හෙරිට්

විකිපීඩියා වෙතින්
<
Hriti
>
Herit
රූපාක්ෂර වලින්

හෙරිට් යනුවෙන් හැඳින්වෙන්නේ දෙවන අන්තර්මධ්‍ය යුගයේ විසූ පුරාතන ඊජිප්තු කුමරියකි. ඇය බොහෝවිට 15වන රාජවංශයේ විසූ වැදගත්ම රජු වූ හික්සොස්-පාලක අපෙපිගේ දියණිය වන්නට ඇතැයි සැලකේ. රජුගේ සහ හෙරිට්ගේ නාමයන් සඳහන් වන්නේ හොවාඩ් කාටර් විසින් තීබානු සොහොන්ගැබකින් (සොහොන්ගැබ ANB) සොයාගනු ලැබූ ‍ශිලා බඳුනක කොටසකිනි. ඇතැම්විට මෙය Iවන අමෙන්හොටෙප්ට අයත් යැයි සැලකේ.[1] මෙම සොයාගැනීම හේතුවෙන් හෙරිට් ඇතැම්විට 17වන රාජවංශයේ තීබානු රජකුට විවාහ කරදෙන්නට ඇතැයි සැකපහළ විය.[2] කෙසේනමුත්, මෙම බඳුන Iවන අහ්මෝස්ගේ හික්සොස් ජයග්‍’හණයෙන් පසු අවාරිස් නගරයෙන් රැගෙන ආවක් ද විය හැක. මෙම බඳුනෙහි හෙරිට් රජුගේ දියණිය යන ධුරය උසුලයි. ඇගේ නාමය කාර්ටුෂයක් තුළ ලියා තිබේ.[1] මෙය රාජකීය පවුලේ සැමටම හිමි නොවන වරප්‍රසාදයකි. මීට අමතරව කිසිදු තොරතුරක් ඇය පිළිබඳ නොදනී. මෙම බඳුනෙහි කැබලි වර්තමානයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ තබා ඇත (21.7.7) .[3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 හොවාඩ් කාටර්: රිපෝට් ඔන් ද ටූම්බ් ඔෆ් සෙසර්-කා-රා අමෙන්හොටෙප් I, ඩිස්කවර්ඩ් බයි අර්ල් ඔෆ් කානවන් ඉන් 1914, තුළ: ජර්නල් ඔෆ් ඊජිප්ටියන් ආකියොලොජි 3 (1916), 152, pl. XXI.1
  2. නිකොලස් ග්‍රිමල්, අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ්, 1988, පි. 189.
  3. විලියම් සී. හේයස්, ද ස්කෙප්ටර් ඔෆ් ඊජිප්ට් II, නිව් යෝක් 1959, ISBN 0-87099-580-4, පි. 6, රූපය. 2
"https://si.wikipedia.org/w/index.php?title=හෙරිට්&oldid=389457" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි