හෝමියෝපති

විකිපීඩියා වෙතින්

හෝමියෝපති යනු 1796 දී සැමුවෙල් හානමන් විසින් ආරම්භ කළ විකල්ප වෛද්‍ය ක්‍රමයකි. එය ඔහුගේ "like cures like" නම් මතය මත ආරම්භ වී ඇත. එනම් නිරෝගී පුද්ගලයෙකුගේ කිසියම් රෝග ලක්ෂණ ඇති කරන ද්‍රව්‍යයක් මගින් සමාන රෝගලක්ෂණ සුවකරනු ඇති බවයි. හෝමියෝපති යනු ව්‍යාජ විද්‍යාවකි, එනම් විද්‍යාවක් ලෙස ඉදිරිපත් කරන නමුත් විද්‍යාත්මක නොවන්නකි. හෝමියෝපති නිශ්පාදන කිසිම රෝගයකට හෝ තත්වයකට ප්‍රතිකාර ලෙස ඵලදායි නොවේ. මහා පරිමාණ සමීක්ෂණ වලින් හෝමියෝපති ප්‍රතිකාර "ඖෂධ නොවන ප්‍රතිකාර (placebo)" වලට වඩා කිසිදු සාර්ථකත්වයක් නොමැති වන බව පෙනී ඇති අතර, පෙනෙන්නට ඇති හොඳ ප්‍රතිඵල ප්ලැසීබෝ නිසාත්, රෝග වලින් සාමාන්‍ය ලෙස සුව වීමත්, මධ්‍ය ලක්ෂය කරා පැමිනීම නම් සංඛ්‍යාත ලක්ෂණය නිසාත් සිදුවන බව පෙනේ.

හානමන් විශ්වාස කළේ miasms ලෙස හැඳින්වෙන සංසිද්ධියක් රෝග සඳහා පාදක වූ බවත් හෝමියෝපති නිශ්පාදන මේ සඳහා උපකාරි විය හැකි බවය. මෙම නිශ්පාදන හෝමියෝපතික තනුක කිරීම මගින් නිශ්පාදනය කරයි. මෙහිදී අදාල රසායනිකය නැවත නැවත ආසවනය කරනලද ජලයේ දියාරුකරනු ලැබේ. මෙසේ තනුක කරන සෑම වරකම එම භාජනය ග්‍රන්ථයක තදින් වද්දනු ලැබේ. මෙම දියාරු කිරීම දිගින් දිගට අදාල රසායනිකයේ අංශුවක්වත් නැතිවන තරමටත් වඩා ප්‍රමාණයක් කරනු ලැබේ. මෙම රසායනික සහ සාදන උපදෙස් රෝගියාගේ ලක්ෂණ, පෞද්ගලික ගති ලක්ෂණ, භෞතික සහ මානසික තත්වය සහ ජීවිත ඉතිහාසය යන පරිණාමය සැලකිල්ලට ගනිමින් නිර්දේශිත ග්‍රන්ථ වලින් ලබා ගැනේ[1]

සියවස් දෙකකට ඉහත හෝමියෝපති ක්‍රමයේ නිර්මාණය සිට මිනිස් සිරුර, ඖෂධ, ද්‍රව විද්‍යාව පිලිබඳව නව සොයාගැනීම් රාශියක් සිදු වී ඇත. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව මානසික විද්‍යාව රසායනික විද්‍යාව හරහා සොයාගත් පුළුල් පරාසයකින් යුත් සොයා ගැනීම් වලින් අනාවරණය වී ඇති කරුණු අනුව හෝමියෝපති ක්‍රමය සිදුවිය හැක්කක් නොවන බව පැහැදිලි වී ඇත.[2][3][4][5] ඇතැම් සායනික පරීක්ෂණ මගින් ධනාත්මක ප්‍රතිඵල ඇති වුවද, බහු විධිමත් විචාරයන් පෙන්නුම් කර ඇත්තේ මෙය අහම්බෙන්, දුර්වල පර්යේෂණ ක්‍රම සහ පක්ෂග්‍රාහී වාර්තාකරණ නිසා පමනක් සිදුවී ඇති බවය. HIV රෝගය හා මැලේරියාව වැනි බරපතල රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට උත්සාහ කිරීම සඳහා හෝමියෝපති භාවිතයට ගැනීම නිසා භාවිතයට ගතහැකි ප්‍රතිකාර ක්‍රම අධෛර්යමත් වීම ආචාරසම්පන්න නොවන බැවින් අනතුරු ඇඟවීමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝමියෝතික ඖෂධ විවේචනය කර ඇත..[6] කිසිදු සාර්ථකත්වයක් නොමැති බව හෙලිවී ඇති නමුත් දිගින් දිගටම හෝමියෝපති ක්‍රමය භාවිතා කිරීම නිසා විද්‍යාත්මක හා වෛද්‍ය සමාජය තුල මෙය විකාරයක්,[7]බොරුවක්,[8] වංචාවක් ලෙස විවේචනයට බඳුන් වී ඇත.[9]

ඕස්ට්‍රේලියානු ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය, එක්සත් රාජධානියේ ප්‍රජාමූල විද්‍යා හා තාක්ෂණ කමිටුව, යුරෝපීය ශාස්ත්‍රීය විද්‍යා උපදේශක සභාව සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් සෞඛ්‍ය කාර්යාංශය විසින් කරන ලද අධ්‍යයනයන් මගින් හෝමියෝපති ක්‍රමය නිශ්ඵල බව නිගමනය කරන ලද අතර, තව දුරටත් අරමුදල් සැපයීමට විරුද්ධව උපදෙස් දී ඇත.[10][11][12] එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය විසින් "සම්පත් අනිසි ලෙස භාවිත කිරීම" නිසා හෝමියෝපති වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් අරමුදල් වෙන්නොකිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර ඇත.[13] එක්සත් රාජධානියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් තහනම් බෙහෙත් වට්ටෝරුවන්ගේ කලු ලයිස්තුවට හෝමියෝපති ඖෂධ එකතු කරන ලෙස ඉල්ලා ඇත.[14]

ඉතිහාසය[සංස්කරණය]

හෝමියෝපති වෙදදුරන් ඇලොපති වෛද්‍ය ක්‍රමයේ භයානක කම දෙස බලන සිතුවමක්. 1857දී ඇලෙක්සැන්ඩර් බේඩිමන් විසින් සිතුවම් කර ඇත.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

හිපොක්‍රිටස් විසින් ක්‍රි.පූ. 400 දී පමණ හෝමියෝපති ක්‍රමය ආරම්භ කර ඇති බවට හෝමියෝපති ඖෂධවේදීන් ප්‍රකාශ කරන බව පෙනෙන්නට තිබේ. ඒ ඔහු විශාල මාත්‍රාවකින් උමතු විය හැකි බව දන්නා විට උමතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මැන්ඩ්රේක් මුල්වල කුඩා මාත්‍රාවක් නියම කළේය.[15] 16 වන ශතවර්ෂයේදී ඖෂධවේදී පුරෝගාමියෙකු වූ පැරාසෙල්ස්ස් ප්‍රකාශ කළේ, "මිනිසෙකු රෝගී කරන ද්‍රව්‍යයක කුඩා මාත්‍රාවකින් එම රෝගයම සුව කරන්නේය" යන්නයි.[16] 18 වන ශතවර්ෂයේ අග භාගයේදී සැමුවෙල් හානමන් (1755-1843) හෝමියෝපති නම සහ එහි මුලධර්ම වැඩිදියුණු කළේය.

8 වන හා 19 වන සියවසේ අග භාගයේ දී ප්‍රධාන වෛද්‍ය ක්‍රම අතර ලේ වැගිරීම් සහ පිරිසිදු කිරීම වැනි ක්‍රම භාවිත කළ අතර, ඔපියම්, සුවඳ වර්ග සහ පොලොන් මස් ඇතුළු ද්‍රව්‍ය 64 කින් සෑදූ වැනීස් පැණි වැනි සංකීර්ණ මිශ්‍රණ භාවිතා කරන ලදී.[17] මෙම ප්‍රතිකාර ක්‍රම බොහෝ විට රෝගය දරුණු කිරීමට ඉඩ ඇති අතර සමහර අවස්ථාවලදී මාරාන්තික විය.[18][19] හානමන් සියවස් ගණනාවක් පුරා වර්ණනා කර තිබූ මෙම ක්‍රමවේදයන් අතාර්තික හා නොසැලකිලිමත් බව පවසා ප්‍රතික්ශේප කලේය[20][21] ඒ වෙනුවට ඖෂධ කුඩා මාත්‍රා වලින් සහ තනි තනි ඖෂධ භාවිතා කිරීම උපදෙස් දුන් අතර ජීවීන්ගේ රෝග සඳහා ආධ්‍යාත්මික මෙන්ම භෞතික හේතුද ඇති බව පැවසීය.[22]

හානමන්ගේ සංකල්පය[සංස්කරණය]

සැමුවෙල් හානමන් ස්මාරකය, වොෂින්ටන් D.C. "Similia Similibus Curentur" - සමාන දෙයින් සමාන දේ සුව කරයි.

"හෝමියෝපති" යන යෙදුම හානමන් විසින් නිර්මාණය කරන ලද අතර 1807 දී මුල් වරට මුධ්‍රිත මාධ්‍යයක පලවිය.[23]

ස්කොට් ජාතික වෛද්‍යවරයෙක් හා රසායන විද්‍යාඥයෙක් වූ විලියම් කැල්නන් විසින් රචිට වෛද්‍ය නිබන්ධයක් ජර්මන් බසට විට හෝමියෝපති පිලිබඳ අදහස හානමන් තුල හට ගත්බව සඳහන්ය.මැලේරියා රෝගය සුව කිරීම සඳහා සින්කෝනා ශාක කොටස් භාවිතා කිරීම පිලිබඳ න්‍යාය ගැන සැක සිතූ හානමන් එම පොත්තේ කොටසක් ආහාරයට ගත්තේය.මැලේරියා රෝගයට සමාන ලෙස හන්දි වේදනාව, උණ, ඇඟ සිතල කිරීම වැනි රෝගලක්ෂණ ඔහු අත්දුටුවේය.මෙයින් හානමන් නිගමනය කලේ පුරාණ වෛද්‍යවරුන් යෝජනා කල පරිදි (සමාන දෙයින් සමාන දෙය සුව කිරීම ) රෝග වලට පලදායී ඖෂධ නිරෝගී පුද්ගලයන්ගේ රෝගයට සමාන ලක්ෂණ ඇති කරන බවයි.[24] නමුත් 1861දී ඔලිවර් වෙන්ඩල් හොල්ම්ස් සඳහන් කර ඇත්තේ ඔහු විසින්ද සින්කෝනා පරිබෝජනය කලනමුත් හානමන් අත්දකිනලද ලක්ෂණ නොදැක්ක බවයි.[25]:128

 හානමන්ගේ සමාන බවේ නිතිය විද්‍යාත්මක නිගමනයකට වැඩ උපකල්පනයක් බව සඳහන්ය.[26] මෙම නිතිය හෝමියෝපති නම නිර්මාණය කිරීමට දායක විය. ග්‍රීක බසින් හෝමියෝ යන්නෙන් සමාන ලෙසත් (ὅμοιος hómoios, "-like"), පති යන්නෙන් පීඩාව හෙවත් වේදනාව ලෙසත් (πάθος páthos, "suffering") හැඳින්වේ.

පසුකාලින විද්‍යාත්මක සොයාගැනීම් තහවුරු වී ඇත්තේ සින්කෝනා ශාකයෙන් මැලේරියාව සුව වන්නේ එහි අඩංගු ක්වීනින්(quinine) නම් ඖෂධයක් මගින් Plasmodium falciparum නම් පරපෝෂිතයා විනාශ කරන නිසා බවත්, එය හානමන්ගේ අදහස් වලට කිසිම සමබන්දයක් නොමැති බවත්ය.[27]

තේ ශාකයකින් සකස්කළ හෝමියෝපති නිෂ්පාදනයක්: "-15 සී" යන්නෙන අදහස් වන්නේ මුල් ද්‍රාවනය 1/1030 දක්වා තනුක කරන බවයි.එම නිසා මෙහි මුල් ද්‍රාවණයේ එක අංශුවක්වත් තිබීමේ හැකියාව ඉතා අඩුය.

19 වන සියවස: ජනප්‍රියත්වට පත් වීම සහ මුල් විවේචන[සංස්කරණය]

හෝමියෝපති 19වන සියවසේදී ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. 1825දී හානමන්ගේ ශිෂ්‍යයෙක් වූ  හාන්ස් බර්ක් ග්‍රෑම් විසින් මෙය ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දෙන ලදී.[28] පළමු හෝමිෙයෝපති පාසල 1835දී එක්සත් ජනපදයේ ආරම්භ වූ අතර පළමු එක්සත් ජනපද ජාතික වෛද්‍ය සංගමය,   ඇමරිකානු හෝමියෝපති ආයතනය, 1844 දී පිහිටුවන ලදී. 19 වන සියවස පුරාවට, දුසිම් ගනනක් හෝමිෙයෝපති ආයතන යුරෝපයේ හා එක්සත් ජනපදයේ බිහි විය.[29] 1900දී හෝමිෙයෝපති විද්‍යාල 22ක් සහ වෘත්තිකයින් 15,000 එක්සත් ජනපදය තුල සිටියහ.. එවකට වෛද්‍ය ප්‍රතිකාර බොහෝ විට නිෂ්පල අසාර්ථක ඒවා වූ බැවින් හෝමියෝපති වෘත්තිකයන්ගේ ප්‍රතිකාර වැඩ හොද ප්‍රතිපල ලබා දී ඇත.[30] හෝමිෙයෝපති ප්‍රතිකාර නිෂ්පල වුවත් නියත වශයෙන්ම ඇති කිසිදු හානියක් නොකරන බැවින් හෝමියෝපති භාවිතා කරන්නන් මරණයට පත්වීමේ හැකියාව අඩුවිය.  හෝමියෝපති ඇති වූ සාපේක්ෂ සාර්ථකත්වය නිසා අකාර්යක්ෂම හා හානිකර පතිකාර වෙනුවට වඩාත් ප්‍රතිපලදායි විද්‍යාව මත පදනම් වූ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමිවී ඇති පවා පෙනේ.[19] හෝමියෝපති ජනප්‍රිය වීමට තවත් හේතුවක් වන්නේ බෝවන වසංගත රෝග වලට ප්‍රතිකාර වල පෙනෙන්නට තිබු සාර්ථකත්වයයි.[31] 19 වන සියවසේ කොලරාව වැනි වසංගත රෝග වල මරණ අනුපාතය හෝමිෙයෝපති රෝහල්වලට වඩා සම්ප්‍රදායික රෝහල්වලට වැඩි  වුයේ ඒවාද නිෂ්පල වීමට අමතරව හානිදායි වීමටද ඉඩ තිබු බැවිනි.[32]

කෙසේ වෙතත්, එහි ආරම්භයේ සිටම, හෝමියෝපති විද්‍යාව තුල විවේචනයට ලක් විය. වික්ටෝරියා රැජිනගේ වෛද්‍යවරයා වූ සර් ජෝන් ෆෝබ්ස් 1843 දී හෝමියෝපති සමච්චලයට ලක්කලේ එවැනි ඉතාමත්ම කුඩා ප්‍රමාණවලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් "මිනිසාගේ තාර්කික බුද්ධියට අවනම්බුවක්" බවයි.[33] 1853 දී ජේම්ස් යන්ග් සිම්ප්සන් ප්‍රකාශ කලේ මොනතරම් බලවත් විෂක් වුවත් බිලියන ගණනක් දියාරු කලවිට මිනිසෙකුට නොව මැස්සෙකුටවත් බලපෑමට නොහැකි බවයි.[34] 19 වන සියවසේ විසු ඇමරිකානු වෛද්‍යවරයෙක් සහ කතුවරයෙකු වූ Oliver Wendell Holmes, ජේෂ්ඨ ද 1842 දී රචිත "Homœopathy and Its Kindred Delusions  ග්‍රන්ථයේ හෝමියෝපති ක්‍රමය තදබල ලෙස විවේචනය කර ඇත. 1867දි ප්‍රංශ හෝමියෝපති සමාජය නිරීක්ෂණය කලේ යුරෝපයේ ප්‍රධාන හෝමියෝපති වෛද්‍යවරුන් මෙලෙස ඉතා කුඩා ප්‍රමාණ වලින් ඖෂධලබාදීම අතහැරදමා ඇති බවයි.[35] 1920 දී එක්සත් ජනපදයේ අවසාන හෝමියෝපති පමණක් උගන්වන පාසැල වසාදමනු ලැබුණි.

20 වැනි සියවසේ දී පුනර්ජීවනය[සංස්කරණය]

පෝල් උල්රිච් අන්ෂල්ඩ් ට අනුව ජර්මනියේ නාසිවරුන් හෝමියෝපති පිළිබඳව ඉතා කැමැත්තක් දැක්වූ අතර එය ක්‍රියාකරන ආකාරය සෙවීමට විශාල මුදලක් වය කර ඇති නමුදු හොඳ ප්‍රතිපලයක් ලබානොමත. අන්ෂල්ඩ් තවදුරටත් පවසන්නේ හෝමියෝපති ඉන් අනතුරුව එක්සත් ජනපදය තුල පැතිරුනේ නැති නමුත් යුරෝපීය චින්තනය ගැඹුරින් දී ස්ථාපිත විය.[36] එක්සත් ජනපදය තුල 1938දී, ආහාර, ඖෂධ හා විලවුන් පනත  (නිව් යෝර්ක් සෙනෙට් සභික හා හෝමියෝපති වෛද්‍ය රෝයල් කාර්පෙන්ටර් ) හෝමියෝපති නිෂ්පාදන ඖෂධ ලෙස පිළිගන්නා ලදී. 1950දි හෝමියෝපති වෙදදුරන් සිටියේ 75ක් පමණි.[37] කෙසේ වෙතත්, 1970 දශකයේ මැද භාගය වනවිට හෝමියෝපති සමාගම් ප්‍රමාණය දසගුනයකින් වැඩිවිය.[38] කෙසේනමුත් 2015දි එක්සත් ජනපද අහර හා ඖෂධ පාලනාධිකාරියේ වාර්තා අනුව 2007දි කවුන්ටරයෙන් ලබා ගතහැකි හෝමියෝපති ඖෂධ වල විකිණීම ඇමරිකානු ඩොලර් බිලියන 2.7 කට වැඩිය.[39]

පොයිසන් අයිවි නම් ශාකයෙන් සකස් කල හෝමියෝපති නිෂ්පාදනයක්.
This bottle is labelled Arnica montana (wolf's bane) D6, i.e. the nominal dilution is one part in a million (10-6).
Homeopathic repertory by James Tyler Kent
Homeopathic pills, homeopathic preparation oscillococcinum

සඵලත්වය සහ සාර්ථකත්වය පිලිබඳ සාක්ෂි[සංස්කරණය]

හෝමියෝපති නිෂ්පාදන වල අධික තනුක කිරීම නිසා මුල් රසායනිකයේ එකම අනුවක්වත් අවසාන මිෂණයේ තිබීමේ හැකියාව අඩුය. මේ කරුණ නිෂ්පාදන වල ක්‍රියාකාරීත්වය පිලිබඳ ප්‍රශ්න කිරීමට හේතු විය. හෝමියෝපති පිලිබඳ නුතන හඬනගන්නන් "ජලයේ මතකය" එනම් අදාල රසායනිකය පිළිබඳව ජාල අංශු මතක තබා ගනිමින්, එහි ගුණාංග සම්ප්‍රේෂණය කරන බව පවසයි.නමුත් මෙවැනි සංසිද්ධියක් පිළිබඳව භෞතික විද්‍යාව අනුව කිසිදු සාක්ෂියක් නොමැත.[40] 

ජේම්ස් රැන්ඩි සහ වෙනත් බොහෝ ය මෙම නිෂ්පාදන වල කිසිම ක්‍රියාකාරී ද්‍රව්‍යයක් නොමැතිබව පෙන්වීමට ඒවාගෙන් මාත්‍රාවට වැඩ විශාල ප්‍රමාණවලින් පානය කර පෙන්වා ඇත. එක්සත් රාජධානියේ, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව හා එක්සත් ජනපද වැනිරටවල් වල බොහෝ ප්‍රදර්ශකයන් කිසිවෙකුට මෙවැනි ප්‍රදර්ශන වලින් කිසිම අනතුරක් වී නොඅමති අතර කිසිම දෙයක් සුවවිමක්ද සි වී නැත.[41][42]

 විකල්ප විද්‍යා සමාජ වල හැර විද්‍යාඥයන් මෙය වංචාවක් හෝ හෝ ව්‍යාජ විද්‍යාවක්[43][44][45][46] ලෙස සැලකේ. විද්‍යාත්මකව ක්‍රියාකාරී ක්‍රමයක් නොමැති පරිද්දෙන්ම පරීක්ෂණවලින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සංඛ්‍යාත්මක සාක්ෂිද නොමැත.[47]

යොමු[සංස්කරණය]

  1. Hahnemann S (1833). The Organon of the Healing Art (5th ed.). aphorisms 5 and 217. ISBN 0-87983-228-2.
  2. Ernst, E. (December 2012). "Homeopathy: a critique of current clinical research". Skeptical Inquirer. 36 (6).
  3. "Homeopathy". American Cancer Society. සම්ප්‍රවේශය October 12, 2014.
  4. UK Parliamentary Committee Science and Technology Committee - "Evidence Check 2: Homeopathy"
  5. "Homeopathic products and practices: assessing the evidence and ensuring consistency in regulating medical claims in the EU" (PDF). European Academies' Science Advisory Council. September 2017. p. 1. සම්ප්‍රවේශය 1 October 2017. ... we agree with previous extensive evaluations concluding that there are no known diseases for which there is robust, reproducible evidence that homeopathy is effective beyond the placebo effect.
  6. Mashta, O (August 24, 2009). "WHO warns against using homoeopathy to treat serious diseases". BMJ. 339 (aug24 2): b3447–b3447. doi:10.1136/bmj.b3447.
  7. "Homeopathy is nonsense, says new chief scientist". The Daily Telegraph. April 18, 2013. සම්ප්‍රවේශය September 9, 2013.
  8. Paul S. Boyer. The Oxford companion to United States history. ISBN 9780195082098. සම්ප්‍රවේශය January 15, 2013. After 1847, when regular doctors organized the American Medical Association (AMA), that body led the war on "quackery", especially targeting dissenting medical groups such as homeopaths, who prescribed infinitesimally small doses of medicine. Ironically, even as the AMA attacked all homeopathy as quackery, educated homeopathic physicians were expelling untrained quacks from their ranks.
  9. "Supported by science?: What Canadian naturopaths advertise to the public". සම්ප්‍රවේශය January 15, 2013. Within the non-CAM scientific community, homeopathy has long been viewed as a sham
  10. Musgrave, I (April 8, 2014). "No evidence homeopathy is effective: NHMRC review". The Conversation. සම්ප්‍රවේශය January 10, 2015.
  11. "Swiss make New Year's regulations". Swiss Info. සම්ප්‍රවේශය December 16, 2015.
  12. "Homeopathic remedies are 'nonsense and risk significant harm' say 29 European scientific bodies". The Independent. September 23, 2017. සම්ප්‍රවේශය October 10, 2017.
  13. "NHS to ban homeopathy and herbal medicine, as 'misuse of resources'". Daily Telegraph. July 21, 2017. සම්ප්‍රවේශය July 21, 2017.
  14. Gallagher, James (2015-11-13). "Homeopathy 'could be blacklisted'". BBC News (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-12-05.
  15. Hemenway, Henry Bixby (1894). "Modern Homeopathy and Medical Science". JAMA: The Journal of the American Medical Association. XXII (11): 367. doi:10.1001/jama.1894.02420900001001.
  16. "Paracelsus (German-Swiss physician)". Paracelsus (German-Swiss physician). Encyclopædia Britannica. http://www.britannica.com/EBchecked/topic/442424/Paracelsus. ප්‍රතිෂ්ඨාපනය March 24, 2009. 
  17. Hodgson B (2001). In the Arms of Morpheus: The Tragic History of Morphine, Laudanum and Patent Medicines. Firefly Books. p. 18. ISBN 1-55297-540-1.
  18. "British Medical Journal". BMJ. 1 (533): 283–4. 1871. doi:10.1136/bmj.1.533.283.
  19. 19.0 19.1 Kaufman M (1971). Homeopathy in America: The rise and fall of a medical heresy. The Johns Hopkins University Press. ISBN 978-0-8018-1238-5.[page needed]
  20. Edzard Ernst; Singh, Simon (2008). "Trick or Treatment: The Undeniable Facts about Alternative Medicine". New York: W. W. Norton. ISBN 0-393-06661-4. {{cite journal}}: Cite journal requires |journal= (help)
  21. Lasagna L (1970) [1962]. The doctors' dilemmas. New York: Collier Books. p. 33. ISBN 978-0-8369-1669-0.
  22. W. Steven Pray (August 1, 2003). a History of Nonprescription Product Regulation. Psychology Press. p. 192. ISBN 978-0-7890-1538-9. සම්ප්‍රවේශය January 21, 2013.
  23. Dean ME (2001). "Homeopathy and "the progress of science"" (PDF). Hist Sci. 39 (125 Pt 3): 255–83. PMID 11712570. January 1, 2006 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 31, 2009.
  24. Robert W. Ullman; Judyth Reichenberg-Ullman (October 1, 1994). The patient's guide to homeopathic medicine. Picnic Point Press. pp. 1–2. ISBN 978-0-9640654-2-0. සම්ප්‍රවේශය January 24, 2013.
  25. Oliver Wendell Holmes, Sr. (1842). Homoeopathy and its kindred delusions: Two lectures delivered before the Boston Society for the Diffusion of Useful Knowledge. Boston. as reprinted in Oliver Wendell Holmes, Sr. (1861). Currents and counter-currents in medical science. Ticknor and Fields. pp. 72–188. OCLC 1544161. OL 14731800M.
  26. "A wail from the waste-basket". The Dental Cosmos: a monthly record of dental science (editorial). 36 (12): 1030–1032. December 1894. {{cite journal}}: Unknown parameter |editors= ignored (help)CS1 maint: Uses editors parameter (link)
  27. Atwood, Kimball (January 4, 2008). "Homeopathy and evidence-based medicine: back to the future". Science Based Medicine. සම්ප්‍රවේශය September 9, 2013.
  28. Miller, Timothy (1995). America's alternative religions. State University of New York Press, Albany. p. 80. ISBN 978-0-7914-2397-4.
  29. Winston J (2006). Homeopathy Timeline. Whole Health Now. ISBN 0-473-05607-0. December 15, 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 23, 2007. {{cite book}}: |work= ignored (help)
  30. Ernst, E.; Kaptchuk, TJ (1996). "Homeopathy revisited". Archives of Internal Medicine. 156 (19): 2162–4. doi:10.1001/archinte.156.19.2162. PMID 8885813.
  31. Coulter HL (1973). Divided Legacy. Berkeley: North Atlantic. pp. II:544–6, III:267–70, 298–305. OCLC 9538442.
  32. Death rates in conventional hospitals were typically two- to eight-fold higher than in homeopathic hospitals for patients with these infectious diseases; see Bradford TL (2007) [1900]. The logic of figures or comparative results of homeopathic and other treatments. Kessinger. ISBN 1-4304-8892-1.[page needed]
  33. Forbes J (1846). Homeopathy, allopathy and young physic. London.
  34. Simpson JY (1853). Homoeopathy, its tenets and tendencies, theoretical, theological and therapeutical. Edinburgh: Sutherland & Knox. p. 11.
  35. Allen JA, ed. (1867). Homœopathists vs homœopathy. Vol. 24. A.B. Case. pp. 268–269. {{cite book}}: |journal= ignored (help)
  36. Paul Ulrich Unschuld (August 9, 2009). What Is Medicine?: Western and Eastern Approaches to Healing. University of California Press. p. 171. ISBN 978-0-520-94470-1. සම්ප්‍රවේශය September 7, 2013.
  37. "Homeopathic Hassle". Time. August 20, 1956. December 14, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 15, 2018.
  38. Rader WM (March 1, 1985). "Riding the coattails of homeopathy's revival". FDA Consumer Magazine.
  39. U.S. Food and Drug Administration (March 27, 2015). "Homeopathic Product Regulation: Evaluating the Food and Drug Administration's Regulatory Framework After a Quarter-Century; Public Hearing". Federal Register. සම්ප්‍රවේශය April 23, 2015.
  40. {{cite journal}}: Empty citation (help)
  41. Sam Jones, "Homeopathy protesters to take 'mass overdose' outside Boots", The Guardian, January 29, 2010
  42. {{cite web}}: Empty citation (help)
  43. Tuomela, R (1987). "Chapter 4: Science, Protoscience, and Pseudoscience". Rational Changes in Science: Essays on Scientific Reasoning. Boston Studies in the Philosophy of Science. Vol. 98. Springer. pp. 83–101. doi:10.1007/978-94-009-3779-6_4. ISBN 978-94-010-8181-8. {{cite book}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |ISBN= and |isbn= specified (help); More than one of |author= and |last= specified (help); More than one of |authorlink= and |author-link= specified (help)
  44. {{cite journal}}: Empty citation (help)
  45. Ladyman J (2013). "Chapter 3: Towards a Demarcation of Science from Pseudoscience". Philosophy of Pseudoscience: Reconsidering the Demarcation Problem. University of Chicago Press. pp. 48–49. ISBN 978-0-226-05196-3. Yet homeopathy is a paradigmatic example of pseudoscience. It is neither simply bad science nor science fraud, but rather profoundly departs from scientific method and theories while being described as scientific by some of its adherents (often sincerely). {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help); More than one of |author= and |last= specified (help)
  46. Chapter 2: Science, Pseudoscience, and Not Science: How Do They Differ?. Springer. 2014. pp. 19–57. doi:10.1007/978-1-4614-8541-4_2. ISBN 978-1-4614-8540-7. within the traditional medical community it is considered to be quackery {{cite book}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |ISBN= and |isbn= specified (help)
  47. {{cite journal}}: Empty citation (help)

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "Hahnemann" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "WHO" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "pmid9310601" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "NSBattitudes" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "pmid17719708" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "Time19951125" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "shang" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "pmid10853874" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "pmid14705842" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "nhsdirect" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "pmid17285788" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "pmid8554846" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"https://si.wikipedia.org/w/index.php?title=හෝමියෝපති&oldid=593980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි