකින් යුක්ත වූ ඉතාමත් දක්ෂ ශිල්පීන් පිරිසකි. මයිනහමක් භාවිතයෙන් කම්මලේ අඟුරු රත් කර ගන්නා ඔහු තම රැකියාවට කෙතරම් ගරු කරාද යත් උදෙන්ම මයින හමට නමස්කාර කොට වැඩ ආරම්භ කිරීමට තරම් ඔහු තම ශාස්ත්‍රයට කෘතඥපූර්වක විය.

මෙය අද වුවුද සාම්ප්‍රදායික කම්මල් කරුවන් තුළ දක්නට ඇත. පහත් කුලයක් ලෙස සැලකෙන කුලයක් වුවද ඔවුන් රටේ සිටි සටන් කරුවන් හා ඔවුන්ගේ පරම්පරා සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව ඉතිහාස පොත පත ආශ්‍රිත මූලාශ්‍ර සාක්ෂි දෙයි. එයට හේතුව වූයේ තමාට අවශ්‍ය පරිදි ආයුධ සකස් කර ගැනීමට ඇතැම් විට සටන් කරුවන්ට කම්මල්කරුවාගේ කම්මලටද යෑමට සිදු වීමයි.

කලා හැකියාව[සංස්කරණය]

හෙළ කලාකරුවෙකු ලෙස පැහැදිලිවම ප්‍රකාශ කළ හැකි හෙළ කම්මල් කරුවා තමාගේ දක්ෂතාවය පෙන්වූයේ ආයුධයේ මුවඅත මනාව සකස් කිරීමෙන් පමණක් නොවේ. තමා සාදන සෑම ආයුධයකටම යම් කලාත්මක භාවයක් එක් කලේය. එනම් ලියවැලක් හෝ යම් කැටයමක් නොමැති පැරණි ආයුධයක් නොමැති තරම් ය. කඩුවේ ලේ කාණුව පවා සකස් කිරීමේදී ඒ වඩා ලියවැලක් රිදියෙන් හෝ රත්තරනින් යෙදීමට ඔහු අමතක නොකලේය.

සතුරාට විදින ඊතලය යනු වරක් භාවිතා කොට ඉවත් කරන ආයුධයකි. එය එසේ වුවද හෙල කලාකරුවා එයටත් ලියවැලක් කැටයම් කිරීමට අමතක නොකලේය. එසේම කිනිසි, කඩු, සිරික්කි හා එතුණු කඩු වැනි ආයුධවල මිට බොහෝ විට සකස් කරන ලද්දේ සත්ව අඟක් භාවිතා කරමිනි. ‍එසේම ඒ සඳහා ඇත් දළ භාවිතා කළ අවස්ථා බහුල විය. එය කැටයමින් ඔපවත් කළා පමණක් නොව ඒ මත මැණි ගල් ඔබ්බවා ඔපවත් කිරීමටත් හෙළ කම්මල් කරුවා තම කලාත්මක හැකියාව භාවිත කලේ ය.

සාම්ප්‍රදායික කලා කරුවාගේ අවසානය[සංස්කරණය]

1833 කෝල්බෘක් කැමරන් කොමිසමේ නිර්දේශයට අනුව ලංකාවේ එවක් පටන් පැවති කුල ක්‍රමය එනම් රාජකාරී ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ 1978 විවෘත ආර්ථිකයෝ ප්‍රථිඵලයක් ලෙස අද වන විට සාම්ප්‍රදායික කම්මල් කරුවන් හා ඔවුන්ගේ හැකියාවන් හීන වී ඇති අතර පැරණි කාලයේ මෙන් කලා ශිල්ප ඇති කම්මල් කරුවෙකු සොයා ගැනීමටවත් නොමැති තරම්ය.

හෙළ ආයුධ කලාව හා හෙළ සටන් කලාව[සංස්කරණය]

‍කම්මල්කරුවන් හා හෙළ සටන් කලාව වන අංගම්පොර සටන් කලාව අතර ඇත්තේ ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් වූ සබඳතාවකි. හෙළ සටන් කරුවන්ට අවශ්‍ය ආයුධ සපයාදීම කම්මල් කරුවන්ට තම ජන්මයෙන්ම උරුමවූ වගකීමක් විය. ඒ නිසාවෙන්ම හෙළ සටන් කරුවන් නොහොත් අංගක්කරුවන් තමන්ගේ අවි ආයුධ සකස් කර ගැනීමට කම්මල් කරුවාගේ සහාය පැතීය. එහිදී අවිආයුධ ආශ්‍රිත නැකැති ශාස්ත්‍රය දැන සිටියේ අංගක්කරුවන් පමණි. අංගක්කරුවා සකස් කොට දෙන නැකතින් මයිනහමට ගිණි තබා කඩුවක් වැනි ආයුධයක වැඩ ආරම්භ කරන කම්මල්කරුවා, කඩුව හිමිකාර සටන් කරුවාගේ ශරීරප්‍රමාණය අනුව කඩුව සැකසීම සිදු කරයි. එම මිනුම් දඩු ආදිය ගැන මනා අවබෝධයක් කම්මල්කරුවා සතු විය. එපමණක් නොව ආයුධයක් සකස් කිරීමේදී මූලික ආයුධ හැසිරවීම පිළිබඳ එනම් මූලික ඉලංගම් හරඹයන් පිළිබඳ අවබෝධයක් කම්මල් කරුවා සතු විය.

ආශ්‍රිත ලේඛන[සංස්කරණය]