සාකච්ඡාව:ඩන්කන් වයිට්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙතුමාගේ ජාතිය ලංසිද (පෘතිගීසි හෝ ලන්දේසි ද ) ඉංග්‍රීසිද ?   Singhalawap (talk) 12:57, 26 ජූනි 2013 (යූටීසී)[reply]

මෙය සහ මෙය බලන්න. -- ශ්වෙත (talk) 15:50, 26 ජූනි 2013 (යූටීසී)[reply]
සෑම ජාතියකටම හෝ ජන වර්ගයකටම ආත්ම ගරුත්වයක් ඇත. බර්ගර් ජාතිකයෙකු ලංසි යැයි හැඳින්වීම ගැන මම තදින් විරුද්ධත්වය පළ කරමි. සිංහලයන් රාවණගේ රසදිය ඇන්ජින් යෙදූ දඬුමොණරය ගැන අභිමානයෙන් (සිහින මවමින්) දෙඩුවද ශ්‍රී ලංකාව නිදහසෙන් වසර 50 වන තුරු දියුණුවෙමින් පවතින රටක් වන අතර 1960 ගණන් වලදී කොළඹ නගරය සංචාරය කොට ගිය ලී ක්වාන් යූ සංවර්ධනය කළ සිංගප්පූරුව අති දියුණු පෞර රාජ්‍යයක් වී ඇත. ---ශ්වෙත (talk) 16:51, 26 ජූනි 2013 (යූටීසී)[reply]
මා දන්නා පරිදි ඉංග්‍රීසියෙන් Burgher යන්නට සිංහල වදන ලංසි. පාපැදියට බයිසිකලේ කියනව වගේ ලංසි ජාතියේ අයට බර්ගර් කියලත් කියනවා. ඒක අගෞරව පදයක් කියලා හිතනවනං කියවන්නාගෙ ගැටළුවක්. අගෞරව කරනන්න නං මම ''එතුමා" කියලා ලියනවයැයි. මට මේක කියවද්දි මතක් උනේ බේත් ගන්න එන සමහල සංකර රෝගීන්. මේ ලෙඩේට " මුත්‍රා පරික්‍ෂාවක්" ඕනෙ කිවුවම එයාලට ලැජ්ජයි, "යුරීන් ටෙස්ට්" එකක් කරන්න කිවුවම සතුටුයි එයාලට. Singhalawap (talk) 07:17, 27 ජූනි 2013 (යූටීසී)[reply]
වැඩි දුර යන්න ඕන නැහැ. අනුරාධපුර පෞරාණික නගරය, මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය, කතරගම, සහ මොරටුව යන දැනට පවතින ලිපි බලන්න. ඒවායේ තියෙන්නේ ලංසි කියලද? සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන ආ පළමු ශ්‍රී ලාංකිකයා කියන්න සමහරු ආසයි. ඒකට ඩන්කන් වයිට් යුරෝපීය ජාතිකයෙක් කියන්න ඒ ගොල්ල උත්සාහ කරනවා. ලංකාව දිවයිනක් බවත් ඈත අතීතයේ පටන් මින්ස්සු මෙහෙ ගොඩ බැස්ස බවත්, වෙළෙඳාම් කළ බවත්, ආවාහ විවාහ වූ බවත් ඒක නිසා කවදා ඇරඹුනත් රාවණගෙන් ඇතිවුනත් විජයගෙන් ඇති වුනත්, බලංගොඩ මානවයාගෙන් ඇතිවුනත් මේ රටේ අමිශ්‍ර ජාතියක් නැති බව පිළිගන්න මේ ගොල්ල ලැජ්ජයි. මූදු බව විතරක් නොවෙයි උඩරට රදළ කියල කියන කට්ටිය ඔරිජිනල් සිංහල නොවෙයි බවත් ඉන්දියාවෙන් ඇවිත් බින්න බැහැපු ඉන්දියන් කාරයෝ බවත් සමහරු දන්නේ නැහැ. --- ශ්වෙත (talk) 11:32, 27 ජූනි 2013 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ඩන්කන්_වයිට්&oldid=268701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි