Jump to content

සාකච්ඡාව:අනිච්ඡාව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by දුගියා

අනිච්ඡ යන පාළි වදනේ සිංහල අනුවාදය ලෙස අනිත්‍යය ලෙස කාලයක් අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් ත්‍රිපිටකයේ ඇති කාරණා සමග වඩාත් ගැලපිය හැක්කේ තමන් කැමති සේ නැති යන්නයි. උදාහරණයක් ලෙස කෙනෙකු වයසට යෑම අනිච්ඡ ලෙස ගන්න. මෙහිදී කුඩා දරුවකු ලොකු වනතුරු වන අනිච්ඡතාවය සැමටම දැනෙන්නේ සැපයක් ලෙසටයි. නමුත් ලොකු අයෙකු වයසට යනවිට එම අනිච්ඡතාවය නිසාම දුකක් හට ගනී. එසේ නම් බුදු දහමේ සඳහන් වන පරිදි "යද නිච්චං තං දුක්ඛං"(යමක් අනිච්ඡද එය දුකක්ම වේ) යන්න අනිත්‍යතාවයෙන් පැහැදිලි කළ නොහැකිය. නමුත් එය තමන් කැමති සේ නැත් නම් එය දුකක් ම වේ යන්නෙන් පැහැදිලි කර ගත හැක.

මගේ අදහස වූයේ නම් මෙහිදී ඇති අදහස් දෙකම ඇතුළුකොට එක් පිටුවක් සෑදීමයි. අනිච්ඡාව ලෙස පිටුව සෑදීම කරන ලද්දේත් එනිසාමය. මක් නිසාද යත් මත දෙකක් ඇත්තේ අනිච්ඡාවෙහි තේරුමට නිසා එම අදහස් දෙකම මෙම පිටුවෙහි සඳහන් කල හැකි බැවිනි. මේ සම්බන්දයෙන් මත ගැටුමක් ඇතිකිරීමට අනවශ්‍ය බවත් පාලකයන් හට අවැසි පරිදි තීරණයක් ගතහැකි බවත් කාරුණිකව දන්වා සිටිමි. දුගියා (talk) 17:32, 4 නොවැම්බර් 2012 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:අනිච්ඡාව&oldid=232880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි