සිංහල අලුත් අවුරුද්ද

විකිපීඩියා වෙතින්
(සිංහල අළුත් අවුරුද්ද වෙතින් යළි-යොමු කරන ලදි)
සිංහල අළුත් අවුරුද්ද
Official nameඅළුත් අවුරුද්ද
Observed byලොව පුරා සිංහල ජනයා
Typeසංස්කෘතික උත්සව
Celebrationsක්‍රීඩා, පවුලේ සැම එක්වීම, එක්ව ආහාර අනුභවය, නෑගම් යෑම, යැදුම්
Observancesසූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ නැකත
අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම
Dateබක් මස ඇති නක්ෂත්‍ර දිනයකි.
Frequencyවාර්ෂික
Related toසොංක්‍රන්, තිංග්යන්, පොහෙල බොයිශක්, දෙමළ අලුත් අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන ශ්‍රී ලාංකික සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින් ද එකම කාල වකවානුවක දී සමරති. මෙම උත්සවයට දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙංගාලි අලුත් අවුරුද්ද, කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕ අලුත් අවුරුද්ද, මියන්මාරයේ තිංග්යන් හා ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද උත්සවය ආදී උත්සව සමඟ සමීප සබඳතාවක් ඇත.[1] එදින ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු දිනයකි. එය සාමාන්‍යයෙන් අප්‍රියෙල් මස 13 වන දින හෝ 14 දින සමරනු ලැබේ.

සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී නව වසර උදාවෙයි. එයින් අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද සිදු කෙරේ. තවද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම සිංහල අවුරුද්ද ලෙස සැලකෙන මතයක්ද තිබේ.[2]

නැකතට සිදුකරන අලුත් අවුරුදු සිරිත්[සංස්කරණය]

  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිසෙහි තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පවත්වීමද

සිංහල සහ දමිළ ජනතාව අතර ආහාර වර්ගවල, සිරිත්වල සුලු සුලු වෙනස්කම් තිබුණත් බොහෝ කලක සිට ජාතීන් දෙක එකට අලුත් අවුරුද්ද සමරා තිබේ.[තහවුරු කරන්න]

2018 වසරට අදාළ අලුත් අවුරුදු නැකත්[සංස්කරණය]

නව සඳ බැලීම[සංස්කරණය]

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා 2018 ක් වූ මාර්තු මස 18 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 20 වන සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය[සංස්කරණය]

2018 අප්‍රේල් මස 12 වන බ්‍රහස්පතිංදා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව[සංස්කරණය]

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 8.13ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය[සංස්කරණය]

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 1.49 සිට අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින අපර භාග 2.37 දක්වා පුණ්‍ය කාලය වන බැවින් අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 1.49 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම[සංස්කරණය]

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 10.40 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප බැඳ ගිනි මොලවා, හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගනු මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය[සංස්කරණය]

2018 අප්‍රේල් මස 14 වන සෙනසුරාදා දින පූර්ව භාග 11.53 ට සුදු සහ  නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම[සංස්කරණය]

2018 අප්‍රේල් මස 16 වන සඳුදා දින පූර්ව භාග 10.16 ට හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා දිවුල් පත් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම[සංස්කරණය]

2018 අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතිංදා දින පූර්ව භාග 6.03 ට කහ/රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කොට නැඟෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Range, Irangika. "වෝටර්-ස්ප්ලෑශින් නිව් ඉයර් ඉන් තායිලන්ඩ්". ඩේලි නිව්ස්. සම්ප්‍රවේශය 26 අප්‍රියල් 2012.
  2. නලින් ද සිල්වා. "සිංහල අවුරුද්ද, කාලය වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2017-04-09.
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_අලුත්_අවුරුද්ද&oldid=499080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි