සාකච්ඡාව:වියුණු සටහන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Blog යන වචනය සෑදී ඇත්තේ Web-log යන වචනය ඇසුරිනි. මෙය බ්ලොග් සටහන ලෙස සිංහලට ගත යුතු ව තිබුණු බ්ලොග් යන වචනය වියුණු සටහන ලෙස ගන්නා ලද්දේ web යන්නේ අර්ථය දැල නිසා (දැල ද වියන ලද්දක් නිසා) web log යන්න වියුණු ලෙස පරිවර්තනය කරන්නට ඇත. සාමාන්‍යයෙන් වෙනත් භාෂාවලින් වචන ගැනීමේ දී ක්‍රම කීපයක් ඇත. නව වදන් තැනීමය (programming=ක්‍රමලේඛනය), භාවිත වූ වදන් නව අර්ථවල යෙදවීමය(install=ස්ථාපනය) හා ඒ වදන් ඒ සැටියෙන් ම හෝ උච්ඡාරණ සොරූපයේ වෙනසක් ඇති ව ගැනීම (session layer= සැසි ස්ථරය/algorithm=ඇල්ගොරිතමය) යි. මෙතන දී කළ යුත්තේ එය එලෙසින් ගැනුම යි. ඒ අනුව එය ගත යුත්තේ බ්ලොග් සටහන කියා ය. සිංහල වචනයක් වුවමනා ම නම් අන්තර්ජාල දිනපොත ලෙස ගත හැක. මේ යෙදුම බොහෝවිට විකිපීඩියානුවකු නොව මහැදුරකු තැනූවක් විය යුතු ය. මෙවැනි අදාල සංකල්පයේ අරුත හිතට නො එන වදන් බොහෝ විට තනන්නේ ඔවුන් ය. මෙයට බ්ලොග් යන්න ප්‍රතියොමුවක් ලෙස දැනට යොදා තිබෙන බව පෙනේ. මේ ලිපියේ නම ම බ්ලොග් ලෙස ගෙනගියොත් හොඳ නැද්ද? Sasithmadu (talk) 00:41, 16 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වියුණු_සටහන&oldid=441099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි