සාකච්ඡාව:නාට්‍ය හා රංග කලාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

දෘෂ්‍ය යනු වැරැදිය දෘශ්‍ය යනු නිවැරැදිය. නාට්‍ය හා රංග කලාව යන්න සිංහල වචන නම් ඒවා පාරිභාෂික වන්නේ කෙසේදැයි නොවැටහේ. පාරිභාෂික යනු පර බසෙකින් එන යන්නයි. ---- ශ්වෙත (talk) 08:06, 17 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ප්‍රිය මිත්‍රය, ඔබ දෘශ්‍ය යන පදය ගැන කියන කරුණ නිවැරදි යි. එහෙත් පාරිභාෂික පද ගැන ඔබ කියන කරුණ නම් නිවැරදි නැහැ. පාරිභාෂික පද යනු පරිභාෂාවන්ට අයත් පද යි. එය සෑදෙන්නේ පරිභාෂා යන පදයට ඉක ප්‍රත්‍යය එක් වීමෙන්. පරිභාෂා+ඉක පාරිභාෂික.(මෙහි දී මුල තිබුණු ප යන්න පා යන්න බවට පත් වන්නේ පැරැණි රීතියක් අනුව. මෙසේ ඉක ප්‍රත්‍යය එක් වන බොහෝ ස්ථානවල මුල් පදයේ මුල ස්වරයේ මාත්‍රා වෘද්ධියක් නැතහොත් මත් වැඩීමක් සිදු වෙනවා. අධ්‍යාත්ම+ඉක = ආධ්‍යාත්මික, සම්ප්‍රදාය+ඉක = සාම්ප්‍රදායික ආදී තන්හි මෙන් පරිභාෂා+ඉක =පාරිභාෂික) ඉතින් පරිභාෂා යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? පරිභාෂා කියන්නේ කිසියම් විෂයයක් විශේෂ වශයෙන් පැහැදිලි කිරීමට, උගැන්වීමට, සාකච්ඡා කිරීමට හා ක්‍රියාවෙහි යෙදීමට වර්ධනය වී තිබෙන බසකට යි. වෙනම විෂයයක් හැටියට වර්ධනය වන ඕනෑ ම ක්ෂේත්‍රයකට මෙසේ පරිභාෂා වර්ධනය වෙනවා. නාට්‍ය කලාව විතරක් නෙමෙයි, වෛද්‍ය විද්‍යාව, ගණිතය, භාෂාව ආදී සියලු ස්වාධීන විෂයයන්ට අදාළ පරිභාෂා තියෙනවා. එම පරිභාෂාවන්ට අයත්/නැතහොත් එම පරිභාෂාවන්ට අදාළ පද පාරිභාෂික පද යි. technical terms යනු මෙයට ඉංග්‍රීසි බසින් දිය හැකි සමාන පදයක්. ස්තුතියි.--Anandawardhana (talk) 03:11, 18 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

Heading of this article[සංස්කරණය]

I have no domain knowledge in නාට්‍ය හා රංග කලාව. But It seems නාට්‍ය & රංග කලාව is not same. රංග කලාව is a broader subject & නාට්‍ය is a part of it. If so this could be 2 different articles or නාට්‍ය could be a sub topic of the article රංග කලාව. Singhalawap (talk) 01:56, 19 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

I agree. I think having two different articles is the best solution. An article titled නාට්‍ය කලාව is already there.--Anandawardhana (talk) 02:22, 19 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
If so, this article could moved to රංග කලාව and develop on රංග කලාව. Singhalawap (talk) 02:49, 19 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

නාට්‍ය හා රංග කලාව[සංස්කරණය]

සමාන පද 223.224.2.122 09:58, 3 සැප්තැම්බර් 2022 (යූටීසී)[reply]