ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව

විකිපීඩියා වෙතින්
ජේම්ස් තිසෝ විසින් නිර්මාණය කෙරුණු ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව (ලේ පැටර් නොස්ටර්),. බෲක්ලීන් කෞතුකාගාරය

ස්වර්ගයෙහි වැඩ සිටින (ලතින්: පැටර් නොස්ටර්) යනුවෙන්ද හැඳින්වෙන ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව යනු, ප්‍රමුඛ ක්‍රිස්තියානි යාච්ඤාවක් වන අතර, නව ගිවිසුම ප්‍රකාර, ජේසුස් වහන්සේ විසින් යාච්ඤා කල යුතු ආකාරය ලෙසින් එය උගන්වා ඇත:

එහෙයින් මෙසේ යාච්ඤා කරන්න ... (Matthew 6:9 NRSV)
ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න ... (Luke 11:2 NRSV)

මෙම යාච්ඤාවෙහි අනුවාද දෙක, සුභාරංචි තුල වාර්තා කොට ඇත: ශුද්ධවූ මතෙව් තුමාගේ සුභාරංචියෙහි කන්ද උඩ දේශනාව තුල සඳහන් වන වඩාත් දිගු ආකාරය සහ, ශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියෙහි "උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, 'ස්වාමිනී, ජුවාම් තම ගෝලයන්ට උගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනව.'" (Luke 11:1 NRSV) යැයි පැවසූ විට සඳහන් වන කෙටි ආකාරය යනුවෙනි. ලූතරානුගාමික දේව ධර්මාචාර්යය හැරල්ඩ් බොල්ස් යෝජනා කරන්නේ, මෙම දෙකම මූලික සම්භවයක් සහිත බව වන අතර, මතෙව් අනුවාදය, එතුමන්ගේ ධර්මප්‍රචාරයෙහි මුල් අවදියෙහිදී ජේසුස් වහන්සේ විසින් ගලීලයෙහිදී ප්‍රකාශ කල අතර, වසරකින් පසුව වූ ලූක් අනුවාදය, "බොහෝ විට ජුදයාවෙහිදී" සිදුවූ බවයි.[1]

මතෙව් අනුවාදයෙහි ආයාචනා හත අතුරින් පළමු ආයාචනා තුන තුලින් දෙවියන් වහන්සේ අමතනු ලබයි; අනෙකුත් සතර බැ‌ඳෙනුයේ මිනිස් අවශ්‍යතා සහ බලාපොරොත්තු වෙතය. ශුද්ධවූ මතෙව් තුමාගේ අනුවාදයෙහි පමණක්, "ඔබගේ කැමැත්ත ඉටු වේවා" සහ "නපුරාගෙන් අප මිදුව මැනව" යන ආයාචනා අඩංගු වෙති. මුල් ග්‍රීක ග්‍රන්ථ දෙකෙහිම එපියෝසියූස් යන නාම විශේෂණ පදය අඩංගු වූ අතර, වෙනත් කිසිම සම්භාව්‍ය හෝ කොයිනේ ග්‍රීක හෝ සාහිත්‍යයෙහි මෙය සඳහන් නොවෙයි ; මෙම පදයට විවාදාත්මක වන පොදු පරිවර්තනය වන්නේ, "දවස් පතා" යන්නයි. සාමාන්‍යයෙන් ප්‍රොතෙස්තන්තවරු මෙම යාච්ඤාව කෙළවර කරනුයේ දේව ස්තෝත්‍රයකින් වන අතර, මෙය මතෙව් සුභාරංචියෙහි සමහරක් අත්පිටපත් තුල දැක්වෙන පසුකාලීන පරිශිෂ්ටයකි.


ආශ්‍රිත[සංස්කරණය]

උපහරණ[සංස්කරණය]

  1. බොල්ස්, එච්. එච්., ද සර්මන් නෝට්ස් ඔෆ් හැරල්ඩ් බොල්ස්: ඊස්ටර් V, සම්ප්‍රවේශය15 ජූනි 2018

මූලාශ්‍ර[සංස්කරණය]