සාහිත්‍යමය උපයෝගීතාවය

විකිපීඩියා වෙතින්

සාහිත්‍යමය උපයෝගීතාවය ශුද්ධ වූ අල් කුර්ආනය පාරායනය කිරීම, ගායනා කිරීම හා වන පොත් කිරීම පහසු කිරීම සඳහා එය නොයෙක් ප්‍රමාණයෙන් යුත් කොටස්වලට බෙදා වෙන් කර ඇත. එය නොයෙකුත් දිග ප්‍රමාණයෙන් යුත් පරිච්ඡේදවලට වඩා වෙනස් හා අමතර වූවකි. එක සතියකින් හෝ මාසයකින් කියවා නිම කිරීමට හැකිවන සේ සම්පූර්ණ අල්කුර්ආනයම අජිසා හෙවත් ජුස්උ තිහකට බෙදා වෙන්කර ඇත. එහි සමහර ‍කොටස්වලට නම් යොදා ඇති අතර ඒවාට එම පරිච්චේද ආරමභ කරන මුල් අක්ෂරයන් උපයෝගී කරගෙන ඇත. එය නැවත කොටස් දෙකකට බෙදා ඇති අතර ඒවා අහ්සාබ් නම් වේ. එක් හිසාබයක් නැවත කොටස් 4 කටද, ඒවා රුබ්උල් අහ්සාබ් යනුවෙන්ද හඳුන්වා ඇත. එහි වෙනස් සැලැස්මක් රුකුඅත් ලෙස සපයා ඇති අතර ඒවා තවත් කුඩා කොටස් ලෙස වාක්‍යය දහයක් පමණ අඩංගු ඡේද වශයෙන් දක්වා ඇත. තවත් අයුරකින් ශුද්ධ කුර්ආනයම මන්සීල් නමැති කොටස් 7 ට බෙදා ඒවා එක සතියකින් පාරායනය කර නිම කිරීමට හැකි සේ පහසු කර ඇත. පාරායනය කිරීම අල් කර්ආන් යන පදයට පාරායනය කිරීම යන තේරුම දී ඇත්තේ එය සාමාන්‍ය අයුරින් කෙසේ පාරායනය කළ යුතුද යන්න පැහැදිලි කර ඇති නිසාය. එහි අර්ථය පැහැදිලි වන සේ සෙමින් ලාලිත්‍යමය ස්වරූපයකට පැහැදිලි උච්චාරණය සහිතව පාරායනය කළ යුතුය. එය පාරායනය කිරීමේ නිවැරදි පිළිවෙත “තජ්වීද්” යනුවෙන් හැඳින්වෙන අතර එහි භාෂාමය අගය තීව්‍රව ඉස්මතුවන සේ පාරායනය කළ යුතුය. තවද, එහි අභ්‍යන්තර අගය වචනවලින් හෙළි දැක්විය යුතුය. “එයට ටිකක් වැඩියෙන් හෝ ( අඩකට ටිකක් වැඩියෙන් හෝ ) කුර්ආනය සමපද පාතයෙන් හදාරව”. (අක්ෂර භේදය, උච්චාරණ භේදය නොමැතිව, නවත්ව නවත්වා තොර නැතිව උස්පහත් ප්‍රමාණයෙන් හදාරව) (කුර්ආන් 73:4) නැමඳුම ඉටු කිරීම ඉස්ලාමයේ අනිවාර්ය වගකීමක්වන නිසා එක මුස්ලිමයෙක් අඩුම තරමින් මුල්ම පරිච්ඡේදය වන “ සුරතුල් ෆාතිහා” ඇතුළුව තවත් සුරතයන් හෙවත් පරිච්ඡේද කිහිපයක් දැන සිටිය යුතුය. “සුරතුල් ෆාතිහාව”නිතර නිතර පාරායනය කරන වාක්‍ය 7 ලෙස හැඳින්වෙන අතර ඉන්පසු අවසානයට කෙටි පරිච්ඡේද පාරායනය කරන අනුපිළිවෙලට අවසන් විය යුතුය. නැමදීමේදී “ඔබම නමදිමු” යන පාඨය පාරායනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ මුස්ලිම්වරයෙක් “ෆාතිහාව වන පොත් කළ විට පමණි. යම් පුද්ගලයෙක් ශුද්ධ වූ අල් කුර්ආනය මිහිරිව පාරායනය කරන්නේ නම් ඔහුට “කාරී” යනුවෙන් ගෞරව නාමයක් ලැබෙන අතර ශුද්ධ වූ කුර් ආනය කටපාඩම් කළ අයට ලැබෙන ගෞරව නාමය “හාෆිස්” නම් වේ. එහි ස්ත්‍රී ලිංග පදය “හාෆොස්” නම් වේ. මෙහි තේරුම පාරායනය කරන්නා හෝ ආරක්ෂා කරන්නා වෙයි. ශුද්ධ වූ මුහම්මද් නබි (සල්) තුමා මුල්ම කාරි ලෙස නම් ලබන අතර මුල්න්ම අල් කුර්ආන් පාඨ මිහිරිව පාරායනය කළේ ශුද්ධ වූ මුහම්මද් නබි තුමාය. මුස්ලිම් ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ කලාවක් ලෙස පිළිගැනෙන්නේ අල් කුර්ආනය පාරායනය කිරීමයි.