සාකච්ඡාව:නිවන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නිවන කෙටියෙන්[සංස්කරණය]

බුදුන් වහන්සේ පෙන්න දුන් පරිදි සිත කියා ශරීරයෙන් බැහැරවූ දෙයක් නොමැත. සිත යනු ශරීරයේම ක්‍රියාකාරකමකි.සිත කොටස් තුනකින් යුක්තවේ. එනම් විඤ්ඤාණය ,මනෝ සහ චිත්ත වේ.එය ශරීරයේම ක්‍රියාකාරකමකි. හැගීම් ඉබේම ක්‍රියා කරන බව බුදුන්වහන්සේ පෙන්වා දී ඇත. හැගීම් වලට සිතිය නොහැක.සිතීම යනු මොලයේ ක්‍රියාකාරකමකි එය කරනු ලබන්නේ ශරීරයේ පවතින (සිතෙහි පවතින) මනෝ කොටසෙනි.ඉපදෙන විට පවතින්නේ හැගීම් පමණි, සිතීම ඇතිවන්නේ පසුවයි.අපගේ ජීවිතය ගෙනයනු ලබන්නේ හැගීම් වලිනි.මොලය කොටස් දෙකකින් යුක්තවේ .හැගීම් සහ සිතීමේ කොටසයි. කෙසේ නමුත් මොලයේ ඇති සිතීමේ කොටස මොලයේ පවතින හැගීම් කොටසේ වහලෙක් බවට පත් කර ඇත. මොලයේ පවතින සිතීමේ කොටස ක්‍රියාත්මක කරනු ලබන්නේ හැගීම් වලට අවශ්‍ය දෙයි.ලෝකයේ සියලුම ප්‍රහ්න මේ නිසා ඇතිවේ.ඒනම් හැගීම් ලෝකයේ රජ කරවන නිසාවෙනි.බුදුන් වහන්සේ පෙන්වාදෙනු ලැබුවේ මොලයේ ඇති හැගීම් මොලයේ ඇති සිතීමේ කොටසින් පාලනය කලයුතු බවයි.බුදුන් වහන්සේ පෙන්වාදුන්නේ මෙම සිතීමේ කොටස නිවැරදිව පුහුණු කලයුතු බවයි. ලෝකයේ යම් කාරණයක් දෙයක් සිද්දිය ඇති වීමට හෝ බිහි වීමට කිසියම් වූ අවශ්‍යතාවයක් සැපිරිය යුතුවේ.( වාහනයක් ක්‍රියාකිරීමට ඒ අවශ්‍යතා සැපුරු විට එය ධාවනය වේ ,ගින්නක් ඇතිවීමටත් එලෙසමයි.එම අවශ්‍යතා නැති කල විට එය නැතිවේ Determinism හේතු පල වාදය දැනට මෙය සත්‍යක් ලෙස සොයාගෙන ඇත) ලෝකය අදුර්ෂ්‍යමාන දේවත්වයකින් පාලනය නොවන බවද දැනට සොයාගෙන ඇත. බුදුවහන්සේ පෙන්වාදුන් පරිදි එය පටිච්ච සමුප්පාදය නම් වේ එය බුදුන්වහන්සේ පෙන්වාදුන් මෙලෙසින්ය.

"අවිජ්ජා පච්චයා සංකාරා සංකාර පච්චයා විඤ්ඤාණං

විඤ්ඤාණං පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සලායතනං සළායතන පච්චයා ඵස්සෝ ඵස්ස පච්චයා වේචනා
වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති
ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති."
.

අවිජ්ජාවෙන් සංස්කාරයන්ගේ හට ගැනීමද ඒ සංස්කාරයන්ට අනුව විඤ්ඤාණය ඇතිවීමද. විඤ්ඤාණට අනුරූපීව නාමයෙත් රූපයෙත් පැවැත්ම ද, ඒ නාම රූපයේ පැවැත්මෙන් සළායතනයන‍්ගේ පැවැත්මද,සළායතනයන් නිසා හට ගන්නා ස්ඵර්ෂයද , ඒ ස්ඵර්ෂයට අනුරූපීව වේදනාවන් ද, ඒ වේදනාවන්ට(පන්චේන්ද්ර්යෙන් ග්‍රහණය වන) අනුව ඇතිවන ආශාවන්ද, ඒ ආශාවන්ට අනුව බැදීයාමද, ඒ බැදීයාම නිසා හට ගන්න භවයද ඒ අනුව උප්පත්තියද උප්පත්තිය නිසා ජරාව මරණය , සෝක කිරීම , හැඩීම වැලපීම, ආදි සියළු දුක් දොම්නස් බුදුන්වහන්සේ පෙන්වාදුන්නේ ප්මේම පටිච්ච සමුපාදය නියම ලෙස අවභොඩ කර ගන්නේනම් යමෙක් සියලු දුකින් මුදුන නිවන කරා යන බවයි. වර්තමාන දාර්ශනිකයින් පුද්ගලයින්ගේ පැවැත්මක් පිළිබද අදහස් දැක්වුවත්(Existentialism ,Existentialism බුදුන්වහන්සේ පෙන්වාදෙනු ලැබුවේ පුද්ගලයෙක් නොපවතින බවත්,පැවැත්ම යන සිතුවිල්ල මායාවක් බවත්ය(delusion)සහ පුද්ගලයා පවතින්නේ අපගේ හැගීම්(emotion) මත බවත්ය. මනස පවිත්‍ර කරගත්පසු පවතිනවා එම මායාව නැතිවේ . පළමු මානසික පවිත්‍රතාවය(ධ්‍යාන) ,දෙවන තෙවන හතරවන ලෙස තත්වයන් ඇත.එවිට විඤ්ඤාණය(consciousness)නොහොත් මනසේ ක්‍රියාකාරිත්වය නැතිවේ එය නිවන වේ.(මෙහිනිවන ඇති ලිපිය අපැහැදිලි බැවින් මෙසේ දීර්ගාව කෙටියෙන් කරුණු දක්වුයෙමි)--RsEkanayake 16:12, 24 අගෝස්තු 2016 (යූටීසී)

--ජයසිරි (talk) 09:20, 26 අගෝස්තු 2016 (යූටීසී)බුදුන් වහන්සේ පෙන්න දුන් පරිදි සිත කියා ශරීරයෙන් බැහැරවූ දෙයක් නොමැත. සිත යනු ශරීරයේම ක්‍රියාකාරකමකි.සිත කොටස් තුනකින් යුක්තවේ. එනම් විඤ්ඤාණය ,මනෝ සහ චිත්ත වේ.එය ශරීරයේම ක්‍රියාකාරකමකි. හැගීම් ඉබේම ක්‍රියා කරන බව බුදුන්වහන්සේ පෙන්වා දී ඇත.

ඔබගේ මෙම ප්‍රකාශයට අනුව මෙය ඔබේ අදහසක් නම් "බුදුන් වහන්සේ විසින් පෙන්නා දුන් පරිදි යැයි සඳහන් කිරීම උචිත නොවේ යනු මගේ මතයයි. අඩුම තරමින් ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේනමක් විසින් පාඨ ගෙන හැර දක්වමින් කල දේශනාවක් අසා හෝ ඔබ මෙවන් ප්‍රකාශයක් කලානම් එය නිවැරදියි පිළිගත හැක. හුදෙක් ඔබේ හිතේ හෝ මනසේ සකස් වූ අදහසක් මෙසේ ඉදිරිපත් කිරීමෙන් වැලකුනොත් වඩාත් උචිත යයි මගේ විශ්වාසයයි.--ජයසිරි (talk) 07:52, 26 අගෝස්තු 2016 (යූටීසී)

ඔබේ පලවන ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම 'අපට නිවන අසලටවත් යන්න බැරි' යයි ඔබ දරන දුර් මතය පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශකරමි.

   #යමෙකුට නිවනට ළඟා වීමට නොහැකිවන ප්‍රධානම බාධකය වන්නේද මට නම් නිවන අසලටවත් යා නොහැක යන සිතුවිල්ලමවේ.
    අදට දශකයකට පමණ ඉහත ධර්මය දේශනාකළ දේශකයන් වහන්සේලා අනුදැන වදාළේ මෙතේ (මෛත්‍රි) බුදුන් දැක නිවන් දැකීමක් ගැනයි. නමුත් ඒ අදහස අදවනවිට නිවැරදිව ධර්මය අවබෝද කරගනු ලැබූ (උතුම් නිවන අවබෝධකරගත්) ධර්මධර භික්ෂුන් වහන්සේලා විසින් තරයේ 
    ප්‍රතික්ෂේප කරනු ලැබ  ඇත. (එවැනි රහතන් වහන්සේලා අද මේ ධර්මද්ධිපයේ වැඩසිටින බව බොහෝදෙනා දන්නා කරුණකි) එවන් උතුමන්ගෙන් නිර්මල බුදු දහම අසා දැනගන්න. ඉතා සරලව හා පැහැදිලිව ඒ මගින් ඔබට නිවන දැකගත හැක.

සිත ශරීරයෙන් වෙන්ව පැවතීමක් ගැන හෝ එක්ව බැඳී පැවතීමක් ගැන හෝ මම කිසිම තැනක ප්‍රකාශකළ බවක් මගේ මතකයේ නැත. බුදුන් වහන්සේ එවන් දේශනාවක් කර ඇති බවක් ද මම අසා නැත. එබැවින් ඔබගේ දෙවන ප්‍රශ්නය මට අදාළ වන්නේද නැත. ඔබේ තුන්වන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් ලෙස මා දකිමි. සිත පවතින්නේ මේ මොහොතේ පමණක්ම බවත් අතීත සිතක් හෝ අනාගත සිතක් කියා කිසිවක් නොමැති බවත් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. අතීතය මතකයක් පමණි. අනාගතය යනු බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා මිස යතාර්ථයක් නොවේ (තව මොහොතකින් මා මිය නොයාවියයි කිවහැක්කේ කාටද) නිවන දකින්නාහු විසින් එය දැකිය යුත්තේ මේ මොහොතේම මිස එලඹේවියයි විශ්වාසයක් හෝ නැති අනාගතයේදී නොවන්නේය. උපන්දා සිට මේ දක්වා ගෙවාගෙන එන මේ සසර ගමනේ මා සිටින්නේ මේ මොහොතේම පමණක් බව නුවනින් දකින්න. (අතීතයේ සිටි මා දැන් නැත. අනාගතයේ මා පැමිණ නැත.) මේ මොහොතේ මගේ සිතිවිලි අතීත සිදුවීමක් හෝ අනාගත බලාපොරොත්තුවක් ගැන විය හැක. පසිඳුරන් නිසා ලබන වේදනාවක් සම්බන්දව වියහැක. මේ වේදනාවේ ලක්ෂණයයි වේදනාව නිසා ඇතිවන්නේ තණ්හාවයි ( ඇලීමත් ගැටෙන ස්‌වභාවයත් දෙකම තන්හාවේම ලක්ෂණ වේ)තන්හාවට බැඳී ගිය කල්හි (උපාදාන) භවය සකස්වේ. නැවත උපතක් කරා යන්නේ එබැවිනි. මෙයයි හේතු ඵල ධර්මතාවය. මේ මොහොතේ සිතුවිලි නිරුද්ධ වේ නම් තන්හා උපාදාන නැත . නැවත උපතක් නොවේ.මෙය දැකිය හැක්කේ ප්‍රඥාවෙන්ම පමණි. නිවන් දැකීමෙන් පසු සිතට මොකද වෙන්නේ? සිතේ ස්වබාවය සිතුවිලි ඇසුරු කිරීමයි(අතීත හෝ අනාගත සිතුවිලි සහ වින්දනය මුල් කරගත් සිතුවිලි = සසර ) නිවන යනු සිතුවිලි වලින් නිරුද්දවිමයි. සසරින් එතෙර වීමයි. පැවැත්මක් ඇත හෝ නැත යන මේ දෙකම අන්ත දෙකකි. බුදු දහම කිසිම අන්තයකට යන්නේ නැත. මේ පිළිබඳව පසුව විස්තර කරමි.

නිවන පිළිබඳව ඔබ තුමා දක්වන අදහස නිවැරදි නොවේයැයි මා නොපවසමි. සිත යනු ශරීරයේම ක්‍රියාකාරකමක් බවත් හැඟීම් ඉබේම ඇතිවන හා ක්‍රියාත්මකවන බවත් යන්න බුදුන් වහන්සේගේ පෙන්වාදීමක් බවත් ඔබ පවසයි. නමුත් බුදුන් වහන්සේ කුමන අවස්තාවක කාහට මේ ආකාරයට දෙසනා කාලෙදැයි ඔබ පවසා නැත. නිවන පිලිබඳ දෙසනා කරන බොහෝ උගත් ධර්මධර භික්ෂුන් වහන්සේලා මේ අයුරින් කිසිම දේශනාවක සදහන්කර ඇති බවක් මා නම් නොදනිමි. මේ නම් අලුත්ම අදහසකි මේ පිලිබඳ විකිපීඩියා ඇසුරුකරන උගතුන් ගේ අදහස් ඉතා අගේකොට සලකමි.විශාල


===== පුද්ගල හෝ සත්වයාගේ ඉන්දුරන්ද ඒවාට ගෝචර වන අරමුණු හේතුවෙන් ඇතිවන්නාවූ හැඟීම් හා සිතුවිලිද යනමේ සියල්ල මේ මොහොතේ පමණක් විද්‍යාමාන වන බවත් ඒ සඳහා අතීත මතකයන් හා අනාගත පැතුම් බැඳී පවතින බැවින් බවය සකස් වන බවත් මේ මොහොත සියලු මතකයන්ගෙන හා සිතිවිලි වලින් නිදහස් වූ කල්හි බවගාමි විමක් නොවන හෙයින් නිවන සාක්ෂාත් වන බවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම බව පැහැදිලිය. =====විශාල පෙළ--ජයසිරි (talk) 09:20, 26 අගෝස්තු 2016 (යූටීසී)


ඔබගේ මත ප්‍රකාශ කිරීම ගැන සතුටුයි.මෙම පිටුව සාකච්චා පිටුවකි.මෙහි මතවාද ඉදිරිපත් කරන ස්ථානයක් නොවේ.නිවන යන ලිපිය දියුණු කල හැක්කේ කුමන ආකාරයෙන්ද යන වග පමණයි මේ තුල සාකච්චා කල හැක්කේ. දීර්ගාව කරුණු දැක්වූ මාද කර ඇත්තේ එක පැත්තකින් වරදකි.කෙසේවෙතත් ලිපියේ අන්තර්ගතය තුල කරුණු ගැබ්වෙලා තිබුනත් සංශිප්තව පැහැදිලි නොවීම නිසා පමණයි මා එම කරුණු ඉදිරිපත් කලේ . කෙසේ වෙතත් මේ පිළිබද කරුණු සකච්ච්චා කිරීමට අපි කොපි කඩේ පැත්තේ යමු. එතන කතාකරමු. ජයසිරි ! ඉහත සටහනේ ඔබ ඔබේ අත්සන තබා නැත. ඉහත වම්පස පෑනක් වැනි සලකුණ මත ක්ලික් කල විට ස්වයන්ක්‍රීයව අත්සන ඔබට අවශ්‍ය තැන සටහන්වේ. නැවත එම සටහන හැකිනම් හදන්න --RsEkanayake 13:03, 25 අගෝස්තු 2016 (යූටීසී)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:නිවන&oldid=374460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි