සාකච්ඡාව:මට සම්පූර්ණ කාමරයම දැකිය හැක... සහ එහි කිසිවෙක් නැත !

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සිංහලෙන් පරිවර්තනය කළාහාත් මාතෘකාව මට සම්පූර්ණ කාමරයම දැකිය හැක... නමුත් එහි කිසිවෙක් නැත ! යයි විය යුතුයි. එහෙත් අපගේ මෙම ලිපිය ඉංග්‍රීසි සිත්තමෙහි සිංහල පරිවර්තනයක් ගැන නොව එම ඉංග්‍රීසි සිත්තම ගැන නිසා ලිපි මාතෘකාව ඉංග්‍රීසියෙන් තිබිය යුතු යයි සිතමි. සිංහල විකිය ගැන සිතයි නම් මාතෘකාව, අයි කැන් සී ද හෝල් රූම්......ඇන්ඩ් දෙයාර්ස් නෝබඩි ඉන් ඉට් යයි ලිවිය හැත. --- Shwetha (talk) 13:51, 2 අප්‍රේල් 2014 (යූටීසී)[reply]

ඔවු. එය වඩාත් නිවැරදි සහ සාර්ථකයි යන්න මටත් හිතෙනවා. මට සම්පූර්ණ කාමරයම දැකිය හැක... නමුත් එහි කිසිවෙක් නැත ! යන්න කුමක්දැයි එකවරම වැටහෙන්නේ නැහැ. මොකද එය සිංහල තේරුමක් සහිත වගන්තියක් නිසා. සැබැවින්ම මෙම මාතෘකාව මීට ගැලපෙන්නේ නැහැ. මීට පෙර ලිපියයකුත් ඔය වගේම නම්කිරීමකින් දාලා තිබුනා.(අම්මා සහ තාත්තා - සැබෑවටම මෙය කුමක්දැයි මටනම් නොවැටහේ)L Manju (talk) 14:05, 2 අප්‍රේල් 2014 (යූටීසී)[reply]
මේ මාතෘකාව තිබෙන එම ලිපියම තව අළුත්ම පිටුවකත් තියෙනවා.L Manju (talk) 14:11, 2 අප්‍රේල් 2014 (යූටීසී)[reply]