හේගුම්

විකිපීඩියා වෙතින්
හේගුම්
වර්ගීකරණය
සමාන
කොරියානු නාමය
hangul해금
hanja
Revised Romanization=haegeum
McCune–Reischauerhaegŭm

'හේගුම්'යනු වීණාවක හැඩැති,සාම්ප්‍රදායික ‍කොරියානු තත් වාද්‍ය භාණ්ඩයකි. කංකංයී යනු එයට ජනප්‍රිය නමකි. එයට කූරක් වැනි ගෙලක්, හිස් දැවමුවා ශබ්ද පෙට්ටියක් හා සේද තන්තු දෙකක් තිබෙන අතර, වාදකයාගේ දණහිස මත තබා අළුවකින් වයනු ලබයි.

හේගුමය කොරියානු සංගීතයේ බහුලව භාවිතා වන වාද්‍යභාණ්ඩයකි.හේගුමය රාජකීය සංගීතය හා මාදංනෝරි (යටත් වැසි)සංගීතය යන දෙවර්‍ගයටම භාවිතා වෙයි. එයට තත් දෙකක් පමණක් තිබුණද,ශෝකාන්තයේ සිට හාස්‍යය දක්වා වූ නාද ගණනාවක් ඉන් නිපදවිය හැක.හේගුමය අමුද්‍රව්‍ය අටකින් සාදනු ලබයි: රන්,පාෂාණ,නූල්,උණබට,අලාබු,පස්,හම් හා දැව. එමනිසාම එයට පාළුම්(අෂ්ට සර) කියා ද කියයි.

ජුං සූ-න්‍යුන් හේගුම් සන්ජෝ වයමින්

‍සෝහේගුම් (소해금) තත් සතරකින් යුත් නවීකරණය කළ වීණාවක් වන අතර, භාවිතය උතුරු කොරියාවහි පමණි.photo[permanent dead link]

ඉතිහාසය[සංස්කරණය]

හේගුමය පළමුවෙන් කොරියාවට හඳුන්වාදුන් ආකාරය ගැන නිසැක වාර්‍තා නොමැත. සමහර මූලාශ්‍රවලට අනුව,‍හේගුමය ගැන සඳහන් ගොර්යෝරාජවංශයේ හන්ලිම්බ්‍යොල්ගොක්(රාජකීය විශාරදයින්ගේ එළිසමය ‍නොමැති පදවැල් හා ගීත) වල අඩංගු වන බැවින්,හේගුමය ඒ කල සිටම වැයෙන්නක් බවට නිගමනය කළ හැක.

චෝසොන් රාජවංශයේදී,හේගුමය රාජකීය මුතුන්මිත්තන් ගේ වත් පිළිවෙත්,පෙළපාලි,උත්සව හා හ්‍යන්ගක්(කොරියානු සංගීතය) යනාදී බොහෝ අවස්ථාවල යොදා ගැනිණි.

හේගුමය වයන ආකාරය ද චෝසෝන් රාජවංශයේ සිට මහත් වෙනසකට භාජනය වී ඇත. අතීතයේ දී වාදකයින් හේගුමය සුසර කරත් දී තත් අදිනු ලැබුවද,එකලින් පසු ඔවුහු වයද්දී නාද රටා විවිධ අයුරින් හැඩ ගැන්වීමටද තත් අදිනු ලබති.

හේගුමයේ ධ්වනික කුසලතාවය ඔප්නැංවීම සඳහා,1960සිට නේකවිධ සංස්කරණ හඳුන්වාදෙමින් පවතී. 1965දී, පාක් හුන්-බොං හා කිම් බුන්-ගී විසින් අඩු-තාල හේගුමයක් ද,1967දී කිම් ගී සූ විසින් කුඩා හේගුමයක්ද නිපදවන ලදී.[1]

මෙවැනිම ප්‍රතිඵල[සංස්කරණය]

පිටත වෙබ් අඩවි[සංස්කරණය]

  1. 장악원, 우주의 선율을 담다, 송지원 지음
"https://si.wikipedia.org/w/index.php?title=හේගුම්&oldid=593964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි