සාර්ක් දියඋල්පත

විකිපීඩියා වෙතින්
සාර්ක් දියඋල්පත

සාර්ක් දියඋල්පත (SAARC Fountain) යනු බංග්ලාදේශයේ කවුරන් බසාර් (Kawran Bazar) ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ Panthapath අන්තර්ඡේද්‍යය අසල ඉදිකොට තිබෙන දිය උල්පතකි (වතුර මලකි). දිය උල්පත නම්කොට තිබෙන සාර්ක් (SAARC) යන නාමයෙන් අරුත් ගන්වන්නේ 1985 වසරේ දෙසැම්බරයේ පිහිටුවනු ලැබූ කලාපීය සහයෝගිතාවය සඳහාවන දකුණු ආසියානු සංගමය (සාර්ක් සංවිධානය) පිළිබඳවයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රාජ්‍යයන්ගෙන් වත්මන් සාර්ක් සංවිධානය සමන්විත වෙයි.

බංග්ලාදේශ කලාශිල්පියෙකු වූ Nitun Kundu විසින් නිර්මාණය කර තිබෙන මෙම දිය උල්පත සම්පූර්ණයෙන්ම වාගේ වානේ යොදා ගනිමින් නිර්මාණය කොට තිබෙන අතර; රාත්‍රී සමයේදී එය වර්ණාලෝකිතව විචිත්‍රවත්ව දිස්වන බව සඳහන් වෙයි.

ඛණ්ඩාංක: 23°44.991′N 90°23.596′E / 23.749850°N 90.393267°E / 23.749850; 90.393267

"https://si.wikipedia.org/w/index.php?title=සාර්ක්_දියඋල්පත&oldid=302376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි