අනිච්ඡ
ත්‍රිපිටකය/ බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/ කළ හැක.
මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
කටවහරේ සාමාන්‍යෙයන් අනිත්‍යය ලෙස යෙදෙන අනිච්ච (පාලි: अनिच्चा anicca; සංස්කෘත: अनित्य anitya; ටිබෙටියානු: མི་རྟག་པ་ mi rtag pa; චීන: 無常 wúcháng; ජපන්: 無常 mujō; කොරියානු: 무상 musang; තායි: อนิจจัง anitchang, පාලි "aniccaŋ" වෙතින්) යනු බුද්ධාගමෙහි අත්‍යාවශ්‍ය භාෂිතයන් වන ත්‍රිලක්ෂණ අතුරින් එකක් වෙයි. ඉන් කියැවෙන්නේ සෑම සංස්කාර ධර්මයක්ම (පැවැත්මක්ම) අනවරත වෙනස්වීමක පවතින බවය.
අනිත්‍යයට අනුව මනුෂ්‍ය ජීවිතය වයස්ගතවීමේ අනවරත ගලායන ප්‍රවාහයකට යටත්වන අතර උපත සහ පුනරුත්පත්තියද (සංසාරය), අහිමිවීම්ද මෙම අනිත්‍යය ස්වභාවයේම ප්‍රථිපලයකි. බුදුදහමට අනුව මේ සෑම දෙයකම පවත්නා අනිත්‍ය ස්වභාවය හේතුවෙන් යම්කිසිවක් වෙත ඇලීම ඵලරහිත වෙයි. ඉන් ඇතිවන්නේ දුකක් පමණි.
බෞද්ධයින්ට අනුව අනිත්‍යය ස්වභාවය අවසන් කිරීමේ එකම මාර්ගය වන්නේ වෙනස්වීමක් නොමැති, ජරාවට පත්වීමක්, මරණයක් නොමැති නිර්වාණයයි.
උදෘතයන්
‘සෑම දෙයක්ම අනිත්‍යය ය. අනිත්‍යය යනු කුමක්ද ? ඇස අතිත්‍යය ය. දර්ශනය වන වස්තූන්(රූප), ඇසේ සංවේදීතාවය (චක්ඛු-සම්පාස), දැකීම නිසා ප්‍රසන්න අප්‍රසන්න ලෙස හෝ අප්හරසන්න හෝ අප්යරසන්න ලෙස දැනෙන දෙය(වේදයිත)ද අනිත්‍යය ය. මේලෙසම කණ නාසය දිය ශරීරය සහ මනස සමගද අනිත්‍යය ස්වභාවය බැඳී පවතී’
’සියලූම ස්ථාපිතයන් අනිත්‍යය ය’
‘උත්පාද (සමුදය) වන ඕනෑම දෙයක් අවසානයට පත්වීමට (නිරෝධ) ගොදුරු වෙයි’
"අනිච්ච" පදයේ ලෝකෝත්තර සහ පූර්ණ අර්ථය වන්නේ "හේතූන් නිසා යමක් හටගන්නවාද, එම හේතූන් නිරුද්ධ වීම/ කිරීම නිසා ඒ හටගත් දෙය නිරුද්ධ වන බවයි.[ත්‍රිපිටකය 1]
මෙම පදයේ නිවැරදි අර්ථය වටහාගත් අය චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත් අයයි.
එසේ නොමැතිව සියල්ල අනිත්‍යයි හෝ ස්ථිර නොමැති බව සියළුම මනුෂ්‍යයින් දන්නා කරුණකි. එසේනම් සියළුම මනුෂ්‍යයින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් අය විය යුතුය. එය උතුම් සම්බුද්ධ දේශනාවට අනුව කිසිකලෙක සිදුවිය නොහැකි දෙයකි.
චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැක්කේ නිල සිලට ගත් පස් වලිනුත් ඉතාම කුඩා කොටසකට පමණි.[ත්‍රිපිටකය 2]
උපුටාදැක්වීම් දෝෂය: "ත්‍රිපිටකය" නම් කණ්ඩායම සඳහා<ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="ත්‍රිපිටකය"/> ටැග සොයාගත නොහැකි විය.