හෂීම් අම්ලා
![]() 2009දී දකුණු අප්‍රිකාව සමගින් අම්ලා පුහුණුව ලබමින්. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | හෂීම් මොහාමඩ් අම්ලා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 31 මාර්තු 1983 ඩර්බන්, නටාල් පළාත, දකුණු අප්‍රිකාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | හෂ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උස | 1.78 මී | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණතින්-පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් මද වේග | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | පිතිකරුවා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සබැඳියන් | අහමඩ් අම්ලා (සොහොයුරු) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ටෙස්ට් මංගලාවතරණය (cap 295) | 28 නොවැම්බර් 2004 එරෙහි [[{{{testdebutagainst_adj}}} ක්‍රිකට් කණ්ඩායම|ඉන්දියාව]] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අවසන් ටෙස්ට් තරගය | 1 මාර්තු 2014 එරෙහි [[{{{lasttestagainst_adj}}} ක්‍රිකට් කණ්ඩායම|ඕස්ට්‍රේලියාව]] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එදිජා මංගලාවතරණය(තොප්පිය 90) | 9 මාර්තු 2008 එරෙහි [[{{{odidebutagainst_adj}}} ක්‍රිකට් කණ්ඩායම|බංග්ලාදේශය]] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අවසන් එදිජා | 11 දෙසැම්බර් 2013 එරෙහි [[{{{lastodiagainst_adj}}} ක්‍රිකට් කණ්ඩායම|ඉන්දියාව]] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එදිජා කමිස අංකය. | 1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වි20ජා මංගලාවතරණය(තොප්පිය 38) | 13 ජනවාරි 2009 එරෙහි [[{{{T20Idebutagainst_adj}}} ක්‍රිකට් කණ්ඩායම|ඕස්ට්‍රේලියාව]] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අවසන් වි20ජා | 29 මාර්තු 2014 එරෙහි [[{{{lastT20Iagainst_adj}}} ක්‍රිකට් කණ්ඩායම|එංගලන්තය]] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1999–2013 | ක්වාසූලු නටාල් (squad no. 1) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2009 | එසෙක්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2010 | නොටිංහැම්ෂයර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2013–වර්තමානය | කේප් කෝබ්රාස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2013 | සරේ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, දෙසැම්බර් 15 2015 |
හෂීම් මොහාමඩ් අම්ලා (උපත 31 මාර්තු 1983) යනු, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රිඩකයෙකි. [1] දකුණතින් පිත්ත හසුරුවන සහ පිතිකරු ලැයිස්තුවෙහි ඉහලින් පිටියට පිවිසෙන පිතිකරුවෙකු සහ [2] විටෙක මද-වේග පන්දු යවන්නෙකු වන අම්ලා, දකුණු අප්‍රිකාව සඳහා ටෙස්ට් තරග වලදී අංක 3 පිතිකරුවා වශයෙන්ද සීමිත ඕවර තරග වලදී ආරම්භක පිතිකරුවා වශයෙන්ද ක්‍රීඩා කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වර්තමානයේදී ඔහු ශ්‍රේණිගත කරනුයේ, ටෙස්ට් තරග වලදී සහ එක් දින ජාත්‍යන්තර (එදිජා) වලදී ලොව අංක 4 පිතිකරුවා වශයෙනි. [3] 2012දී අම්ලා විසින් එංගලන්තයට එරෙහිව නොදැවී 311 රැස් කල විට, ටෙස්ට් තරග ත්‍රිත්ව ශතකයක් රැස් කල පළමු දකුණු අප්‍රිකානුවා වීමට ඔහු සමත් විය. ඔහුගේ එක්-දින ජාත්‍යන්තර අභිවෘත්තියේ 57වන ඉනිමෙහිදී, එදිජා ලකුණු 3,000 ක් වේගයෙන්ම රැස් කල පිතිකරුවා වීමට අම්ලා සමත්වූ අතර, එය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සිදු කලාට වඩා ඉනිම 12 ක් අඩුවෙන් කිරීමට ඔහුට හැකි විය. එලෙසින්ම, 2013 දෙසැම්බර් 8 දිනදී, එදිජා ලකුණු 4,000 ප්‍රමාණයක් වේගයෙන්ම රැස් කල පිතිකරුවා වීමට ඔහුට හැකි වූ අතර, ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සිදු කලාට වඩා ඉනිම 8 අඩුවෙන් මෙය සිදු කිරීමට ඔහුට හැකි විය. ඔහුගේ 57වන තරගයේදී, එදිජා වලදී ශතක 10 රැස් කල වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වීමට හෂීම් අම්ලා සමත් විය. නවතම අයිසීසී වාර්තා සටහන් තුල, එකවර ටෙස්ට් සහ එදිජා අනුස්ථිතීන් දෙකෙහිම ශිර්ෂක ස්ථානයෙහි රැඳීමට, 2013 දී හෂීම් අම්ලා සමත්වූ අතර, රික් පොන්ටිං ට පසුව මෙය සිදු කල පළමු පිතිකරුවා ඔහු විය. විස්ඩන් වසරෙහි ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් එකෙකු ලෙසින් 2013දී ඔහු නම් කෙරිණි. [4]
පටුන
පෞද්ගලික ජීවිතය[සංස්කරණය]
ගුජරාට් වෙත ඥාති මූලයන් සහිත, දකුණු අප්‍රිකානු ඉන්දියානු මුස්ලිම් පවුලක උපන් [1][5]අම්ලා, භක්තිමත් පරිශීලන මුස්ලිම්වරයෙකි.[6]
ඔහුගේ වැඩිමහලු සෙහොයුරු, අහමඩ් අම්ලා වුව, වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අතර, හෂීම් ට වඩා වසර දෙකකට පෙර ඔහුගේ මංගලාවතරණය සිදු කරමින්, ඩොල්ෆින්ස් නායකත්වය දැරීම දක්වා පැමිණියේය. [7]
මුල් වසර කිහිපය සහ දේශීය අභිවෘත්තිය[සංස්කරණය]
ඩර්බන් උසස් ශාස්ත්‍රාලය වෙතින් උපාධිය ලබා තරුණ කවය තුල ජනප්‍රියත්වයක් ලද අනතුරුව, තම පළාත් කණ්ඩායමවූ ක්වාසූලු නටාල් ඩොල්ෆින්ස් තුල මංගලාවතරණය ලැබුමට අම්ලා හට හැකි වූ අතර, නවසීලන්තයෙහි පැවති, 2002 19-පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමෙහි නායකත්වය විගසින් ලැබ, ඔහුගේ කණ්ඩායම අවසන් තරගය දක්වා මෙහෙයවීය.[1][6] ඔහුගේ මෙම හැඩගැසුම් වසර වලදී, අම්ලාගේ ප්‍රවර්ධනය වෙත, හිටපු බස්නාහිර පළාත් නායක සහ පුහුණුකරු හිල්ටන් ඇකර්මන් බෙහෙවින් බලපෑම් ඇති කල අතර, ඔහුගේ පුහුණුකිරීම් අභිවෘත්තිය තුලදී මොහුගේ කුසලතාවය හඳුනාගෙන මොහුගේ නිපුණතාවය මුවහත් කිරීම ඔහු වෙතින් සිදු විය. [8] ඔහුගේ දක්ෂතා පිළිබඳ දැක්වුණු පූර්වනිමිති නිසාම, අවුරුදු 12 තරුණ වියෙහිදී, ක්වාසූලු-නටාල් කණ්ඩායමෙහි නායක තනතුරට පත් කෙරිණි. පළමු පෙළ තරග වල ක්‍රීඩා කල කාලයේදී සිටම, දකුණු අප්‍රිකාවේ අනාගත නායකයා ලෙසින්, අම්ලා දාතම් කෙරිණි. [6][9] 2013 වසරෙහිදී අම්ලා ඩොල්ෆින්ස් වෙතින් කේප් කෝබ්රාස් වෙත කණ්ඩායම් මාරු කළේය.[10]
ජාත්‍යන්තර අභිවෘත්තිය[සංස්කරණය]
ඩොල්ෆින් කණ්ඩායමෙහි නායකයා ලෙසින් පත්කිරීම හා සමගම, අම්ලා විසින් 2004–2005 දකුණු අප්‍රිකානු දේශීය ක්‍රිඩාවාරය ඇරඹුයේ ඔහුගේ පළමු ඉනිම අටෙහිදී ශතක සතරක් රැස් කර ගනිමිනි.[1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 පීටර් රෝබක් (29 ජනවාරි 2009). "දි අන්බ්‍රේකබල් සවුත් ඇෆ්රිකන්". Retrieved 2010-01-19.
- ↑ "හෂීම් අම්ලා: ස්ටැටිස්ටික්ස්, මයිල්ස්ටෝන්ස්, ආටිකල්ස්, නිවුස්, පික්චර්ස්". Cricketfundas.com. Retrieved 30 ජනවාරි 2012.
- ↑ අම්ලා ටේක්ස් ඕවර් ෆ්‍රොම් ක්ලාක් ඈස් නම්බර් 1 ටෙස්ට් බැට්ස්මන්
- ↑ "කැලිස්, අම්ලා, ස්ටෙයින් එමං විස්ඩන්ස් ෆයිව් ක්‍රිකටර්ස් ඔෆ් ද ඉයර්". විස්ඩන් ඉන්ඩියා. 10 අප්‍රේල් 2013. http://www.wisdenindia.com/cricket-news/kallis-amla-steyn-named-wisden-cricketers-year/57807.
- ↑ "හෂීම් අම්ලා". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. Retrieved 2012-07-22.
- ↑ 6.0 6.1 6.2 ඩොනල්ඩ් මැක්රේ (8 ජූලි 2008). "ආෆ්ටර් ටෙරරිස්ට් ජයිබ්, අම්ලා ඊස් රෙඩ් ෆො බැට් ටු ඩූ ටෝකිං". ද ගාඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/sport/2008/jul/08/englandvsouthafrica2008.sportinterviews. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-01-19.
- ↑ "දි අදර් අම්ලා". ක්‍රික්ඉන්ෆෝ. 17 මැයි 2009. Retrieved 2010-01-19.
- ↑ "ෆෝමර් කෝච් හැපි විත් අම්ලාස් ප්‍රෝග්‍රෙස්". ක්‍රික්ඉන්ෆෝ. 8 දෙසැම්බර් 2008. Retrieved 2009-01-19.
- ↑ ත්‍රේසි පෙට්‍රෝපෝලස් (23 මාර්තු 2003). "සවුත් ඇෆ්රිකා ටැප් ඉන්ටු ඒෂියන් ටැලන්ට්". බීබීසී ස්පෝට්. http://news.bbc.co.uk/sport3/cwc2003/hi/newsid_2840000/newsid_2843300/2843365.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-01-19.
- ↑ සවුත් ඇෆ්රිකා ක්‍රිකට් නිවුස්: හෂීම් අම්ලා මූව්ස් ටු කේප් කෝබ්රාස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ
http://www.espncricinfo.com/magazine/content/story/573922.html?comments=all#comments
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
Wikimedia Commons has media related to Hashim Amla. |
- 1983 උපත්
- ජීවත්වන්නෝ
- ඩොල්ෆින්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- එසෙක්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ක්වාසූලු-නටාල් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- දකුණු අප්‍රිකා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ
- දකුණු අප්‍රිකා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ
- දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෝ
- දකුණු අප්‍රිකානු මුස්ලිම්වරු
- ඉන්දියානු සම්භවය සහිත දකුණු අප්‍රිකානු ජනයා
- ඩර්බන් වෙතින් වන ජනතාව
- 2011 ලෝක ක්‍රිකට් කුසලාන තරගයෙහි ක්‍රීඩා කල ක්‍රිකට් ක්‍රීඩකයෝ
- නොටිංහැම්ෂයර් ක්‍රිකට් ක්‍රීඩකයෝ