හදිසි අනතුරු ඇඟවීම්

විකිපීඩියා වෙතින්
මහජන අනතුරු ඇගවීමේ නලාව - ස්වීඩනය 

හදිසි අනතුරු ඇඟවීම යනු ආසන්න හදිසි අනතුරු ඇගවීම් සඳහා දේශීය ,කලාපීය හෝ ජාතික මට්ටමේ බලධාරීන් හා සම්බන්ධ වීමේ ක්‍රමයයි.මෙම අනතුරු ඇඟවීම් පහත සඳහන් ඒවා ඇතුළුව හේතු ගණනාවක් සඳහා අවශ්‍ය විය හැකිය.

  • සුලි කුනාටු, සැඩ කුණාටු සහ අයිස් කුණාටු වැනි කාලගුණ හදිසි අවස්ථා;
  • භූමිකම්පා, නායයාම්, ගිනිකඳු පිපිරීම්, හා සුනාමි වැනි භූ විද්යාත්මක ව්‍යසනයන්;
  • විෂ වායුන් නිකුත් වීම ,ගංගා ජලය දුෂණය වැනි කාර්මික ව්‍යසනයන්;
  • විකිරණ පිටවීම වැනි නයෂ්ටික බලාගාර ව්‍යසනයන්;
  • වේගවත් බෝවන රෝග පැතිරීම් වැනි හදිසි වෛද්‍ය අවස්ථා;
  • යුද්ධය හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන්.

බොහෝ දේශීය ප්‍රදේශ සිරකරුවන් පැනයාම , දරුවන් පැහැර ගැනීම ,හදිසි දුරකථන විසන්ධි වීම් සහ එවැනි කටයුතු දැනුම් දීම සඳහා හදිසි අනතුරු ඇඟවීම් භාවිත කරයි.

අවශ්‍යතා[සංස්කරණය]

ඵලදායී හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා සමහර දේවල් අවශ්‍ය වේ:

  • හදිසි අවස්ථා වලදී කුමන ආකාරයෙන් පද්ධතිය ප්‍රදේශයට සේවය සපයන්නේද යනුවෙන් සදහන් වන ගිවිසුමක්.මෙය දේශීය දේශගුණය, භූ විද්‍යාව වැනි කරුණු මත ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ .
  • කුමන පුද්ගලයන්ට අනතුරු ඇගවීම ආරම්භ කල හැකිද යනුවෙන් සදහන් වන ගිවිසුමක්. සමහර රටවල සියලු අනතුරු ඇඟවීම් එක් විධාන මධ්‍යස්ථානයක් මගින් සම්ප්‍රේෂණය වන අතර, අනෙකුත් රටවල් (එක්සත් ජනපදය වැනි) දී අනතුරු ඇඟවීම් ආරම්භ කිරීමට බලයලත් දේශීය, කලාපීය සහ ජාතික ආයතන රැසක් ඇත.
  • තොරතුරු ඉක්මනින් ජනතාව සම්ප්‍රේෂණය කළ හැකි පද්ධතියක් හෝ පද්ධති.
  • අනතුරු ඇඟවීමේදී හෝ දේ අනතුරු ඇඟවීමක් විකාශය වේ නම් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත් කරන අධ්‍යාපන වැඩසටහනක්.

එක්සත් ජාතීන්ගේ වැඩසටහන[සංස්කරණය]

පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්බන්ධීකරණය කරන ජාත්‍ය න්තර පූර්ව අනතුරු ඇඟවීමේ වැඩ සටහන මගින් සියළුම පද්ධති සඳහා හදිසි අනතුරු ඇඟවීම් යැවීමට භාවිතා කරන පදයකි.(IEWP 2007)

තීරනාත්මක සිද්ධියක් හෝ අවස්ථාවක් සිදු වන විට ඔවුන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය එහි 10,000ක් වූ කාර්ය මණ්ඩලය වෙත ඇමතීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය Everbridge හදිසි අනතුරු ඇගවීමේ පද්ධතිය(ENS)මත විස්වාසය තබයි..[තහවුරු කර නොමැත]

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හදිසි තත්වයක් පැනනගින විට එහි ලොව පුරා කාර්ය මණ්ඩලය වෙත එය ඇඟවීමට දැන් වචනය යවන්න(Send Word Now) හදිසි නිවේදනය පද්ධතිය භාවිතා කරයි..[1]

රට රටවල ක්‍රම[සංස්කරණය]

කැනඩාව[සංස්කරණය]

කාලගුණ ජාලයෙහි සහ MétéoMédia හිමිකරුවන්, නාලිකාව කැනඩාවේ පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම රූපවාහිනී සේවා සපයන්නන්ට, සාමාන්‍ය අනතුරු ඇගවීම් මුලාශ්‍රය හා අනුකූල දේශීයකරණය හදිසි අනතුරු ඇඟවීමේ පණිවිඩ "ජාතික එකතුකිරීමේ හා බෙදාහැරීමේ" සංවර්ධනය කිරීම සඳහා විනිමය ඇතුලත් Pelmorex විසින් ඉදිරිපත් කල යෝජනාව ජූනි 11, 2009 දින, කැනේඩියානු ගුවන් විදුලි-රූපවාහිනී හා විදුලි සංදේශ කොමිෂන් සභාව (CRTC) අනුමත කරන ලදී.අනතුරු ඇගවීමේ පද්ධතිය ,ජාතික අනතුරු ඇගවීම් ඒකරාශි හා ප්‍රචලිත පද්ධතිය (NAAD) ලෙස හැඳින්වෙන අතර එය පළමුව 2010දී ස්ථාපිත කරන ලද අතර රජයේ නිලධාරීන්, ගුවන් විදුලි විකාෂකයින්, සහ CRTC සමග සාකච්ඡා කිරීමේ ප්රතිඵලයක් ලෙස තවදුරටත් පුළුල් කරන ලදී. 2014 අගෝස්තු මස දී, සියලුම රූපවාහිනී ස්ථාන, ගුවන් විදුලි මධ්යස්ථාන, සහ විකාශන බෙදා හැරීමේ ව්‍යාපාර CRTC මගින් පාලනය කල අතර NAAD හරහා ලැබුනු දේශීය ඇඟවීම් ප්‍රතිප්‍රචාරය 2015 මාර්තු 31 වනවිට ඇරඹිය යුතු විය.[2][3][4]

ඇල්බර්ටා පළාතේ ද Emergency Public Early Warning System (EPWS) කියලා ඔවුන්ගේම පද්ධතියක් තිබුණා. 27 දෙනෙකු ඝාතනය කරමින් සහ ඩොලර් මිලියන ගණනක හානියක් සිදු කරමින් එඩ්මන්ටන් නගරය හරහා 1987 දී හමාගිය ප්‍රධාන ටොනාඩෝවෙන් පසු EPWS ස්ථානගත කරන ලදී. ඇමරිකානු EAS මෙන් නොව, කෙසේ වෙතත්, ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන්හි EPWSහි විකාශය අනිවාර්ය නොවේ. එය CKUA ගුවන් විදුලි ජාලය මත සහ Access රූපවාහිනිය සහ සම-මෙහෙයුම් මධ්යස්ථාන විසින් විකාශනය කරන ලදී. EPWS අනතුරු ඇඟවීම් මහ නගර පොලිස්, ගිනි දෙපාර්තමේන්තු , පළාත් රජය, ප්‍රාන්ත බලධාරීන්, ගෝත්‍රික රාජ්‍ය ආයතන, පරිසර කැනඩාව විසින් රාජකීය කැනේඩියානු පොලිස් ප්‍රදේශයේදී ආරම්භ කළ හැකිය. ඔටාවා සමාගමට කොන්ත්‍රාත්තුව අහිමි වූ විට CKUA මෙම EPWS 2010 ජනවාරි දක්වා සංවර්ධනය හා අලුත්වැඩියා කරමින් පවත්වා ගෙන ගියහ.[කවුරුන් ද?][5]

2011 ජූනි මාසයේ දී, Alberta Emergency Alert ලෙස හඳුන්වන පද්ධතියේ නවීකරණය හඳුන්වා දෙන ලදී. එය දැනට RSS feed හරහා පණිවුඩ, සමාජ ජාල, හා ජංගම දුරකථන යෙදුම් හරහා විකාශනය කෙරේ. ස්වේච්ඡා රූපවාහිනී හා ගුවන් විදුලි මධ්‍යස්ථාන "අවදානම්" පණිවුඩ ඇල්බර්ටා හදිසි අනතුරු ඇගවීම් හරහා සම්ප්‍රේෂණය කරන අතරතුර වෙනත්, අඩු අවදානම් "අනතුරු ඇගවීම් තොරතුරු" විකාශනයට ස්වයංක්‍රියව බාධා නොවන නමුත් සඳහන් කරන ලද වෙනත් මාධ්‍ය මගින් ලබා ගත හැකිය.

ප්‍රංශය[සංස්කරණය]

ප්‍රංශයේ අනතුරු ඇගවීමේ සංඥාව 
ප්‍රංශයේ අනතුරු ඇගවීමේ සංඥාවේ අවසානය 

ප්‍රංශයේ, ජනගහනය අනතුරු ඇඟවීම් සයිරන් නාදය හරහා සිදු වේ.මෙම ජාලයට "Réseau national d'alerte" (RNA)යයි කියනු ලැබේ. මෙම පද්ධතිය දෙවන ලෝක යුද්ධයට පෙර පැවති air-raid siren ජාලයෙහි(défense passive) සංවර්ධනයෙහි විකසනයකි. එය සියලු ප්‍රංශය පුරා තබා ඇති ඉලෙක්ට්‍රොනික හෝ විදුලි සයිරන් 4,500 කින් පමණ සමන්විත වේ.

සමහර අවස්ථාවල දී, මෙම අනතුරු ඇඟවීම් සංඥා ගිනි දෙපාර්තමේන්තුවේ වාහන මත ස්ථාපනය කර ඇති ජංගම පද්ධතිය විසින් ඉටු කළ හැක.

එම අනතුරු ඇඟවීමේ සංඥා මාර්තු 23, 2007 (නීතිය මගින්) décret විසින් විස්තර කර ඇත. එය පළමු මිනිත්තුව තුලදී (380 Hz ට දක්වා) ඉහළ සහ පහළ යාමේ සහ තුන් ගුණයක් නැවත නැවත සිදුවන ශබ්දයකින් සමන්විත වේ. එය අවසානයේදී තත්පර 30 කල් පවත්නා අඛණ්ඩ සංඥාවකි.

පද්ධතිය සෑම මසකටම වරක් පරික්ෂා කරනු ලබන අතර එය පළමු බදාදා දින දහවල් 12ට පාලන සංඥා එක් වරක් පමණක් නාද කිරීමෙන් සිදු කරයි.

අනතුරු ඇඟවීම් සංඥා නාද වන විට ජනතාව නිවෙස්වල හෝ ඔවුන් සිටින ගොඩනැගිල්ල මත France Info,France Inter හෝ දේශීය මද්‍යස්ථාන හරහා වැඩිදුර උපදෙස් අපේක්ෂාවෙන් ගුවන්විදුලියට සවන්දෙමින් රැදී සිටී.

පොලිසියේ හෝ ගිනි දෙපාර්තමේන්තුවේ වාහන මගින් ද උපදෙස් නිවේදනය කළ හැක.

ජපානය[සංස්කරණය]

2007 වසරේ දී ආරම්භ කළ J-ඇලර්ට් පද්ධතිය රජයේ නිලධාරීන් හට ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් සෘජුව ජනගහනය ආමන්ත්‍රණය කිරීම අරමුණු කර ඇත. එය භූමිකම්පා, සුනාමි, ගිනිකඳු, හා යුධ හදිසි අවස්ථා ආවරණය කිරීමට අපේක්ෂා කරයි.

භූ කම්පන පෙර අනතුරු ඇඟවීම් පද්ධතිය ජපන් කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මෙහෙයවනු ලැබේ. S-තරංග ඈත ස්ථාන කරා ව්යාප්ත කිරීමට තත්පර කිහිපයකට පෙර අනතුරු ඇඟවීම් ලබා දීමට මෙයට  හැකි ය.අනතුරු ඇඟවීම් ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන අතර, පණිවිඩයක් ලැබුණු විට අනුකූල උපකරණ ස්වයංක්‍රියව සක්‍රිය කළ හැකිය. 2007 පසු විකුණන සියලු දේශීය සෙලියුලර් දුරකථන සඳහා EEW හැකියාව ද අවශ්‍ය වේ.

JMA ද බටහිර පැසිෆික් සාගරයේ නිවර්තන සුළි සුළං සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කරයි.

දකුණු ඇමරිකාව[සංස්කරණය]

දකුණු ඇමරිකාවේ බොහෝ රටවල "cadena Nacional" (ජාතික විකාශනය) නමින් යාන්ත්‍රණයක් ඇත. සාමාන්‍ය වැඩසටහන් වලට බාධා කරමින් , සියලු රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි මධ්‍යස්ථාන මගින් එකවර ජනතාව ආමන්ත්‍රණය කිරීමට රටේ නායකයා හට මෙමගින් හැකියාව ලැබේ. ආර්ජන්ටිනාව සහ වෙනිසියුලාව වැනි සමහර රටවල මෙම පණිවිඩයන් විකාශනය අනිවාර්ය වේ. මෙම පද්ධති වලින් බහුතරයක් පසුගිය යුද ආන්ඩු විසින් නිර්මාණය කරන ලද අතර, එම යාන්ත්‍රණයේ දේශපාලන භාවිතය සුලභ වේ.

එක්සත් ජනපදය[සංස්කරණය]

එක්සත් ජනපදය තුල හදිසි අනතුරු ඇඟවීම් වැඩි ප්‍රමාණයක් හදිසි ඇඟවීම් පද්ධතිය මඟින් යවනු ලැබේ. මෙම EAS , පොලීසිය, ගිනි, කාලගුණය, සහ අනෙකුත් රජයේ බලධාරීන් ඇතුළුව , ජාතික, රාජ්‍ය , කලාපීය, හෝ පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කළ හැක. ටෝනාඩෝ, භූමිකම්පා හෝ විෂ වායු නිදහස් වීම වැනි අනපේක්ෂිත හදිසි සිදුවූ විට EAS බොහෝ විට ක්‍රියාත්මක වේ. EAS ඇඟවීම් වලින් අතිමහත් බහුතරය ජාතික කාලගුණ සේවාව විසින් ජනනය කර ඇත.

එක්සත් ජනපද වැඩසටහනක් වන ඒකාබද්ධ රාජ්ය ඇලර්ට් සහ අනතුරු ඇඟවීම පද්ධතිය (IPAWS) ,ෆෙඩරල් හදිසි ආපදා කළමනාකරණ ආයතනය බහුතරයක් වූ පොදු අනතුරු ඇගවීම් තාක්ෂණයන් ඒකාබද්ධ කොට පොදු ජාතික 'පද්ධතිවල පද්ධතියක් "බවට පත් කිරීමට දරන ප්‍රයත්නයකි. ජංගම දුරකථන සහ අනෙකුත් රැහැන් රහිත උපාංග සහ NOAA කාලගුණ ගුවන්විදුලි ජාලය භාවිතයෙන් ක්‍රියාත්මක වන වාණිජ ජංගම අනතුරු ඇගවීම් පද්ධතිය , හදිසි අනතුරු ඇගවීම් පද්ධතිය ඇතුළුව IPAWS ඇතුලත් කිරීමට පද්ධතිය ඉලක්ක කරයි.

බොහෝ ප්‍රාන්ත සුලි කුනාටු සහ ක්ෂණික ගංවතුර අනතුරු ඇඟවීමට පවතින සයිරන් භාවිතා කරයි. වොෂින්ටනයේ Hanford Site වැනි නයෂ්ටික පහසුකම් සහිත ප්‍රදේශවල ජිවත් වන ජනතාවට ඔවුන්ගේ නිවාසවල විකිරණ හදිසි අවස්ථාවලදී අනතුරු සංඥා විකාශය කිරීමට විශේෂිත ගුවන්විදුලි උපකරණ ඇත. සමහර හදිසි (උදාහරණයක් ලෙස ඇම්බර් ඇලර්ට්,) ඊ-මේල්, ජංගම දුරකථන පණිවිඩය, සහ අධිවේගී මාර්ග සංඥා හරහා යවනු ලැබේ. බොහෝ එක්සත් ජනපද උසස් අධ්යාපන ආයතන දැන් ඔවුන්ගේ විද්‍යාල තුල එළිමහන් හා අභ්‍යන්තර සයිරන්, පොදු ඇමතීම් පද්ධති, ඊ-මේල් සහ ජංගම දුරකතන කෙටි පණිවිඩ, සහ සන්ක්යාංක දර්ෂිත ඇතුළු බහු අනතුරු ඇඟවීම් තාක්ෂණය භාවිතා කරයි.[6]

තවදුරටත් බලන්න[සංස්කරණය]

  •   අනතුරු ඇගවීම සුදානම් (කැනඩාව )
  • හදිසි අනතුරු පද්ධතිය  (එක්සත් ජනපදය )
  • HEARO දේශීය අනතුරු ඇගවීම් ලබාගන්නා
  •   ප්‍රමිතිගත  හදිසි අනතුරු සංඥා(ඔස්ට්‍රේලියාව)
  •   අනතුරු ඇගවීම පද්ධතිය (වර්ගවල ලැයිස්තුව)

References[සංස්කරණය]

  1. "UN-led global early warning system takes shape" (Press release). UN International Early Warning Programme. 26 March 2007. සම්ප්‍රවේශය 2007-08-31.
  2. {{cite web}}: Empty citation (help)
  3. {{cite web}}: Empty citation (help)
  4. {{cite web}}: Empty citation (help)
  5. "Contract loss forces job cuts at CKUA". Cbc.ca. January 12, 2010. සම්ප්‍රවේශය May 20, 2010.
  6. {{cite web}}: Empty citation (help)
"https://si.wikipedia.org/w/index.php?title=හදිසි_අනතුරු_ඇඟවීම්&oldid=392936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි