හන්හි චොං අධිරාජයා
Appearance
(හන් හි චොං අධිරාජයා වෙතින් යළි-යොමු කරන ලදි)
හන් රාජ වංශයෙහි චොං අධිරාජයා (චීන: 漢冲帝; පින්යින්: Hàn Chōng Dì; වේඩ්–ගයිල්ස්: Han Ch'ung-ti; 143–145) යනු, චීන හන් රාජ වංශයෙහි අධිරාජයෙක් සහ නැගෙනහිර හන් යුගයෙහි අටවන අධිරාජයාද විය.
චොං අධිරාජයා යනු, ෂුවං අධිරාජයාගේ එකම පුතුණුවන් විය. ඔහු සිංහාසානාරූඨ වූයේ එක් අවුරුදු වියැති වත්ම වන අතර සය මසකට වඩා අඩු කාලයක් රාජ්‍ය පරිපාලනය කලේය. ඔහුගේ රාජ්‍ය ධූර කාලයේදී, ලියාං වැන්දඹු අධිරාජණිය සහ ඇයගේ සොහොයුරු ලියාං ජී විසින් සියළු රාජ්‍ය කටයුතු වල නිරත වන ලදි. වැන්දඹු අධිරාජණිය විවෘත-මනසකින් යුතු අවංක අයෙකු වූ බවට පෙනීයතත්, ඇයගේ දූෂිත සොහොයුරා පිළිබඳ ඇය විසින් වැඩි විශ්වාසයක් දැරීම නිසා, දූෂණ ඇති වී ඒ නිසාම ගැමියන් විශාල වශයෙන් පීඩාවට පත්වූහ.
145 වසරෙහිදී, චොං අධිරාජයා මියගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු තුනකට අඩු විය.
හන්හි චොං අධිරාජයා උපත: 143 මරණය: 145
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හන්හි ෂුන් අධිරාජයා |
චීනයේ අධිරාජයා නැගෙනහිර හන් 144–145 ලියාං වැන්දඹු අධිරාජිනිය සමග (144–145) |
අනුප්‍රාප්තික හන්හි චි අධිරාජයා |