වීණාව

විකිපීඩියා වෙතින්

කර්ණාටක හෙවත් දකුණු ඉන්දීයානු රාගධාරී සංගීතයේ ප්රධාන තත් වාද්‍ය භාණ්ඩය මෙයයි. නමුදු උතුරැ ඉන්දීය හින්දුමිථානී සංගීතයේ ද මෙම වාද්‍ය භාණ්ඩය දක්නට ලැබේ. මෙය වර්තමානයේ බොහෝ විට මෘදංගය සමග වාදනය කරන යුගල සංගීත භාණ්ඩයක් වේ. මෙහි රවුම් හැඩැති තුම්බා කොටස ලබු විෂේශයක ඇතුළත මද ඉවත් කොට සාදාගනු ලබයි. එම තුම්බා කොටස තත් කම්පනය රදවා තැබීම සදහා බෙහෙවින් උපකාරී වේ. මෙහි ඇගිලි පුවරැව ලී,ලෝහ, ඇත් දළ ආදියෙන් යුක්ත වේ. ප්රධාන තත් වලට අමතරව කම්පන තත් ද මෙහි දක්නට ලැබේ frets 23 ක් පමණ දක්නට ලැබෙන අතර තුම්බා දෙකකින් යුක්ත වේ. වර්තමානයේ දී ඉතා අලංකාර මල්නම්, ලියකම් වලින් අලංකාර කර ඇති මෙම වීණාව පුරාතනයේ frets වලින් තොරවද තිබී ඇත. එලෙසම රවුම් හැඩැති තුම්බා කොටස දැවයෙන් නිම කල වීණා වර්තමානයේදී අපට දක්නට ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=වීණාව&oldid=484219" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි