Jump to content

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයපුත්තලම දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

   Experience the Kingdom of Diversity

      ෴ Discover Chilaw ෴

   මීගමුව හා කල්පිටිය යන සංචාරක පුරවරයන් යාවන සීමාවේ පවතින හලාවත නගරය ද සංචාරයක සිත් බඳනා විවිධත්වයකින් යුක්තය. සංචාරකයන් හා සංචාරක අරමුණු ගණනාවකි. ඒ කොයි කාටත් ගැළපෙන හලාවත විවිධත්වයේ රාජධානියක් කීමේ වරදක් නැත.

ආධ්‍යාත්මික සංචාර

   Spiritual Tourism

හලාවත නගරය බෞද්ධ , කතෝලික , හින්දු , මුස්ලිම් සියලු ජන කොටස් වෙසෙන ප්‍රදේශයකි. බෞද්ධ , කිතුනු සිද්ධස්ථාන බොහොමයක් පැවතිය ද දෙස් විදෙස් පතල සංචාරක ගමනාන්තයකි මුන්නේශ්වරම පුදබිම. ප්‍රසිද්ධ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ එන රාම රජු මෙම සිද්ධස්ථානය හා සම්බන්ධ බව පැවසුන ද අවම වශයෙන් ක්‍රි.පූ. 1000 දක්වා හෝ දිවෙන කල්පිත අතීතයකට මෙම කෝවිල හිමිකම් කියයි. පුදබිම් සංකීර්ණයේ ප්‍රධාන කෝවිල, හින්දු බැතිමතුන්ගේ උතුම් හා වැඩි ම ගෞරවයට පාත්‍ර වූ ශිව දෙවියන් උදෙසා කැප කර ඇත. ගණ දෙවියන්, අයියනායක දෙවියන් හා කාලි මෑණියන් වෙනුවෙන් කැප කළ තවත් දේවාල තුනක් ද බෞද්ධ විහාරයක් ද පුදබිම් සංකීර්ණයට අයත් වේ. හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, හලාවත නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මුන්නේශ්වරම් කෝවිල පිහිටා ඇත. 18 වැනි සියවසේ අග භාගයේ සිදු වූ ආගමික හා ජන ව්‍යාප්තියේ වෙනස්වීම් හේතුවෙන්, කෝවිල අවට පවතින බොහෝ ගම් සහ නගර, කෝවිල් පරිපාලනයට සහ නඩත්තුවට ඍජු දායකත්වයක් නො දැක්වුව ද මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන මංගල්‍ය උත්සවය සඳහා මරදන්කුලම හා උඩප්පුව යන ගම් ප්‍රධාන දායකත්වය සපයයි. නව රාත්‍රී සහ ශිව රාත්‍රී ඇතුළු ප්‍රධාන හින්දු ආගමික උත්සව, මුන්නේශ්වරම්හි සමරනු ලැබේ. මේ හැර අගෝස්තු හා සැප්තැම්බර් මාසවල, සති 4 ක කාලයක් පුරා මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර ඒ සඳහා ආගම් භේදයකින් තොර ව සහභාගී වෙයි. මානව විද්‍යාඥ රොහාන් බැස්ටින් මහතා පවසන අන්දමට, ද්‍රවිඩ ජනතාව අදහන ගම් භාර දේවතාවකු වන "මුනිසරන්" දෙවියන් වෙනුවෙන් අතීතයේ දී ඉදි කරන ලද කුඩා දේවාලයක්, පසු කාලීනව රාජ්‍ය අනුග්‍රහය ලබා, ප්‍රධාන ශිව දේවාලය බවට පත්ව තිබේ. ක්‍රි.ව.11 වැනි සියවස වන විට ද දෙවොළ ස්ථාපිතව තිබූ අතර, එමඟින් කාසි ද නිකුත් කර ඇත. මුහුදු මාර්ගයෙන් වෙළඳාමේ යෙදුනවුන්, වන්දනාකරුවන් මෙන් ම ඉබන් බතුතා වැනි විදේශ සංචාරකයින් ද ක්‍රි.ව. 14 වැනි සියවසේ දී යාපන රාජධානියට අයත් පුත්තලමේ නතර වී මන්නාරම් බොක්ක ඔස්සේ යාත්‍රා කළ බවට සාක්ෂි හමු වේ. මෙම පුදබිම් සංකීර්ණයට අයත් බෞද්ධ විහාරය ඉදි කරන ලද්දේ ක්‍රි.ව. 19 වැනි සියවසේ අග භාගයේ දී ය. ප්‍රධාන පුදබිම් සංකීර්ණයේ නිරිත දෙසට වන්නට පිහිටා ඇති ගනේෂ කෝවිල, කෝවිල් සංකීර්ණයට එක් වූ මෑත කාලීන ම ගොඩනැගිල්ලයි. එය ක්‍රි.ව. 19 වැනි සියවසේ මුල් භාගයේ දී දකුණු ඉන්දීය ශිල්පීන් විසින් ඉදි කරන ලදී. මුන්නේශ්වරම කෝවිල, කෝනේශ්වරම් කෝවිල (ත්‍රිකුණාමලය), නගුලේශ්වරම් කෝවිල (කීරිමලේ), තිරුතීකේශ්වරම් කෝවිල (මන්නාරම) සහ රාමේශ්වරම් කෝවිල (ඉන්දියාව) යන කෝවිල් පහ, ශිව දෙවියන් වෙනුවෙන් මෙම කලාපයේ (ශ්‍රී ලංකාව ද ඇතුළුව) ඉදි කරන ලද, පෞරාණික ම කෝවිල් ("ඊශ්වරම්") ලෙස සැලකේ.

පරිසර සංචාර

   Eco & Wild Tourism

ශ්‍රී ලංකාවේ පවතින අන්තර්ජාතික රැම්සා තෙත් බිම් හයෙන් දෙවැනි වරට ප්‍රකාශයට පත්කරන ලද තෙත්බිම ආනවිලුන්දාවයි. 2001 අගෝස්‌තු මස 03 වැනිදා මෙය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර එයට පෙර පටන්ම ආනවිලුන්දාව අභය භූමියක් වශයෙන් ප්‍රකාශ කර තිබුණා. හෙක්‌ටයාර් 1357 (අක්‌කර 3393) ක් විශාල මෙම ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කළේ 1997 ජුනි මස 11 වැනිදායි.

කොළඹ – පුත්තලම A3 ප්‍රධාන මාර්ගයේ හලාවත නගරයේ සිට කිලෝමීටර් 15 ක්‌ ගමන් කරන විට ආනවිලුන්දාව ගම්මානයට යන මාවත හමුවෙනවා. ආනවිලුන්දාව දුම්රිය ස්ථානය පසුකරමින් යන විට මඟ දෙපස ජලයෙන් පිරි පොකුණු සහිත මේ තෙත්බිම ඔබට දැක ගත හැකියි. මහාමාර්ගය අද්දර වගේම දුරකථන හා විදුලි රැහැන්වලත් කිචිබිචි නද දෙන පක්ෂි සමූහයා ඔබට පවසන්නේ කුරුලු පාරාදීසයකට පැමිණ ඇති බවයි. විශේෂයෙන් අගෝස්තු මාසයෙන් ආරම්භ වන පක්ෂි පර්යටනික කාලයේදී දහස් ගණනක් පක්ෂින් මේ අවට ගස්වැල්වල ලැගුම් ගන්නවා. ඒ වගේම වැව් මැද පිහිටි ගස්වලත් උන් කැදලි තනනවා. ආනවිලුන්දාව වැව් බැම්මේ සිට සුරුවිල වැව් බැම්ම මතින් සුරුවිල – ගනේගොඩ ගම්මානය හා වෙල්යාය මැදින් පාරු ඇළ දක්‌වා (මුතු පංතිය ධීවර ගම්මානය) ගමන් කර මුහුදු වෙරළට ළඟාවීමටත් පුළුවන්. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ පිහිටා ඇති මෙම තෙත්බිම් අභයභුමියේ උතුරු මායිම බත්තලුඔය – උඩප්පුව මහා මාර්ගයයි. නැගෙනහිරින් හලාවත – පුත්තලම දුම්රිය මාර්ගයට මායිම වෙනවා. දකුණු මායිම සෙන්ගල්ඔයයි. බටහිර මායිම පුත්තලම කලපුවේ සිට දකුණට විහිදෙන පැරණි ඕලන්ද ඇළ හෙවත් පාරු ඇළයි. මෙම තෙත් බිමෙහි විශේෂත්වය වන්නේ මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් පද්ධතියකින් සමන්විත වීමයි. දොළොස්‌වන ශත වර්ෂයේදී, එනම් පළමුවන පරාක්‍රමබාහු කුමරු දක්ෂිණ දේශය පාලනය කරන සමයේ දී ඒ ප්‍රදේශවල වාර්මාර්ග ඉදිකළ බව මහාවංශය සඳහන් කරනවා. මෙම එල්ලංගා වැව් පද්ධතියත් ඔහු විසින් ඉදිකරන ලද බවයි පැවසෙන්නේ. එල්ලංගා වැව් යනු එකිකෙනට ඉහළ සිට පහළට යනතෙක් සම්බන්ධිත වැව් කිහිපයක් සහිත වාරි පද්ධතියකටයි. වැව් හතක්‌ මෙයට ඇතුළත්වනවා. මහා සාගරයේ සිට මෙම තෙත් බිම දක්‌වා ඇත්තේ කිලෝමීටර් දෙකක්‌ පමණයි. අභයභූමිය තුළින් ශාක විශේෂ 290 ක්‌ හඳුනාගෙන තිබෙන අතර ඉන් විශේෂ 120 ක්‌ දැවමය ශාක වර්ගයි. විශේෂ 61 ක්‌ පඳුරු ශාක වන අතර විශේෂ 68 ක්‌ පැළෑටි වෙනවා. වැල්වර්ග 34 ක්‌ හා අපිශාක දෙකක්‌ද මෙහි දක්නට ලැබෙනවා. මෙහිදී හමුවන පුපුළු ශාකය ශ්‍රී ලංකාවට ආවේණික දුලබ ඔසුවක්. දේශීයව තර්ජනයට ලක්‌වූ කෙකටිය විශේෂයක් හා කළුවර ශාකයද මෙහි පැතිර පවතිනවා. අභයභූමිය තුළින් පෘෂ්ඨවංශික ජීවී විශේෂ 274 ක්‌ වාර්තාවෙනවා. මෙයින් 237 ක්‌ දේශීය විශේෂයි. සමස්‌තයෙන් විශේෂ 10 ක්‌ ශ්‍රී ලංකාවට ආවේණිකයින්. 19 ක්‌ දේශීය වශයෙන් තර්ජනයට ලක්වූ විශේෂ වෙනවා. මෙහිදී වාර්තා වන මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 47ක් වන අතර උභයජීවී විශේෂ 11 ක්‌ හා උරග විශේෂ 34 ක්‌ ද වාර්තා වෙනවා. මෙයින් මගුරා, දංකොළ පෙතියා, ඉපිලකඩයා, ලංකා බැඳි මැඩියා සහ සිකනලුන් විශේෂ 2 ක්‌ ශ්‍රී ලංකාවට ආවේණිකයි.

වෙරළ හා සමුද්‍ර සංචාර

   Coastal & Marine Tourism

ලෝකයේ පළමු හා එකම කඩොලාන කෞතුකාගාරය හලාවත පම්බල ප්‍රදේශයේ පිහිටනවා. කඩොලාන වර්ග 21 ක් හා ඒ ආශ්‍රිත පරිසරයේ වෙසෙන ජීවින් පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් මෙහිදී ලබාගත හැකි ය. එමෙන් ම ඕලන්ද ඇළ දිගේ කඩොලාන පරිසරයක බෝට්ටු සංචාරය හා කලපු පරිසරයේ පක්ෂීන් නැරඹීම ද ඉතා වටින්නේ ය. ඔබ හලාවත අනන්තය රිසෝට් වෙත පැමිණෙන්නේ නම් කයිට් සර්ෆිං අත්දැකීම ලබාගත හැකි ය. මුහුදේ නාන්න වගේම වෙරළ සාදයකට මුතුපංතිය දූපත ද ඉතා අගනා ස්ථානයකි.

පුරාවිද්‍යාත්මක සංචාර

   Historical Tourism

1927 නොවැම්බර් මස මහත්මා ගාන්ධිතුමා හලාවතට පැමිණි අතර එය එතුමාගේ පළමු සහ එකම ශ්‍රී ලංකා ගමනය, එම ගමන සිදුවුයේ එවකට නිදහස් සටනේ ප්‍රමුඛයකු වු චාර්ල්ස් එඩ්ගර් කොරයා සහ එතුමාගේ සොහොයුරු වික්ටර් කොරයා යන මැතිතුමණ්ලාගේ ආරාධනාවකට අනුවය. මහත්මා ගාන්ධි තුමන් ලැඟුම් ගත් සීගිරි වලව්ව අද ද දැකගත හැක.

දුටුගැමුණු රජු නන්ද්‍රිමිත්‍ර යෝධයාට තෑගි ලබා දුන් ගම්වරය හලාවත පල්ලම ප්‍රදේශය යි. එම ප්‍රදේශයේ විහාරාරාම පුරාවිද්‍යාත්මක නටබුන් බොහෝමයකට හිමිකම් කියයි. රහතුන් වැඩ උන් පරමාකන්ද රජමහා විහාරය ද නැරඹීමට වටින්නේ ය.

සාංස්කෘතික සංචාර

   Cultural Tourism

පොල් ත්‍රිකෝණයට අයත් හලාවත කෘෂිකර්මාන්තය , පොල් වගාව ආශ්‍රිත කර්මාන්ත , ධීවර කර්මාන්තය , මැටි කර්මාන්තය හා සංචාරක කර්මාන්තයෙන් ඉතා පොහොසත් ය. පිරිසිදු පොල් රා රස බලන්න , ඉස්සන් වගාව හා කකුළුවන් වගාව අධ්‍යනය කරන්න , එකිනෙකට වෙනස් සංචාරක නිකේතන තුළ නිදහස විඳගන්න හලාවත විවෘත යි. අලුත් සහල් මංගල්‍යය , වෙසක් , නත්තල් , දීපවාලි , රාමසාන් හැම උත්සවයක් ම සමරන හලාවත වැසියන් පන්සලේ පෙරහර මෙන්ම කෝවිලේ පෙරහර , පල්ලියේ මංගල්‍යය ද ඉතා උත්සවශ්‍රීයෙන් සමරයි. වසරේ ඕනෑ ම කාලයක විනෝද වෙන්න , සංචාරය කරන්න හලාවතට ඇවිත් යන්න.

ජනගහනය

[සංස්කරණය]

ග්‍රාම නිළධාරි වසම්

[සංස්කරණය]

ආර්ථිකය

[සංස්කරණය]

ප්‍රාදේශීය ලේකම්වරුන්

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]