සොරීන් ඕඑස්

විකිපීඩියා වෙතින්

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල වැඩ කළ බොහෝ අය ලිනක්ස්වලට මාරු වෙන්නට අකැමැතිය. ඊට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල තිබෙන පෙනුම හෙවත් ජීනෝම් (GNOME) ඉන්ටෆේස් එකයි. එනම් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල තිබෙන ඉන්ටෆේස් එක වින්ඩෝස් ඉන්ටෆේස් එකට වඩා වෙනස්වීමයි. මෙම අපහසුතාවය මග හරවා දෙන ලිනක්ස් ඕඑස් එකක් තිබේ. එය නොමිලේ දෙන සොරීන් ඕඑස් (Zorin OS) ය.

මෙම සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතියේ තිබෙන ලුක් චේන්ජර් (Look Changer) යුටිලිටි වැඩසටහන මගින් තමන් කැමති ඉන්ටෆේස් එකකට මාරුවෙන්නට හැකිය. මෙහි තිබෙන සෙටින්ස් සැකසීමෙන් සොරීන් ඕඑස් එකෙහි ඉන්ටෆේස් එක වින්ඩෝස් සෙවන්වල තිබෙන්නාක් මෙන් සකසා ගත හැකිය.එසේ නැතිනම් වින්ඩෝස් විස්ටා , එක්ස්පී හෝ වින්ඩෝස් 2000 වලදී තිබෙන ඉන්ටෆේස් එකකට මාරු වීමට පුළුවන. මෙහි මැක් ඕඑස්එක්ස් (Mac OS) වැනි ඉන්ටෆේස් එකක් ද තිබේ.

උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහන පාදක කොට ගෙන මෙම මෙහෙයුම් පද්ධතිය නිම කර ඇත. මූලික වශයෙන් ගත් විට සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය වයිරස් හෝ වෙනත් මැල්වෙයාවලින් ආරක්ෂිතය. මෙය විවිධ භාෂා 55 කින් ඉදිරිපත් කොට තිබේ.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් වැඩ කරන ගමන් පරිගණකයේ වෙනත් පාටිෂන් එකක සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර ගෙන වැඩ කළ හැකිය. මෙවිට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා පමණක් සැකසූ වැඩසටහන් සොරීන් ඕඑස් සමඟ ක්‍රියාත්මක කරවන්නට හැකි වයින් (WINE) මෘදුකාංගය සොරීන් ඕඑස් සමඟ දෙයි. එවිට වින්ඩෝස් සඳහා තැනු වැඩසටහන් වින්ඩෝස්වලදී ක්‍රියාත්මක වෙනවාට වඩා වේගයෙන් සොරීන් ඕඑස්හිදී ක්‍රියාත්මක කළ හැකිය.

සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය එහි වෙබ් අඩවියෙන් http://www.zorin-os.com නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=සොරීන්_ඕඑස්&oldid=376642" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි