සාකච්ඡාව:මෛත්‍රීපාල සිරිසේන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට මෛත්‍රීට තිබූ අවස්ථාව[සංස්කරණය]

ශීු ලාංකික දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු කල දේශපාලන සන්සිද්ධිය වූයේ ජනවාරි 8 සිදු වු දේශපාලන වෙනසයි එය 62ලක්ෂයක් ජනතාව විසින් අනුමත කල වෙනසයි.මෙම වෙනස මගින් අපේක්ෂා කරන ලද සමජමය ⁣ආර්ථික දේශපාලන පරිවර්තනය සිදු වුවාද යන්න විමර්ශනය කිරිම මෙම ලිපිය මගින් අරමුණු කෙරෙයි . ජනපති ⁣ මෛත්‍රී බලයට පත්වන ලද්දේ පොදු අපෙක්ෂකයකු ලෙස මැතිවරණයට තරග කිරීමෙනි.පසුව ඔහු ශීු ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කරගන්නා ලද අතර ඔහු නිල වශයෙන් යලි පක්ෂ දේශපාලනය ට වැටුණි.

     පසුව  පැවති මහ මැතිවරණයෙන්ද  කිසිදු  තනි පක්ෂයකට පාර්ලිමේන්තු  සරල බහුතරය හිමි නොවන  අතර සිදු  වූයේ   UNP  සහ SLFP දෙමුහුන්  ආණ්ඩුවක්  බලයට පත්කර  ගැනීමට  ජනාධිපතිවරයා  විසින්  පියවර       ගත්තේය . එය යහපාලන ආණ්ඩුව  ,ජාතික  ආණ්ඩුව ,සම්මුතිවාදි ආණ්ඩුව යන විවිධ  නම් වලින් හදුන්වනු  ලබයි.මෙි කුමන නමකින්  හැදින් වුවද  ඉතිහාසයේ ⁣අන් කවරදාටත් වඩා රට වෙනුවෙන්  ගතහැකි  වැදගත්  තීන්දු  ගන්නවා  නම්  ඒ සදහා හොදම අවස්ථාව  මෙය වන අතර එම අවස්ථාව  නිසි පරිදි  තවමත්  කලමනාකරණය කර ගැනීමට මෛත්‍රී  ජනාධිපතිවරයා  සමත්ව නැති බව  පෙනේ   ඒ සදහා ඇති  බාධක  හදුනා  ගනිමින්  ඒ සදහා  ගතයුතු  පියවර සමග ඊළග ලිපියෙන්  විග්‍රහ  කෙරෙයි . ෂෙහාන් දිසානායක (talk) 11:30, 26 නොවැම්බර් 2017 (යූටීසී)[reply]
හිතවත් පරිශීලක ෂෙහාන්, කරුණාකර පහත කරුණු සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න. ස්තුතියි.
විකිපීඩියා යනු විශ්වකෝෂයකි
විකිපීඩියා යනු අහඹු තොරතුරු නික්ෂේපණය කෙරෙන තෝතැන්නක් නොවේ
විකිපීඩියාව සත්‍යායනය කළ නොහැකි කරුණු සඳහා නොවේ
විකිපීඩියාව ඔබගේ මතවාදයන් පල කිරීමට වෙන් කොට ඇති තැනක් නොවේ
විකිපීඩියාව ඔබගේ නව අදහස් පල කිරීමට වෙන් කොට ඇති තැනක් නොවේ
විකිපීඩියාව බොහෝවිට පාහේ ඔබගේ නෙත ගැටෙන විට මේ අයුරින් දිස් නොවේ
ඔබගේ වටනා කාලය මිඩංගු කිරීම පිළිබඳ තුති.
---Randeer (talk) 09:25, 13 මාර්තු 2018 (යූටීසී)[reply]

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට මෛත්‍රීට තිබූ අවස්ථාව[සංස්කරණය]

ලංකාවෙ ජාතික ආණ්ඩු පිළිබද එක්තරා යුගයක බෙහෙවින් කතාබහට ලක්වුණි.1965 ඩඩ්ලි සේනානායක අගමැති ලෙස ජාතික ආණ්ඩුවක් පත්කල බව එකල මාධ්‍ය වාර්තා කළේය .එය හුදෙක් නාමික ජාතික ආණ්ඩුවක් විය.එහි ප්‍රධාන පක්ෂවල ඒකරාශි වීමක් දක්නට ලැබුණේ නැත.මෛත්‍රී ජනාධිපති වූ පසු කුමන තත්ත්වයක් මත වුවද ප්‍රධාන පක්ෂ දෙක සම්මුතිවාදි ආණ්ඩුව පාලනයට දායකව සිටියි .එහි ශීු ලංකා නිදහස් පක්ෂයේ සාතිශය බහුතරය ජනපති මෛත්‍රී සමගත් අන් පිරිස හිටපු ජනපති මහින්ද සමගත් රුදුණි.

       එසේ වුවද  ජාතික  ප්‍රතිපත්ති  සම්පාදනයට  මෛත්‍රී  ජනපති  කටයුතු කලේ  නම් සියලු  බෙදුම් පසෙකලා ඒ සදහා  එකගවන්නට ඒකාබද්ධ  විපක්ෂයට ද  සිදුවනු  ඇත .එහෙත්  මෛත්‍රී  ප්‍රමුඛ  ආණ්ඩුව  ප්‍රමුඛත්වය  දි ඇත්තේ  ආණ්ඩුකම ව්‍යවස්ථාව  ගැනය.

ඊලග ලිපිය ෂෙහාන් දිසානායක (talk) 17:19, 26 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට මෛත්‍රීට නිබූ අවස්ථාව[සංස්කරණය]

පොදු ජනපති ලෙස පහත සදහන් ප්‍රතිපත්ති රටෙහි නීති බවට මහජන සංවාදයක් හා විද්වත් දායකත්වයෙන් සකසන්නට තිබූ අවස්ථාව ඉතා ස්වර්ණමය අවස්ථාවකි. ඒ අනුව 01දේශපාලන මැදිහත් වීමිවලින් මිදුණු බදවා ගැනීමි සහිත නීතිමය රාමුවක් ඇතිකිරීම . 02.ස්වයං පෝෂිත කෘෂිකර්ම ආර්ථිකයක් සදහා වන ගොවිජන සැලසුම් . 03.අධ්‍යාපන ප්‍රතිපත්ති හා ගලපන වෘත්තීය අභිමුඛ සේවා නීතිමය රාමුවක් සම්පාදනය කිරීම . 04.ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම . 05.ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය.

 මෙම වසර  කිහිපය තුල සිදුකළ වැදගත් ප්‍රතිසංස්කරණ  ද පැසසිය  යුතුය .

ඒ අනුව 01.ජාතික විගණන පනත සම්මත කිරීම. 02තොරතුරු දැන ගැනීමෙි පනත සම්මත කිරීම.

තවත්  කලයුතු ප්‍රතිසංස්කරණ  රාශියකි.එය ඉටුකිරීම  මත මෛත්‍රී  ජනපතිවරයාට ඉතිහාසයේ  හිමි තැන තීරණය කරනු  ඇත. ෂෙහාන් දිසානායක (talk) 18:14, 26 නොවැම්බර් 2017 (යූටීසී)[reply]