සොලමන්ගේ දේවස්ථානය

විකිපීඩියා වෙතින්
ජෙරුසලමේ පළමු දේවස්ථානය සිත්තර ඇසකින්

හීබෲ බයිබලය අනුව, සොලමන්ගේ දේවස්ථානය හෙවත් පළමු දේවස්ථානය යනු පුරාතන ජෙරුසලමේ පිහිටා තිබූ පූජනීය දේවස්ථානයයි. (හීබෲ: בֵּית־הַמִּקְדָּשׁ: Beit HaMikdash) ක්‍රි.පූ. 587 ජෙරුසලම වටලෑමේ දී IIවන නෙබුකැඩ්නෙසර් විසින් එය විනාශ කරන ලදී. අනතුරුව ක්‍රි.පූ. 6වන සියවසේ දී එය විස්ථාපනය කරමින් දෙවන දේවස්ථානය ඉදිකරන ලදී.

හීබෲ බයිබලය පවසන්නේ මෙම දේවස්ථානය ඉදිකරන ලද්දේ ඊශ්‍රායල සහ ජුදා එක්සත් රාජධානියේ සොලමන් රජු විසින් බවයි. ජුදා රාජධානි සම‍යේ මෙම දෙවොල යාහ්වෙහ්ට පුදකොට තිබූ බවත් එහි සඳහන් වේ. ප්‍රතිඥාවේ යාත්‍රාව ‍‍මෙය තුළ තැන්පත් ‍කොට තිබූ බවත් පැව‍සේ. යු‍‍දෙව් ඉතිහාසඥ ජොසෆස් පවසන්නේ "දෙවොල ගිනිබත් කෙරුණේ එය ඉදිකොට වසර හාරසිය හැත්තෑවකුත්, මාස හයකුත් සහ දින දහයකටත් පසුව බවයි".[1] නමුත් රබිනික මූලාශ්‍ර සඳහන් කරන්නේ පළමු දේවස්ථානය වසර 410ක් පැවතුණු බවයි. 2වන සියවසේ සෙඩර් ඕලම් රබ්බාගේ කෘති අනුව, මෙය ඉදිකෙරුණේ ක්‍රි.පූ. 832දී යයි ද, විනාශ වූයේ ක්‍රි.පූ. 422දී යයි ද සලකා ඇත. මෙය ආනාගමික ඇස්තමේන්තුවලට වඩා වර්ෂ 165ක් පසු අගයකි.

ජෙරුසලමේ ආගමික සංවේදනීයතාව සහ දේශපාලනික චංචල ස්වභාවය හේතුවෙන් මෙම දේවස්ථාන ගොඩැල්ලෙහි සීමිත පුරාවිද්‍යා සමීක්ෂණ පමණක් සිදුකොට ඇත. නූතන යුගයේ මෙහි කිසිදු පුරාවිද්‍යා කැනීමක් සඳහා අවසර ලබා දී නැත. එම නිසා, සොලමන්ගේ දේවස්ථානය පවැති බවට ඇත්තේ ඉතා සුළු පුරාවිද්‍යා සාක්ෂි සංඛ්‍යාවක් පමණි.[2] "---හ්"හි නිවසෙහි පූජකයන් පිළිබඳ සඳහන් ඇත්දළ කැබැල්ලක් සහ ජෙහෝෂ් යටතේ දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අභිලේඛනයක් පුරාවස්තු වෙළඳපොලකින් හමුවී ඇති නමුත්, එහි විශ්වසනීයත්වය මතභේදයට ලක්ව ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

සාමාන්‍ය

පුද්ගලයින්

ස්ථාන

පාදක සටහන්[සංස්කරණය]

  1. Josephus, Jew. Ant. 10.8.5
  2. "Science & Nature – Horizon". BBC.co.uk. සම්ප්‍රවේශය 2015-05-20.

ආශ්‍රේයයන්[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

21වන සියවසේ ප්‍රභව
පශ්චාත්-1945 ප්‍රභව
පූර්ව-1945 ප්‍රභව

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Solomon සැකිල්ල:Tabernacle and Jerusalem Temples

"https://si.wikipedia.org/w/index.php?title=සොලමන්ගේ_දේවස්ථානය&oldid=593875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි