සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵල පිටුව

විකිපීඩියා වෙතින්

සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵල පිටුවක් (ඉංග්‍රීසි: Search engine results page) (SERP), යනු මූල පද විමසුමකට ප්‍රතිචාර වශයෙන් සෙවුම් යන්ත්‍රයක් විසින් ලැබෙන්නට සලස්වන ප්‍රතිඵල ලැයිස්තුගත කිරීමකි. මෙම ප්‍රතිඵල සාමාන්‍යයෙන් සමන්විත වනුයේ මාතෘකා, පූර්ණ අනුවාදයට ආශ්‍රයක්, සහ මූල පද පිටුව තුල අන්තර්ගතය හා ගැලපීම සිදුවන්නේ කොතැන්හිද යන්න පෙන්වන කෙටි විස්තරයක් යන දෑ අඩංගු අයිතම ලැයිස්තුවක් වෙතිනි. ලබා දෙනු ලබන සබැඳි වලින් සමන්විත එක් පිටුවක් හෝ සෙවුම් විමසුමකට ප්‍රතිචාර වශයෙන් ලබා දෙනු ලබන සියළු සබැඳි ගොන්න හෝ SERP යන්නෙන් අදහස් විය හැක.

විමසුම් හැඹිලිගත කිරීම[සංස්කරණය]

නිතොර කෙරෙන සෙවුම් සඳහා වන පිටු හැඹිලිගත කරන සමහරක් සෙවුම් යන්ත්‍ර විසින් සිදුකරන්නේ ක්‍රියාත්මක පිටු වෙනුවට හැඹිලිගත කෙරුණු පිටු ප්‍රදර්ශනය කරමින් සෙවුම් යන්ත්‍රයෙහි කාර්ය සාධනය නංවා ලීමයි.