ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා

විකිපීඩියා වෙතින්
ස්වීඩනය අග්‍රාමාත්‍යවරයා
ස්වේරියස් සටට්මිනිස්ටර්
තනතුර ධාරී
උල්ෆ් ක්‍රිස්ටසොන්

18 ඔක්තෝබර් 2022 සිට
ශෛලීයඅති උතුම් (රාජ්‍යතාන්ත්‍රික)
මෙහි සාමාජිකයෙකි
මොහුට වාර්තා කරයිරික්ස්ඩා
නිවහනසෝගර් හවුස්
හර්ප්සුන්ඩ්
ආසනයරෝසන්බාඩ්, ස්ටොක්හොල්ම්, ස්වීඩනය
නාම යෝජකයාරික්ස්ඩා
පත් කරන්නාකතානායක
ධූර කාල ප්‍රමාණයනිල කාල සීමාවක් නොමැත
සංස්ථාපන ලිඛිතය1974 රාජ්‍ය ලිඛිතය
සමාරම්භක දරන්නාලුවී යෑර්හඩ ඩො යෑර්
සංස්ථාපනය20 මාර්තු 1876; වසර 148 කට පෙර (1876-03-20)
නියෝජ්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
වැටුප2,112,000 kr වාර්ෂික
වෙබ් අඩවියඅග්‍රාමාත්‍ය කාර්යාලය

අග්‍රාමාත්‍යය යනු ස්වීඩනයෙහි රජයෙහි ප්‍රධානියා වෙයි. 1876 වසරෙහිදී අග්‍රාමාත්‍යය තනතුර ස්ථාපනය කිරීමට පෙර, එහි රාජ්‍ය නායකයාවූ රජ වෙතින් පරිබාහිරව රජයෙහි නායකයෙක් ස්වීඩනය සතු නොවූ අතර රජතුමා වෙත විධායක අධිකාරිය පැවරිණි. 1866 වසරෙහිදි ශතවර්ෂ ගණනක් පැරණි රික්ස්ඩා ඔෆ් දි එස්ටේට්ස් වෙනුවෙන් සංස්ථාපිත නව ද්වීමණ්ඩල රික්ස්ඩා නිර්මාතෘ ලුවී යෑර්හඩ ඩො යෑර්, 1876 වසරෙහිදී පළමු නිල දරන්නා විය.

පාර්ලිමේන්තු ක්‍රමයන්හි බොහෝ අග්‍රාමාත්‍යවරුන්ට වෙනස් වශයෙන් ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා නීති ප්‍රකාර සහ තත්වාකාර ප්‍රධාන විධායකයා වෙයි. මෙය මෙසේ වන්නේ රාජ්‍ය ලිඛිතය විසින් පැහැදිලි ලෙසින් විධායක බලය රජය වෙත පවරන අතර, එහි නායකයා අග්‍රාමාත්‍යවරයා වන හෙයිනි.