හමුදා ඉතිහාසය
මිනිස් ඉතිහාසය තුල "ගැටුම්" යන ගණයට අයත් සිදුවීම් වලින් හමුදාමය ඉතිහාසය නිර්මාණය වී ඇත. මෙම සිදුවීම්, ගෝත්‍ර දෙකක් අතර ඇති වූ කුඩා සටන් වල සිට, සත්‍ය වශයෙන්ම හමුදා අතර ඇති වූ සටන් හා මනුෂ්‍ය සංහතියේ විශාල කොටසකට බලපෑ ලෝක යුද්ධ තෙක් විහිදී ඇත. හමුදා ඉතිහාසඥයින් විසින් හමුදා ඉතිහාසයේ සිදුවීම් වාර්තාගත කරනු ( ලිඛිතව හෝ අන්යුරින් ) ලැබේ.
හමුදා ක්‍රියාකාරකම් අවුරුදු දහස් ගනනක් තිස්සේ පැවතුනු නියත ක්‍රියාකාරකම් වේ. නමුත් එය බිහිවූ නියම දිනය පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. (Otterbein 2004). එය අප සමඟ සැමවිටම පැවතුනු බව සමහරෙක් විශ්වාස කරති; තවත් සමහරෙක් අපගේ පූර්ව ඓතිහාසික මිනිස් ඉතිහාසය තුළ "ගැටුම්" යන ගණයට අයත් සිදුවීම් වලින් හමුදාමය ඉතිහාසය නිර්මාණය වී ඇත. මෙම සිදුවීම්, ගෝත්‍ර දෙකක් අතර ඇති වූ කුඩා සටන් වල සිට, සත්‍ය වශයෙන්ම හමුදා අතර ඇති වූ සටන් හා මනුෂ්‍ය සංහතියේ විශාල කොටසකට බලපෑ ලෝක යුද්ධ තෙක් විහිදී ඇත. හමුදා ඉතිහාසඥයින් විසින් හමුදා ඉතිහාසයේ සිදුවීම් වාර්තාගත කරනු ( ලිඛිතව හෝ අන්අයුරින් ) ලැබේ.
හමුදා ක්‍රියාකාරකම් අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතුණු නියත ක්‍රියාකාරකම් වේ. නමුත් එය බිහිවූ නියම දිනය පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. (Otterbein 2004). එය අප සමඟ සැමවිටම පැවතුණු බව සමහරෙක් විශ්වාස කරති; තවත් සමහරෙක් අපගේ පූර්ව ඓතිහාසික අතීතයේ මේ සම්බන්ධව පවතින සාක්ෂි වල මදිකමක්, අතීතයෙත් වර්තමානයෙත් සාමකාමී, හමුදාමය නොවන සමාජයන්ගේ පැවතීම යන කරුණක් ඉස්මතු කරති. ඉලිනොයිස් සරසවියේ මහාචාර්ය ලොරන්ස් H. කීලි තම "වෝර් බිෆෝර් සිවිලයිසේෂන්" යන කෘතියෙන් දැනට හඳුනාගෙන ඇති සමාජයෙන් 90-95% පමණ ඉඳහිට යුද්ධයන්ට සම්බන්ධව සිටින බවත් ගණනය කර ඇත.
අපගේ වසර 90,000 ක් වූ මනුෂ්‍ය ඉතිහාසයෙන්, අවසන් වසර 5000 දීම හමුදා මෙහෙයුම් වල ප්‍රධානතම යුධෝපක්‍රම , සැලසුම් සහ අරමුණු නොවෙනස්ව පැවතී ඇත. පරිපූර්ණ උපක්‍රමයක් වන මෙය ක්‍රි.පූ. 216 දී කෙනාල් හි සටනේදී "හැනිබල්" භාවිතා කල අතර මෙය දළ වශයෙන් මීට වසර 2200 කට පමණ පෙර සිදුවූවකි. මෙම උපක්‍රමයට ඛාලිඩ්-ඉබ්න්-අල්-වාලිඩ් විසින් ක්‍රි.ව. 633 දී වලජා සටනේදීත්, කෞපෙන්ස් හි සටනේදී ඩැනියෙල් මෝර්ගන් විසින් වසර 1100 කට පසුවත් සර්ථකව යොදා ගත්හ. රෝමයේ ආරම්භයට සමකාලීනව තම ලේඛන කටයුතු සිදුකල චීන යුධ සෛදාන්තිකයෙකු වූ "සුන් ටියු" විසින්ද විස්තර කර ඇත. හමුදාවන්, ඉතිහාස අධ්‍යනයෙන් අතීත අත්වැරදීම් නැවත සිදුනොකිරීමට වග බලා ගන්නා අතරම, උගත් පාඩම් තම වාසියට හරවා ගත හැකිවන ලෙසත්, එම ආඥාපතීන් හට යුද්ධය අතරතුර සමානාත්මතාවන් දැකගත හැකිවන ලෙසත් හැඩගැසී ඇත. හමුදා ඉතිහාසඥයින් අන්තර්ගත කරන ප්‍රධාන ක්ෂේත්‍රයන් වන්නේ යුද්ධ, සටන් හා කුඩා සටන්, හමුදා කලාවේ ඉතිහාසය හා එක් එක් හමුදා සේවයන්හි ඉතිහාසයයි.
යුධමය ක්‍රියාමාර්ග වර්ග කිරීමට විවිධ වූ ක්‍රම ඇත. එක් වර්ගීකරණයක් වන්නේ සම්මත හා අසම්මත ලෙස වන අතර, "සම්මත යුධමය ක්‍රියා" වන්නේ නිසිලෙස හැඳින්වූ අවිගත් බලකායන් එකිනෙකා සමඟ සමූහ ඝාතක අවි වලින් තොරව සිදුකරන සාපේක්ෂව නිරවුල් යුද්ධයකි. "අසම්මත" යනු හදිසි පහරදීම්, ගරිල්ලා, කැරලිකාර හා ත්‍රස්තවාදී උපක්‍රම භාවිතයෙන් හෝ න්‍යෂ්ටික, රසායනික හෝ ජීව විද්‍යාත්මක යුධමය ක්‍රියාමාර්ග හෝ "ඕගස්ට් කෙයිම්", ජර්මනියේ විල්හෙල්මයින් හිදී සිදුකලාක් මෙන් යම් හැඟීම් ඇතිවන පරිදි ප්‍රචාරයන් යොදාගනිමින් සිදුකරන යුද්ධයන්ය.
මෙම සියලුම වර්ගයන් සාමන්‍යයෙන් මීට වඩා විශාල වූ වර්ග 2කට අයත්වේ. ඒවා නම් තදබල යුධමය ක්‍රියාමාර්ග හා තදබල නොවන යුධමය ක්‍රියාමාර්ගයි. තදබල යුධමය ක්‍රියාමාර්ග සාමාන්‍යයෙන් විශාල බලකඳවුරු හෝ දේශපාලනික හේතූන් මත සටන් කරන රටවල් අතර ඇතිවේ. තදබල නොවන යුද්ධයන්; කැරලි මර්ධනයේදී ගරිල්ලා යුද්ධ හා විශේෂ භටකණ්ඩ විප්ලවවාදීන්ට එරෙහිව කරන සටන් වලදී ඇතිවේ.