ෙවළඳ ලකුණු පිලිබඳ නීතිය

විකිපීඩියා වෙතින්

වෙළඳ ලකුණු පිලිබඳ නීතිය

වෙළඳ ලකුණක් යනු කිසියම් පුද්ගලයකු ව්‍යාපාර සංවිධානයක් හෝ නෛතික ආස්ථීත්‍යයක් විසින් සිය නිෂ්පාදනයන් සහ/ හෝ සේවාවන් පාරිභෝගිකයන්ට හඳුන්වාදීම සඳහා භාවිතා කරනු ලබන සලකුණකි. වෙළඳ ලකුණක නාමය, වචන, යෙදුම්, ලාංඡනය. සංකේත, සැලසුම, රූපය හෝ මෙම අංගයන්ගේ සංයෝගය බුද්ධිමය දේපලක් ලෙසින් සැලකේ. මෙම ප්ව‍රමිතිගත වර්ගීකරණයන්ට නොවැටෙන සලකුණු අන්තර්ගත වන්නාවූ සාම්ප්න‍රදායික නොවන වෙළඳ ලකුණුද පවතී.

ලියාපදිංචි වෙළඳ ලකුණක හිමිකරුවකුට අවසරයක් නොමැතිව එකී වෙළඳ ලකුණු භාවිතා කිරීමට එරෙහිව නෛතික පියවර ගතහැක. කෙසේවෙතත් ලියාපදිංචිය අනිවාර්යයක් නොවේ. පොදු නීතිය යටතේ වෙළඳ ලකුණකට හිමිකම් කියන්නකුටද වෙළඳ ලකුණු පිලිබඳ නඩුවක් පැවරීමේ හැකියාව ඇත. කෙසේවෙතත් ලියාපදිංචි නොකල වෙළඳ ලකුණකට ආරක්‍ෂාව හිමිවන්නේ එය භාවිතා කරනු ලැබ ඇති හෝ සාධාරණ ලෙස එය භාවිතා කිරීම ව්‍යාප්ත කරනු ලැබිය හැකියැයි සිතිය හැකි භූගෝලීය ප්ි‍රදේශය තුල පමණකි.

ප්රිසිද්ධ තැනැත්තන්ගේ නම් වැනි කිසියම් තැනැත්තකුව පැහැදිලිව වෙන්කොට හඳුනාගනු ලබන ගුණාංගයන්ටද අවිධිමත් ලෙස වෙළඳ ලකුණු ලෙසින් හඳුන්වනු ලැබේ. නිෂ්පාදනයකට නොව සේවාවක් සඳහා වෙළඳ ලකුණුක් භාවිතා කරනු ලැබූ විට එය සමහර අවස්ථාවලදී, විශේෂයෙන්ම එක්සත් ජනපදය තුල සේවා ලකුණක් ලෙසින් හඳුන්වනු ලැබේ.