සායනික අත්හදා බැලීම
Jump to navigation
Jump to search
සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි සායනික අත්හදා බැලීම් යොදා ගන්නේ ඖෂධයක් හෝ අනෙකුත් ප්‍රතිකාර ක්‍රමයක් ඖෂධයක් ලෙස ප්‍රබල නොවු ප්‍රතිකාර ක්‍රමයක් සමග සහ වෙනත් ඖෂධ හෝ උපකරණ සම්මත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සමග සංසන්දනය කිරීම සදහාය. මෙම සායනික අත්හදා බැලීම් වල ප්‍රමාණයන් විවිධාකාර වන අතර එහිදී එක් පර්යේෂකයෙකු එක් රෝහලක් තුළ සිට සිදු කරන අත්හදා බැලීම් වල සිට ජාත්‍යන්තර මට්ටමින් පර්යේෂකයන් සියගණනක් විවිධ මහද්වීප තුළ සිදු කරන පර්යේෂණ දක්වා විවිධ වේ. මෙහිදී පරික්ෂා කරනු ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 30 ක් තරම් සුළු ප්‍රමාණයක සිට දහස්ගණන් දක්වා විය හැකිය. අත්හදා බැලීම් සිදු කරන අතර තුර පරීක්ෂණයට ලක්කරන ද්‍රව්‍ය පර්යේෂණ මට්ටමේ පවතින නව ඖෂධය ලෙස හැදින්වේ.