හේශාන් මල්ලව

විකිපීඩියා වෙතින්
හේෂාන් මල්ලව
ජාතිකත්වයසිංහල
වෙනත් නම්රෙඩ් මයික්
පුරවැසිබවශ්‍ රීලාංකික
රැකියාවනිවේදක / රංගන ශිල්පී
සංවිධානයසිරස ටීවී
ප්‍රධාන නිර්මාණ
"රෙඩ් මයික්" වැඩසටහන - සිරස රූපවාහිනිය
උපන් නගරයමාතලේ
රූපවාහිනියසිරස ටීවී

හේෂාන් මල්ලව ( English: Heshan Mallawa ) කියන නමට වඩා බොහෝ දෙනෙක් මොහුව හදුනන්නේ ​‘රෙඩ් මයික්’ කියන නමින්. සිරස ටීවී නාලිකාවේ විකාශනය වූ නීල පබළු ටෙලි නාට්‍යයේ ‘පසන්’ගේ චරිතය හරහා ඔහු ප්‍රේක්ෂකයන් අතරට එනවා. හේශාන් මුලින්ම කලාවට පිවිසෙන්නේ රංගනය හරහායි. පාසල් කාලයේ සිටම ඔහු රංගනය ශිල්පියෙක් වෙන්න විශාල කැමැත්තකින් ඉදලා තියෙනවා. පාසල් කාලයේදී වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වූ මොහුට රාජ්‍ය නාට්‍ය උළෙල යෞවන සම්මාන උළෙල මධ්‍යම කෙටි නාට්‍යය සම්මාන සඳහා ජයග්‍රහණයන් හිමි කරගන්නටත් හැකියාව ලැබී තියෙනවා. ඒවගෙම හිරු FM comedy king තරඟයේ අවසන් දස දෙනාට එන්නටත් ඔහුට හැකිවෙනවා. මේ අතරතුර තමයි ඔහුට CSN ක්‍රීඩා නාලිකාවේ නිවේදකයෙක් ලෙස කටයුතු කරන්නට අවස්තාව ලැබිලා තියෙන්නේ. ඒ නිවේදකයන් තුන්දාහක් පමන අතුරින් අවසන හතර දෙනා අතරට පැමිනෙමිනුයි. ඉන්පසුව සිරස නාලිකාවට සම්බන්ධ වන ඔහු මුලින්ම ජන අසුන කියන දේශපාලන කතිකාවතේ නිවේදකයෙක් ලෙස කටයුතු කරනවා. එයිනුත් පසුව තමයි හේෂාන් රෙඩ් මයික් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වන විට හේෂාන් රජයේ පාසලක නාට්‍ය හා රංග කලාව පිලිබද ගුරුවරයෙක් ලෙස කටයුතු කරන[1] අතර සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් බාහිරව නාට්‍ය සහ රංග කලාව හදාරනවා.ඒවගේම දැන් ඔහු සිරස රූපවාහිනීයේ වගේම මාතලේ ප්‍රසිද්ධ පාසලක් වන මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ගුරුවරයෙකු ලෙස කටයුතු කරයි.

  1. සංරක්ෂිත පිටපත, http://dailybcbnews.com/heshan-mallawa/, ප්‍රතිෂ්ඨාපනය 2022-07-25 
"https://si.wikipedia.org/w/index.php?title=හේශාන්_මල්ලව&oldid=596946" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි