සිකමෝර් කපොල්ල ගස
සිකමෝර් කපොල්ල ගස | |
---|---|
![]() 2020 ඔක්තොම්බර් හිදී ගස දකුණු දිශාවෙන් දිස්වුනු අයුරු. හේඩ්‍රියන්ගේ ප්‍රාකාරය වම් පැත්තෙන් සහ ගසට ඉදිරියෙන් දක්නට තිබුණි. | |
![]() | |
විශේෂය | සිකමෝර් (ආකෙර් සෙවුඩුප්ලැටනස්) |
පිහිටුම | ක්‍රැග් ලොග් අසල, නෝතම්බර්ලන්ඩ්, එංගලන්තය |
ඛණ්ඩාංක | 55°00′13″N 2°22′26″W / 55.00356°N 2.37387°W |
කපා හෙලන ලද දිනය | 28 සැප්තැම්බර් 2023 |
භාරකරු | ජාතික භාරය සහ නෝතම්බර්ලන්ඩ් ජාතික උද්‍යානය |
සිකමෝර් කපොල්ල ගස හෝ රොබින් හුඩ් ගස යනු එංගලන්තයෙහි, නෝතම්බර්ලන්ඩ්හී, හේඩ්‍රියන්ගේ ප්‍රාකාරය සහ ක්‍රැග් ලොග් විල අසල අසබඩ පිහිටා තිබූ සිකමෝර් ගසකි. එය පිහිටා තිබුනේ භූ සැකසුමෙහි චමත්කාරජනක බෑවුමක වූ අතර ජනප්‍රිය ඡායාරූපී වස්තුවක් වූ එය රටෙහි වඩාත්ම ඡායාරූපකරණයට ලක්වූ ගස් අතරින් එකක් ලෙස හැඳින්විණි. එහි විකල්ප නම එය වෙත ආරූඨවූයේ රොබින් හුඩ්: ප්‍රින්ස් ඔෆ් තීව්ස් නමැති 1991 චිත්‍රපටයෙහි ප්‍රමුඛ දර්ශනයක් තුලදී විශේෂ වස්තුවක් ලෙසින් හුවා දැක්වුනු බැවිනි. මෙම ගස 2016 එංගලන්තයෙහි වසරෙහි ගස සම්මානය දිනා ගති. 2023 සැප්තැම්බර් 28 දින හිමිදිරි උදෑසන කාලයෙහිදී වන්ධ්‍යලය ක්‍රියාවක් තුලින් මෙම ගස කපා හෙළිනි.
පිහිටුම
[සංස්කරණය]සිකමෝර් කපොල්ල ගස, හේඩ්‍රියන්ගේ ප්‍රාකාරය අසබඩින්, කොටු සමුද්දේශය NY 761677 මත, මයිල්කාසල් 39 සහ ක්‍රැග් ලොග් අතර, හවුස්ටෙඩ් රෝමානු බලකොටුව වෙතින් 2 සැතපුම්s (3.2 km) පමණ බටහිරින් උතුරු එංගලන්තයෙහි නෝතම්බර්ලන්ඩ් තුල පිහිටා තිබුණි. [1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ෆේමස් හේඩ්‍රියන්ස් වෝල් ට්‍රී වින්ස් නැෂනල් කම්පටිෂන්". කාලයිල් නිවුස් ඇන්ඩ් ස්ටාර් Star. 31 දෙසැම්බර් 2016. http://www.newsandstar.co.uk/news/Famous-Hadrians-Wall-tree-wins-national-competition-5b8d148a-8eb7-4c4b-9b2d-20e091726817-ds. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 July 2018.
බාහිර යොමු
[සංස්කරණය]