සුදු බිංදුම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සුදු බිංදුම වැළඳුන රෝගියකුගේ අතේ ඇතිවූ තුවාලයක්

සුදු බිංදුම (Gonorrhea,gonorrhoea)  හෙවත් ගොනෝරියාව යනු ලිංගිකව ලිංගාශ්‍රිතව  පැතිරෙන රෝගයකි.මෙම රෝගය ඇතිකරන්නේ නෙයිසරියා ගොනෝරියා යන බැක්ටීරියාවයි. ඇතැම් පුද්ගලයන්ම මෙම බැක්ටීරියාව ශරීරගත වුවද කිසිදු රෝග තත්වයක් පෙන්නුම් නොකරයි. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පුරුෂයන්ට සුදු පැහැ දියරයක් හෝ සැරව පිටචීම මුත්‍රා දැවිල්ල,ශිශ්නයේ හා වෘෂණ කෝෂවල වේදනාව ඇතිවේ. ස්ත්‍රීන්ටද කලාතුරකින් යෝනි මාර්ගයෙන් සුදු පැහැ දියරයක් හෝ සැරව පිටවේ.ස්ත්‍රීන්ට රෝග ලක්ෂණ පෙන්වීම ඉතා අවමය.

සුදු බිංදුම රෝගි පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට පැතිරේ.රෝගියකු සමග ඇතිකර ගන්නා ලිංගික සමභන්දයක් මගින් මෙය පැතිරේ සමලිංගික,මුඛ,ගුද හා යෝනි ලිංගික යන ඕනෑම ලිංගික සංසර්ගයකින් බෝවිය හැක.මීට අමතරව මවගෙන් දරුවාට හා රෝගියකුගේ මුත්‍රා මගින්ද බෝවේ.[1] තරුණ තරුණියන්ට වඩා වැඩිමහල් පුද්ගලයන් මගින් මෙම රෝග කාරකය ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක් පවතී.පුරුෂයන් අතර සිදුවන සමලිංගික වර්‍යා මගින් මෙම රෝගය ඉක්මනින් බෝවේ.

සුදු බිංදුම රෝගයෙන් වැළකීම සදහා උපත් පාලන කොපු, භාවිතා කිරීම,වීශ්වාසවන්ත සහකරුවකු සමග පමණක් ලිංගිකව එක්වීම හා කිසිදු ලිංගික චර්‍යාවක් නොකිරීම මගින් මෙම රෝගයෙන් වැළකිය හැක.[2] ප්‍රතිකාර ලෙස සෙෆ්ට්‍රැක්සෝන් ඖෂධය එන්නත් කිරීම,ඇසිත්ට්‍රොමිසින් ඖෂධය ලබාදීම හා ප්‍රතිජීවක ලබාදීම ආදිය දැක්විය හැක.[3][4] මාස තුනක් එකදිගට ප්‍රථිකාර ලබාගත යුතුය.තවද අදාල රෝගියාගේ ලිංගික සහකරුද ප්‍රථිකාර ලබාගැනීම කළයුතුය.සුදු බිංදුම රෝගය වැළදීමේ ප්‍රථිශතය කාන්තාවන්ට 0.8% වන අතර පිරිමින්ට එය 0.6% වෙයි.[5]

රෝග ලක්ෂණ[සංස්කරණය]

රෝග කාරක බැක්ටීරියාව ආසාදනයවූ කාන්තාවන් අතරින් 50% ටම කිසිදු රෝග ලක්ෂණයන් නොපෙන්වයි.ඇතමුන්ට යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් ගැලීම,යටිබඩේ වේදනාව හෝ ලිංගිකව එකතුවනවිට වේදනාවක් දැනේ.[6] පුරුෂයන්ට ශිශ්නයේ ඉදිමුම් සහිත දැවිල්ලක් ඇතිවීම,මුත්‍රා දැවිල්ල හා ශිශ්නයෙන් ශ්‍රාවයක් ගැලීම සිදුවේ.[7] රෝගියකු සමග මුඛ සංසර්ගයේදී මෙය නිරෝගී පුද්ගලයෙකුට බෝවේ.මේසේ මුඛ සංසර්ගයෙන් ආසාධනය වන පුද්ගලයන් අතරින් 90% ටම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි.[8][9] උපදංශ රෝග ලක්ෂණ නොපෙන්නුවද ඇතැම් ආසාදිතයන්ට සාමාන්‍ය අසාත්මිකතා සුළු වශයෙන් දැකිය හැක

මෙම රෝග කාරක බැක්ටීරියාවේ බීජෞෂණ සමය දින 2 සිට 14 දක්වා පවතී.මෙම කාලය තුල බැක්ටීරියාව සිරුරතුල වර්ධනයවේ.බොහෝවිට බැක්ටීරියාව ආසාධනයවී දින 4ක් හෝ 6ක් අැතුලත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඇරබේ.කලාතුරකින් සමෙහි තුවාල සන්දි ආබාධ ඇතිවේ.රෝග කාරක බැක්ටීරියාව රුධිරයට මුසුවීමත් සමග හෘදයාබාධ ඇතිවිය හැක.ස්නායු පද්ධතියටද මෙය බලපායි.එහෙත් මෙම තත්වයන් එකිනෙකාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ බල දුබලතා මත වෙනස්වේ.ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට රෝග ලක්ෂණ ඇතිවීම ඉතා අවමය.ඇතැම්විට උපදංශය නිසා පුරස්ථි ග්‍රන්තියේ පිළිකා ඇතිවිය හැක.[10]

හේතුව[සංස්කරණය]

උපදංශය ඇතිකරන නෙයිසරියා ගොනෝරියා නමින් හඳුන්වන බැක්ටීරියාවේ අන්වීක්ෂීය ප්‍රතිබිම්බ

සුදු බිංදුම ඇතිවන්නේ නෙයිසරියා ගෙනෝරියා (Neisseria gonorrhoeae) නමින් හඳුන්වන බැක්ටීරියාවක් මගිනි.මීට පෙර ආසාධනයවී සුවය ලැබු පුද්ගලයෙකුට වුව නැවත මෙය ආසාධනයවිය හැක.රෝග ලක්ෂණ පෙන්වීම ඒඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ බල දුබලතා මත වෙනස් වේ.

පැතිරීම[සංස්කරණය]

රෝගී පුද්ගයෙකු සම ඇතිකර ගන්නා මුඛ,ගුද හෝ යොනි සංසර්ගයක් මගින් විරුද්ධ ලිංගිකයෙකුට බොවේ.[11] රෝගී ස්ත්‍රියක් සමග ඇතිකරගන්නා ලිංගික සංසර්ගයක් මගින් නිරෝගී පුරුෂයෙකුට මෙම රෝගය වැළදීමේ සම්භාවිතාව 20%කි.එහෙත් රෝගී පුරුෂයෙකු සමග ඇතිකරගන්නා සමලිංගික සංසර්ගයක දී අනෙකාට මෙම රෝගය බෝවීමේ සම්භාවිතාව ඉතාම ඉහළ මට්ටමක පවතී.[12] [13] රෝගී පුරුෂයෙකු සමග ඇතිවන ලිංගික සංසර්ගයකදී නිරෝගී ස්ත්‍රියකට මෙම රෝගය වැළදීමේ සම්භාවිතාව 60% ත් 80% අතරවේ.[14] ගැබිනි මවකට උපදංශය වැළදී ඇත්නම් ඇගේ දරුවාට එය බෝවේ.

කුඩා දරුවන්ට මෙය ලිංගික අතවරයන්ට ගොදුරුවීම නිසා වැළදේ.[15] මීට අමතරව රෝගීන් භාවිත කළ අැඳුම් හා වෙනත් ද්‍රව්‍ය මගින් බොවේ.[16] කෙසේ වෙතත් මෙම රෝග වාහක බැක්ටීරියාව සිරුරෙන් ඉවත්වී පැයක් ඇතුලත විනාශවීයයි.එබැවින් රෝගියකු භාවිතකළ අැඳුම් හෝ වෙනත් උපකරණ හවුලේ භාවිතා කිරීම මගින් තවත් අයෙකුට රෝගය බෝවීමේ සම්භාවිතාව අවමය..[17]

වලක්වා ගැනීම[සංස්කරණය]

සුදු බිංදුම වළක්වා ගැනීම සදහා වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතය දැක්විය හැක.සුදු බිංදුම සමලිංගික වර්‍යා මගින් පැතිරීම ඉතා ඉහළ මට්ටමක පවතින නිසා සමලිංගික ක්‍රියා හැකිතරම් දුරට වළක්වා ගැනීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම කළයුතුය.විශේෂයෙන් පුරුෂයන් අතර ඇතිවන සමලිංගික සංසර්ගයන් මගින් රෝගය පැතිරීම වැඩි වශයෙන් සිදුවේ.[18] මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතකර සංසර්ගයේ යෙදීමද ලිංගාශ්‍රීත රෝග ව්‍යාප්තියට ඍජුවම බලපායී.

බොහෝ ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග වළක්වා ගැනීමට නිසි පරිදි උපත් පාලන කොපු භාවිතය වැදගත්වේ.මෙහිදී පුරුෂයන් සදහා නිෂ්පාදික උපත් පාලන කොපු වලට වඩා වැඩි ආරක්ෂාවක් ස්ත්‍රීන් සදහා නිෂ්පාදිත උපත් පාලන කොපුවලින් ලැබේ.ලිංගික හැසිරීම් පාලනයකින් යුතුව කිරීමද මෙහිදී වැදගත්ය.[19][20]

ආසාදිත රෝගීන් හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගැනීම මගින්ද මෙය පැතිරීයාම පාලනය කළහැක.ආසාදිතබව දැනගත් රෝගීන් අනාරක්ෂිත සංසර්ගයන්හි නොයෙදී සිටීමද වැදගත්ය.[21]

ප්‍රතිකාර[සංස්කරණය]

අතීතයේදී පෙනිසිලීන් ඖෂධය සුදු බිංදුම (ගොනෝරියාව) සදහා ප්‍රතිකාරයක් ලෙස ලබාදුන්හ.

ප්‍රතිජීවක[සංස්කරණය]

2010 දී සෙෆට්‍රියොක්ෂන් (ceftriaxone) ඖෂධය සුදු බිංදුම ආසාදිතයින්ට එන්නත් කිරීම ඇරබින.මේ සමගඇසිත්ට්‍රොමයිසින් (azithromycin) හා ඩොක්සිසයික්ලින් (doxycycline) නම් බැක්ටීරියා නාශක ප්‍රතිජීවක ලබාදෙයි.[22] [23] අතීතයේදී පෙනිසිලීන් ඖෂධයද සුදු බිංදුම සදහා ලබාදුනි.

සහකරු[සංස්කරණය]

කිසිවකුට සුදු බිංදුම ආසාදනයවී ඇතිබව දැනගත්විය.ඔහු හෝ ඇය සමග ලිංගික අසුර පවත්වන සහකරු හෝ සහකාරියද වෛද්‍ය පරීක්ෂණයට භාජනයවීම සිදුකල යුතුය.ලිංගිකව මෙම රෝගය පැතිරුනේනම් ඒ බව දැනගත හැක.ඔවුනොවුන් විවාහක නම් වඩාත් පහසුය.බහු සහකරු සබදතාවකදී මෙය තරමක් අසීරුය.ඒක විවාහයකදී ඒක් පාර්ෂවයක් පමණක් බහු ලිංගික ඇසුරක් පැවැත්වීම සිදු කලද අනෙක් පුද්ගලයාට බෝවීම අනිවාර්‍යයෙන් සිදුවේ.අනෙකා බහු ලිංගික නොපැවැත්වීම රෝගය බෝ නොවීමට හේතුවක් නොවේ.මෙහිදී දෙදෙනාටම ප්‍රතිකාර නිවැරදිව ලබාදීම මගින් මෙය සුවපත්කලහැක..[24]

ඇමරිකා එක්සත් ජනපදයේ බොවන රෝග මර්ධන මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ සුදු බිංදුම සදහා ප්‍රතිකාර ලබාගැනීම ආරම්භ කලවිට අවම වශයෙන් සතියක කාලයක් තුලවත් ලිංගික ඇසුරක් නොපවත්වා සිටිය යුතු බවයි.ප්‍රතිකාර අවසන්වීමෙන් පසුව ලිංගික ඇසුර පවැත්වීම වඩාත් සුදුසුය.[25]

ප්‍රතිජීවක බලපෑම[සංස්කරණය]

ඇතැම් විට ප්‍රතිජීවක ඖෂධ වල ක්‍රියාකාරීත්වය මන්දගාමීවන අවස්තා දැකිය හැක.ඇතැම් ප්‍රතිජීවක ලබාදී සතියකින් පරික්ෂා කලවිටද බැක්ටීරියාව මර්ධනයවී කොතිබුන අවස්ථා හමුවී ඇත.[26]

විග්‍රහය[සංස්කරණය]

සුදු බිංදුම වෛරසය ආසාදනයවූ අළුත උපන් ළදරුවෙක්.[27]

ඇතැම් අවස්ථාවල සුදු බිංදුම රෝගය වැඩි අවදානම් තත්වයට පත්වූ විට සුවකල නොහැකි සැරව බිබිලි,සන්ධිගත වේදනා ආදිය ඇතිවිය හැක.මෙම තත්වය කාන්තාවන්ගෙන් 0.6% සිට 3% දක්වා පැවතිය හැක.පුරුෂයන් අතර මෙම තත්වය 0.4 සිට 0.7 දක්වා පරාසයක දැකිය හැකිය.

පරුෂයින්ට පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම මුත්‍රා දැවිල්ල දිගටම පැවතිය හැක.[28] කාන්තාවන්ට ගර්භාෂගත ආබාධ ඇතිවිය හැක.මීට අමතරව ගම්සාවීම් මළ දරු උපත් ඇතිවීමේ හැකියාව ඇත.පුරුෂයන්ට පුරස්ථි ග්‍රන්ති පිළිකා ඇතිවීමටද ගොනෝරියාව හේතුවේ.

මවට සුදු බිංදුම වැළදී ඇත්නම් ඇයට බිහිවන දරුවාට දරු ප්‍රසූතියේදී බැක්ටීරියාව ආසාදනයවීම නිසා අන්ධභාවයට පවා පත්විය හැක.[29]

ඇමරිකා එක්සත් ජනපදයේ සුදු බිංදුම රෝගීන් හමුවීමේ ප්‍රමාණය

ඉතිහාසය[සංස්කරණය]

සුදු බිංදුම නිසා පුරුෂයන්ගේ ශීශ්නයෙන් සැරව ගැලීම වැළැක්වීමට යොදාගත් ඖෂධයක් පිළිබද දැනුවත් කරන පෝස්ටරයක්.
දෙවන ලෝක යුධ සමයේදී ආරක්ෂක හමුදාවන්ට සුදු බිංදුම හා උපදංශය යන රෝග පිළිබද අනතුරු අඟවීමට නිරිමාණය කළ පොස්ටරයක්.

අතීතයේ සුදු බිංදුම සදහා ප්‍රතිකාරයක් ලෙස රසදිය එන්නත් කිරීම සිදුවී ඇත.16 වන සියවසයේ ලියැවුන ලේඛන වල ඒබව දැක්වේ.[30]කෙසේ වෙතත් රසදිය යනු ශරීරයට ඉතා අහිතකර බැර ලෝහයක් බව නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරුවී ඇත.

1854, දී විලියම් ගෝල්මාන් නම් වෛද්‍යවරයා Homeopathic Guide to all Diseases Urinary and Sexual Organs නම් ග්‍රන්තයෙන් පැහැදිලි කරනු ලැබුවේ සුදු බිංදුම ඇතැළු බොහෝ ලිංගික රෝග ගණිකාවන් හා සමලිංගිකයන් හරහා ඉතා සීඝ්‍ර යෙන් පැතිරෙන බවයි.මෙම රෝගය නිසා ලිංගික පෙදෙස්වලින් සැරව වෑහෙනවිට ඒ සදහා විවිධ ලෝහ භාවිත කර සකස්කරගත් හොමියෝපති ඖෂධ ලබාදී ඇත.(හොමියොපති යනු විශේෂ වෛද්‍ය ක්‍රමයකි)

19 වන සියවසයේදී සුදු බිංදුම සදහා සිල්ව නයිට්රේට් (Silver nitrate) බහුලව භවිතකර ඇත.සිල්ව හෙවත් රිදී ආශ්‍රිත ඖෂධ ප්‍රතිජීවක සොයාගැනීමට පෙර වෛද්‍යවරුන් භාවිත කර ඇත.මුල් වරට ප්‍රතිජීවක සොයාගකු ලැබුවේ 1940 දීය.[31][32]

පළමු හා දෙවන ලෝක යුධ සමයන්හිදී බොහෝ ආරක්ෂක හමුදාවන් සතුරු රාජ්‍ය වෙත කඩා පැන පුරුෂයන් මරා දැමීම හා ස්ත්‍රීන් දූශනය කිරීම සිදුවිය එමනිසා මෙම ස්ත්‍රී දූශක සෙබළුන් අතර සුදු බිංදුම හා උපදංශය වැනි ලිංගික රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්තවී ඇත.අතමුන් රෝගය උස්සන්නවී මියගිය අවස්තා පිළිබදවද ඇතැම් මූලාශ්‍රවල දක්නට ලැබේ.

පර්යේෂණ[සංස්කරණය]

සුදු බිංදුම සදහා එන්නත් මුලින්ම මීයන් යොදාගෙන අත්හදා බැලීම සිදුකර ඇත.[33] කෙසේ වෙතත් මෙම එන්නත් තවමත් මිනිසුන්ට යොදාගැනීම සිදුකර නොමැත.එයට හේතුව මිනිස් සිරුරට මෙය වඩාත් අතුරු ආබාධ සහිත එන්නතක් යැයි විශ්වාස කරන නිසාය

සදු බිංදුම සදහා ප්‍රත්‍යක්ෂ එන්නතක් නැතත් එය පාලනය කලහැකි එන්නත් වර්තමානයේ පවතී.[34] මෙම එන්නත්වල කාර්‍යක්ෂමතාව 31% පමණ වෙතැයි ගණන් බලා ඇත.[35]

යොමුව[සංස්කරණය]

  1. "Gonorrhea - CDC Fact Sheet (Detailed Version)". CDC. 17 November 2015. Archived from the original on 2 September 2016. සම්ප්‍රවේශය 27 August 2016. 
  2. Workowski, KA; Bolan, GA (5 June 2015). "Sexually transmitted diseases treatment guidelines, 2015.". MMWR. Recommendations and reports : Morbidity and mortality weekly report. Recommendations and reports / Centers for Disease Control. 64 (RR-03): 1–137. PMID 26042815. 
  3. "Antibiotic-Resistant Gonorrhea Basic Information". CDC. 13 June 2016. Archived from the original on 8 September 2016. සම්ප්‍රවේශය 27 August 2016. 
  4. Unemo, M (21 August 2015). "Current and future antimicrobial treatment of gonorrhoea - the rapidly evolving Neisseria gonorrhoeae continues to challenge.". BMC Infectious Diseases. 15: 364. PMC 4546108Freely accessible. PMID 26293005. doi:10.1186/s12879-015-1029-2. 
  5. Newman, Lori; Rowley, Jane; Vander Hoorn, Stephen; Wijesooriya, Nalinka Saman; Unemo, Magnus; Low, Nicola; Stevens, Gretchen; Gottlieb, Sami; Kiarie, James; Temmerman, Marleen; Meng, Zhefeng (8 December 2015). "Global Estimates of the Prevalence and Incidence of Four Curable Sexually Transmitted Infections in 2012 Based on Systematic Review and Global Reporting". PLOS ONE. 10 (12): e0143304. Bibcode:2015PLoSO..1043304N. PMC 4672879Freely accessible. PMID 26646541. doi:10.1371/journal.pone.0143304. 
  6. Smith, L; Angarone, MP (November 2015). "Sexually Transmitted Infections". The Urologic Clinics of North America. 42 (4): 507–18. PMID 26475947. doi:10.1016/j.ucl.2015.06.004. 
  7. Brian R. Shmaefsky (1 January 2009). Gonorrhea. Infobase. පි. 52. ISBN 978-1-4381-0142-2. Archived from the original on 2 November 2015. https://web.archive.org/web/20151102064027/https://books.google.com/books?id=3iS7tXxC_HQC&pg=PA49. 
  8. Zakher, Bernadette; Cantor MD, Amy G.; Daeges, Monica; Nelson MD, Heidi (16 December 2014). "Review: Screening for Gonorrhea and Chlamydia: A Systematic Review for the U.S. Prevententive Services Task Force". Annals of Internal Medicine. 161 (12): 884–894. doi:10.7326/M14-1022. 
  9. Marr, Lisa (2007) [1998]. Sexually Transmitted Diseases: A Physician Tells You What You Need to Know (Second සංස්.). Baltimore, Maryland: Johns Hopkins University. ISBN 978-0-8018-8658-4. Archived from the original on 2 October 2015. https://web.archive.org/web/20151002134058/https://books.google.com/books?id=aywGiP9w-u8C&pg=PT150&dq=gonorrhea+throat&hl=en&sa=X&ei=FcB2T6qYBJOOigK_wLGnDg&ved=0CDsQ6AEwAA#v=onepage&q=gonorrhea%20throat&f=false. 
  10. Caini, Saverio; Gandini, Sara; Dudas, Maria; Bremer, Viviane; Severi, Ettore; Gherasim, Alin (2014). "Sexually transmitted infections and prostate cancer risk: A systematic review and meta-analysis". Cancer Epidemiology. 38 (4): 329–338. PMID 24986642. doi:10.1016/j.canep.2014.06.002. 
  11. Trebach, Joshua D.; Chaulk, C. Patrick; Page, Kathleen R.; Tuddenham, Susan; Ghanem, Khalil G. (2015). "Neisseria gonorrhoeae and Chlamydia trachomatis Among Women Reporting Extragenital Exposures". Sexually Transmitted Diseases. 42 (5): 233–239. ISSN 0148-5717. doi:10.1097/OLQ.0000000000000248. 
  12. Howard Brown Health Center: STI Annual Report, 2009
  13. Gollmann, Wilhelm (1854). Homeopathic Guide to all Diseases Urinary and Sexual Organ. Charles Julius Hempel. Rademacher & Sheek. Archived from the original on 8 September 2017. https://web.archive.org/web/20170908204920/https://books.google.com/books?id=AzkzAQAAMAAJ&pg=PA79&lpg=PA79&dq=%22unnatural+gratification+of+the+sexual+instinct%22&source=bl&ots=005d2HRdNU&sig=POKqugRO-OCVUGvSLie8KJGZvLI&hl=en&sa=X&ved=0ahUKEwiSpY2qzKvVAhUMPz4KHfN5B8wQ6AEIIjAB#v=onepage&q=%22unnatural%20gratification%20of%20the%20sexual%20instinct%22&f=false. 
  14. National Institute of Allergy and Infectious Diseases; National Institutes of Health, Department of Health and Human Services (2001-07-20). "Workshop Summary: Scientific Evidence on Condom Effectiveness for Sexually Transmitted Disease (STD) Prevention". Hyatt Dulles Airport, Herndon, Virginia. pp14
  15. Goodyear-Smith, F (November 2007). "What is the evidence for non-sexual transmission of gonorrhoea in children after the neonatal period? A systematic review.". Journal of forensic and legal medicine. 14 (8): 489–502. PMID 17961874. doi:10.1016/j.jflm.2007.04.001. 
  16. "webmd – What Can You Catch in Restrooms? -". Archived from the original on 14 August 2009. 
  17. Brian R. Shmaefsky (1 January 2009). Gonorrhea. Infobase. පි. 48. ISBN 978-1-4381-0142-2. Archived from the original on 1 August 2017. https://web.archive.org/web/20170801125450/https://books.google.com/books?id=3iS7tXxC_HQC&pg=PA48. 
  18. Meyers D; Wolff T; Gregory K; et al. (March 2008). "USPSTF recommendations for STI screening". Am Fam Physician. 77 (6): 819–24. PMID 18386598. 
  19. section: Prevention Archived 20 July 2013 at the Wayback Machine.
  20. section: How can gonorrhea be prevented? Archived 16 December 2016 at the Wayback Machine.
  21. Desai, Monica; Woodhall, Sarah C; Nardone, Anthony; Burns, Fiona; Mercey, Danielle; Gilson, Richard (2015). "Active recall to increase HIV and STI testing: a systematic review". Sexually Transmitted Infections. 91 (5): sextrans–2014–051930. ISSN 1368-4973. doi:10.1136/sextrans-2014-051930. 
  22. "Antibiotic-resistant gonorrhoea on the rise, new drugs needed". World Health Organization. 7 July 2017. Archived from the original on 9 July 2017. සම්ප්‍රවේශය 10 July 2017. 
  23. Baarda, Benjamin I.; Sikora, Aleksandra E. (2015). "Proteomics of Neisseria gonorrhoeae: the treasure hunt for countermeasures against an old disease". Frontiers in Microbiology. 6. ISSN 1664-302X. doi:10.3389/fmicb.2015.01190. 
  24. "Expedited partner therapy in the management of sexually transmitted diseases" Archived 2 November 2009 at the Wayback Machine.. February 2006. Centers for Disease Control and Prevention (CDC).
  25. CDC (14 July 2014). "Gonorrhea - CDC Fact Sheet". Archived from the original on 16 December 2016. සම්ප්‍රවේශය 17 October 2014. 
  26. Centers for Disease Control and Prevention, (CDC) (Aug 10, 2012). "Update to CDC's Sexually Transmitted Diseases Treatment Guidelines, 2010: Oral Cephalosporins No Longer a Recommended Treatment for Gonococcal Infections.". MMWR. Morbidity and mortality weekly report. 61 (31): 590–4. PMID 22874837. 
  27. "Prophylaxis for Gonococcal and Chlamydial Ophthalmia Neonatorum in the Canadian Guide to Clinical Preventative Health Care" (PDF). Public Health Agency of Canada. Archived from the original (PDF) on 10 March 2010. 
  28. Kumar, Vinay; Abbas, Abul K.; Fausto, Nelson; & Mitchell, Richard N. (2007). Robbins Basic Pathology (8th ed.). Saunders Elsevier. pp. 705–706 ISBN 978-1-4160-2973-1
  29. Sadowska-Przytocka, A; Czarnecka-Operacz, M; Jenerowicz, D; Grzybowski, A (2016). "Ocular manifestations of infectious skin diseases.". Clinics in dermatology. 34 (2): 124–8. PMID 26903179. doi:10.1016/j.clindermatol.2015.11.010. 
  30. Higgins, John (1587). The Mirror for Magistrates.  as cited in the Oxford English Dictionary entry for "clap"
  31. Max Bender (1898). "Ueber neuere Antigonorrhoica (insbes. Argonin und Protargol)". Archives of Dermatological Research. 43 (1): 31–36. doi:10.1007/BF01986890. 
  32. සැකිල්ල:MedlinePlusEncyclopedia
  33. Jerse, AE; Bash, MC; Russell, MW (20 March 2014). "Vaccines against gonorrhea: current status and future challenges.". Vaccine. 32 (14): 1579–87. PMC 4682887Freely accessible. PMID 24016806. doi:10.1016/j.vaccine.2013.08.067. 
  34. Gottlieb, Sami L.; Johnston, Christine (2017). "Future prospects for new vaccines against sexually transmitted infections". Curr Opin Infect Dis. 30 (1): 77–86. PMC 5325242Freely accessible. PMID 27922851. doi:10.1097/QCO.0000000000000343. 
  35. Petousis-Harris, Helen (2017). "Effectiveness of a group B outer membrane vesicle meningococcal vaccine against gonorrhoea in New Zealand: a retrospective case-control study". Lancet. doi:10.1016/S0140-6736(17)31449-6. 

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුදු_බිංදුම&oldid=418931" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි