ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්ත්‍රී ප්‍රජනකාංග කැපීම සහ ස්ත්‍රී ලිංග පරිඡේදනය ලෙසින්ද හැඳින්වෙන, ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය (FGM) යනු, බාහිර ස්ත්‍රී ලිංගේන්ද්‍රිය කොටසක් හෝ සම්පූර්ණයෙන් හෝ අභිචාරාත්මක ලෙසින් ඉවත් කිරීමයි. යුනිසෙෆ් සංවිධානය විසින් ඇස්තමේන්තු කරන පරිදී 2016 වසරෙහිදී, අප්‍රිකාවේ රටවල් 27 කද, ඉන්දුනීසියාවෙහි, ඉරාක කුර්දිස්තානයෙහි සහ යෙමනයෙහිද මිලියන 200 කාන්තාවෝ මෙම පිළිවෙතට ලක් වී ඇති අතර, මෙයින් ජිබුටි, ඊජිප්තුව, එරිට්‍රියාව, ගිනි, මාලි, සියෙරා ලියෝන්, සෝමාලියාව සහ සුඩානය යන රටවල 15–49 වයස් කාණ්ඩයන්හී 80–98 ප්‍රතිශතයක අනුපාතිකයක් මෙයට භාජනය වී ඇත.[1] මෙයට අමතර වශයෙන් ආසියාවෙහි, මැද පෙරදිග තුල සහ, ලොව පුරා වෙසෙන මෙම ප්‍රදේශ වලට අයත් ප්‍රජාව තුලද මෙම පිළිවෙත දක්නට ඇත.

පටුන

ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය[සංස්කරණය]

සංස්කෘතිමය හා වෛද්‍යමය නොවන හේතුන් සඳහා ස්ත්‍රියකගේ ලිංගික අවයව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම් හෝ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව වලට සිදු කරන අනෙකුත් තුවාල කිරීම් හා සම්බන්ධ සියලුම ක්‍රියාදාමයන් ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය / කැපීම ලෙස හඳුන්වනු ලැබේ.

ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය ලෝකය පුරා විවිධ ප්‍රදේශ වල විවිධ ජනවර්ග අතර විවිධාකාරයෙන් සිදුවේ. මේ සඳහා කාන්තාවන් මිලියන 100 - 140 ක ප්‍රමාණයක් භාජනය වී තිබේ. සෑම වසරකම මිලියන 2 ක ප්‍රමාණයක ගැහැණු ළමයි මෙම අවධානමට මුහුණ දෙති. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය බොහෝ වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර , බටහිර හා වයඹ ප්‍රදේශවල වේ. මැත කාලයේ ආසියා හා මැදපෙරදිග රටවල මෙන්ම ඇමරිකාවේ හා බටහිර රටවල පදිංචියට පැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබේ.

ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයේ ආරම්භය අපැහැදිලිය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අතර හට ගෙන තිබේ. ඊජිප්තියානු මමීවල ස්ත්‍රී ලිංගික අවයව ජේදනය සිදු කර ඇති බවට පැහැදිලි ලක්‍ෂණ දක්නට ලැබේ. ඉතිහාසඥයන් දක්වන්නේ 15 වැනි ශතවර්ෂයේදී ඉතියෝපියාවේද මෙය පැවති බවයි. මීට අමතරව අප්‍රිකාව , පිලිපීනය , ඇමේසන් , ඕස්ට්‍රේලියාව , රෝමය හා අරාබිය යන රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.

මෙම කාර්යය , ගැහැණු ළමයකුගේ වයස අවුරුදු 7 -10 අතර කාලයේදී බොහෝ විට සිදු කරනු ලබයි. ඔවුන්ගේ ළමා කාලයේදී , වැඩිවියට පත් වූ පසු හෝ ඇතැම් විට විවාහක කාලයේදී , පළමු ගර්භනී කාලය අතර තුර , පළමු දරු උපතට පසුව මෙසේ ලිංගික අවයව ජේදනය සිදුකරයි. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය සිදු කරන ආකාර ඒ ඒ ජන වර්ග වල සම්ප්‍රදායන් අනුව වෙනස් වේ.

ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය විවිධ කාරණා හේතු කොට ගෙන සිදුවේ. එනම්, කාන්තාවන් ලිංගිකව හැසිරීම , තෘප්තිය , සීමා කිරීම , ලිංගිකව එක් වීමේදී පුරුෂයාට උපරීම ලිංගික තෘප්තියක් ලබා ගැනීම යනාදිය සඳහාය. එසේම සමාජය හා සංස්කෘතිය හා බැඳුණු මිත්‍යා මතවාදයන් මුල්කරගෙනද (එනම්, කාන්තාවන්ගේ භගමණිය නොකැපුවොත් පුරුෂ ලිංගය වර්ධනය වීම , ලිංගික අවයව කැපීම මගින් ළමයින්ට නොමැරී ජීවත් වීමට හැකියාව ලැබීම වැනි දේ.... ) පිරිසිදු බව , ආරක්‍ෂාව හා සුන්දරත්වය වැනි හේතුන්ද ( එනම්, කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව අපිරිසිදු හා කැත ලෙස සළකා ආරක්‍ෂාව හා සුන්දරත්වය සඳහා ඉවත් කළ යුතු ලෙස සළකයි.) ආගමික බලපෑම් හා සමාජයයීය හා ආර්ථික හේතුන්ද බලපානු ලැබේ. ගැහැණු ළමයකුගේ ලිංගික අවයව ජේදනය කිරීම ඇගේ විවාහය සදහා පූර්ව සුදුසුකමක් ලෙස සළකන අතර ගැහැණු දරුවන් සිටිනා දෙමව්පියෝ තම දරුවන්ගේ ලිංගික අවයව ජේදනය කරති.

මෙම කර්තව්‍ය සඳහා ඒ ඒ ජනවර්ග අතර තෝරා ගත් පුද්ගලයෝ සිටිති. වින්නඹු කාන්තාවන් , සාම්ප්‍රදායිකව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාකරන්නන් , කරණවෑමියන් , ඒ සඳහා සිටින්නාවූ රහසිගත සාමාජිකයින් , කාන්තා නෑදෑයින් , ජනවර්ග අතර සිටින්නාවූ සාම්ප්‍රදායික වෛද්‍යවරුන් , අහිගුන්ඨක ගැහැණුන් විසින් සිදු කරනු ලබයි.

ලිංගික අවයව ජේදනය කිරීම සඳහා කිසිදු වෛද්‍ය උපකරණයක් භාවිතා නොකරයි. ඒ සදහා විශේෂ පිහි , කතුරු , කුඩා පිහි , වීදුරු කැබලි , බ්ලේඩ් , දැලි පිහි , තියුණු ගල් පතුරු ආදිය භාවිතා කරන අතර කිසිදු විෂබීජ හරණයක් හෝ නිර්වින්දනයක් සිදු නොකර ස්ත්‍රියව සජීවීව මෙම ක්‍රියාදාමයට යොමු කරනු ලබයි. මෙම ක්‍රියාවලියේ දැඩි බව අඩු හෝ වැඩි වශයෙන් තීරණය වන්නේ භූගෝලීය වෙනස්කම් වලට අනුව සහ ඒ ඒ ප්‍රාන්තවල පවතින සංස්කෘතික ක්‍රියාදාමයන් අනුවය. අනතුරුව සති 10- 14 කාලයක් කකුල් එකට එක් කර සෙලවීමට නොහැකි වන පරිදි ගැට ගසනු ලබයි. මෙසේ කරන්නේ ඇයට සිදුවී තිබෙන තුවාල සුව වීම සඳහා බව දක්වයි.

ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය මෙවැනි පසුබිමක් තුළ සිදු වීම නිසා අධික රුධිර වහනය , කම්පනය ,පිළිකා ඇති වීම , පිටගැස්ම , කැලැල් හට ගැනීම , මුත්‍රා හා ඔසප් රුධිරය පිටවීමේදී ඇතිවන අක්‍රමිකතා , වඳභාවය (සුඩානයේ චර්ම ජේදනය හේතුවෙන් කාන්තාවන් 25% ක් වඳභාවයට පත් වී ඇති බව දක්වයි. ) , මුත්‍ර මාර්ගයේ තදබල ආසාදන , මුත්‍රා ගල් ඇති වීම , වකුගඩු වලට හානි සිදු වීම ,ඒඩ්ස් වැළඳීම, පළමු ලිංගික එක් විමේදී අධික වේදනාව වැනි තත්ත්වයන් ඇතිවේ. Infibulated කාන්තාවන්ට ලිංගිකව එකතු වීමේදී මසා තිබෙන Labia majora විවෘත කිරීමට සිදු වන අතර බොහෝවිට පුරුෂයා විසින් පිහියකින් කපා දමනු ලබයි. මෙම තත්ත්වය නැවත විවිධාකාර රෝගී තත්ත්වයන් ඇති කිරීමට හේතු වේ. දරු උපතකට පසු නැවත මසා දමනු ලැබේ.

එසේම මෙම නිසා මාතෘ හා ළමා මරණ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද විමර්ශනයකට අනුව අවයව ජේදනය සිදු කරන ආකාර වලින් (මෙම ක්‍රම පසුවට විස්තර කරනු ලැබේ.) පළමු ක්‍රමයේදී 15% ද දෙවන ක්‍රමයේදී 32% ද තෙවන ක්‍රමයේදී 55% ද ළමා මරණ ඇති වීමේ අවධානමක් පවතී. තෙවන ක්‍රමයට මුහුණදුන් කාන්තාවන් 30% කටම ශල්‍යකර්ම මාර්ගයෙන් දරුවන් බිහි කිරීමට සිදු වී තිබේ. ලිංගික අවයව ජේදනය නොකරපු අය සමග සැසඳීමේදී රුධිර වහනය 70% කින් වැඩිය. කාන්තාවන්ගේ ලිංගික අවයව කැපීම නිසා අප්‍රිකාවේ මව්වරු සහ දරුවන් දාහකට 10 - 12 අතර ප්‍රමාණයක් උපතේදීම මිය යන බවට තක්සේරු කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඊට අනුබද්ධ ආයතන දක්වන්නේ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය හේතුවෙන් කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ මානව හිමිකම් උල්ලංගනය වන බවයි. ජීවිතයට ඇති අයිතිය, කෲර වධහිංසා වලින් නිදහස් වීමට ඇති අයිතිය , සෞඛ්‍යට හා ආරක්‍ෂාවට ඇති අයිතිය , ළමා අයිතීවාසිකම් වැනි මූලික හා මානව හිමිකම් උල්ලංගනය වේ. මෙවැනි හේතුන් නිසා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයට එරෙහි ජාත්‍යන්තර දිනය වශයෙන් දෙසැම්බර් 06 නම් කරන ලදී.

ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය සිදු කරන ආකාරය[සංස්කරණය]

ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් කොපමණ ජේදනය කරනවාද යන්න එක් එක් ජනවර්ගවල සම්ප්‍රදායන් හා සංස්කෘතීන් මත පදනම් වේ. ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කරන්නාවූ ප්‍රමාණය අනුව විවිධ වර්ගීකරණයන්ට මෙම ක්‍රියාදාමය බෙදා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව විමර්ශනයන් සිදු කර ජේදනය කරන ආකාර කිහිපයක් පෙන්වා දේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණය[සංස්කරණය]

ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය සිදු කරන ප්‍රධාන ආකාර හතරක් පෙන්වා දෙයි.


පළමු ක්‍රමය[සංස්කරණය]

A part of all of the clitoris is removed.

භගමණිය (Clitoris) සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සහ / හෝ භගමණියේ වැස්ම (clitoral hood) ඉවත් කිරීම සිදු වේ. මෙහි අනු කොටස් දෙකකි. එනම්,

1. හගමණියේ වැස්ම හෝ prepuce පමණක් ඉවත් කිරීම.

2. prepuce සමඟ භගමණිය ඉවත් කිරීම.

මෙය ඉතාමත් වේදනාකාරී එකක් වෙයි

දෙවන ක්‍රමය[සංස්කරණය]

Clitoris and part of all of labia minora are removed.

labia majora ජේදනය කර හෝ නැතිව, භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සහ labia minora ඉවත් කිරීම සිදු වේ. මෙම අවස්ථාව "ජේදනය කිරීම" ලෙස හඳුන්වයි. මෙහි අනු කොටස් තුනකි. එනම්,

1. labia minora පමණක් ඉවත් කිරීම.

2. භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සහ labia minora ඉවත් කිරීම.

3. භගමණිය, labia minora සහ labia majora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම.











තෙවන ක්‍රමය[සංස්කරණය]

Removed of clitoris,part or all of labia minora with a bringing together of the labia majora to cover the urethra and most of the vaginal opening.

යෝනි විවරය පටු වන පරිදි එය වැසී තිබෙන කොටස් කපා, භගමණිය ජේදනය කර හෝ නැතිව, labia minora සහ / හෝ labia majora එක්කර මසනු ලබයි. මෙය "INFIBULATION" ලෙස හඳුන්වයි. මෙම ක්‍රමය ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ඉතා අමානුෂික මෙන් බරපතලම ක්‍රමය වේ. මෙහිදී labia majora හි අතුළත සහ සම්පූර්ණ labia minora ද ඇතුළත්ව බාහිර ජනනේන්ද්‍රිය කොටස් විශාල ලෙස ඉවත් කෙරෙයි. අනතුරුව මුත්‍රා හා ඔසප් රුධිරය වහනයට පමණක් කුඩා සිදුරක් තබා labia majora කටු ගැසීමෙන් හෝ මැසීමෙන් එකට යා කර යෝනි විවරය වසා දමනු ලබයි. ඉන්පසු ස්ත්‍රියගේ කකුල් එකට එක් කර ගැට ගසා සති 10 - 14 නොසෙල්වන සේ තබනු ලබයි. මෙසේ කරනු ලබන්නේ ඇය සෙලවීමෙන් වැලැක්වීමට හා යෝනි මුඛයේ තුවාල සුව වීම සඳහාය. මෙම ක්‍රමය ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමට පෙර සිදු කරනු ලබයි.වින්නඹු කාන්තාවෝ මේ සඳහා කිසිදු නිර්වින්දන ක්‍රමයක් භාවිතා නොකරති. ඔවුහු සෑම සතියකටම වරක් පරික්‍ෂා කරන අතර අවශ්‍ය අවස්ථා වලදී මැසූ යෝනි විවරය විවෘත කරති.







de - infibulation[සංස්කරණය]

Deinfibulation Procedure.gif


මෙහිදී ලිංගිකව එක් වීමට හා දරු ප්‍රසූතියට බාධාවක් ඇති කරනු ලබයි. Infibulated කාන්තාවන්ට ඇගේ පළමු විවාහ රාත්‍රියේදී මසා දමනු ලැබූ යෝනි විවරය විවෘත කිරීමට සිදු වන අතර එය සැමියා හෝ ඒ සඳහා වගකීමක් ඇති කෙනෙකු විසින් සිදු කරනු ලබයි. මෙහිදී අධික රුධිර වහනය , කම්පනය , අධික වේදනාව, රෝග ඇති වීම යනාදියට මුහුණ දීමට සිදුවේ. දරු ප්‍රසූතියේදී දරුවා බිහි වීමට මසන ලද යෝනි විවරය කුඩා හෙයින් නැවත යෝනි විවරය විවෘත කිරීමට සිදුවේ.










re - infibulation[සංස්කරණය]

දරු ප්‍රසූතිය සඳහා විවෘත කරන ලද යෝනි විවරය දරු ප්‍රසූතියෙන් පසු නැවත යෝනි විවරය කුඩා වන පරිදි වසා දමනු ලබයි. නැවත කකුල් ගැට ගසා සුව වීමට ඉඩ හරියි. දරු ප්‍රසූතිය රෝහලකදී සිදු වුවොත් වෛද්‍යවරු ප්‍රසූතියට සරිලන සේ යෝනි විවරය කපා විවෘත කරන අතර නැවත එය වසා දමන ලෙස රෝගියා විසින්ම ඉල්ලා සිටිනු ලබයි.


සිව්වන ක්‍රමය[සංස්කරණය]

අනෙකුත් විවිධාකාරයෙන් සිදු වන ලිංගික අවයව ජේදනය කිරීම් මීට අයත් වේ. මෙහිදී යෝනියේ අවයව ඉවත් කිරීමක් සිදු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සිව්වන ක්‍රමය ලෙස නිර්වචනය කරන්නේ, වෛද්‍ය අරමුණක් සඳහා නොවන ස්ත්‍රියකගේ ලිංගික අවයව වලට සිදු කරන සියලුම ආකාරයේ හිංසනීය ක්‍රියාවන් ලෙසයි. එනම් ,භගමණියට ඉදිකටු හෝ කූරු වලින් ඇනීම , හිල් කිරීම , යෝනිය කැපීම , ඇදීම ,යෝනි විවරය අවට සම සීරීම , ගිනියම් කළ ආයුධ වලින් පිළිස්සීම , යෝනිය ඉරීම ,ලේ ගැලීමට හා විවෘත වීමට ඉඩක් නැති වීම සඳහා යෝනිය තුළට විවිධ දේවල් ඇතුළත් කිරීම ආදිය වේ. මෙය හුදකලාවූ ජනවර්ග අතර දක්නට ලැබෙන අතර ඇතැම් විට අනෙකුත් ක්‍රම හා සම්බන්ධ වී භාවිතා වීමක්ද දක්නට ලැබේ.


ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම හඳුන්වන විවිධ නම්[සංස්කරණය]

Incision[සංස්කරණය]

ස්ත්‍රියගේ භගමණිය , clitoral prepuce කැපීම සඳහා භාවිතා කරන නමකි.


Clitoridectomy[සංස්කරණය]

භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සඳහා භාවිතා කරන නමකි.


Excision[සංස්කරණය]

භගමණිය ඉවත් කිරීම සහ labia minora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සඳහා භාවිතා කරන නමකි.


Infibulation[සංස්කරණය]

භගමණිය ඉවත් කර labia minora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කර labia majora එක්කර මැසීම සඳහා භාවිතා කරන නමකි.


Circumcision[සංස්කරණය]

ස්ත්‍රියකගේ ජනනේන්ද්‍රිය කොටස් කැපීම සම්බන්ධයෙන් පොදුවේ භාවිතා කරන නමකි. මෙම වචනය බොහෝ විට පළමු ක්‍රමය යටතේ ජනනේන්ද්‍රිය කොටස් කැපීම සඳහා භාවිතා කරයි. මෙම වචනය භාවිතා කිරීම තුළ ස්ත්‍රීන් හා පිරිමි සුන්නත් කිරීම් සම්බන්ධව භාවිතා කරන වචන පිළිබඳව පැටලිලි සහගත බවක් ඇති වී තිබේ.


Female genital mutilation[සංස්කරණය]

සංස්කෘතිමය හා වෛද්‍යමය නොවන හේතුන් සඳහා ස්ත්‍රියකගේ ජනනේන්ද්‍රිය කොටස් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම් හෝ ජනනේන්ද්‍රිය කොටස් වලට සිදු කරන අනෙකුත් තුවාල කිරීම් හා සම්බන්ධ සියලුම ක්‍රියාදාමයන් හැඳින්වීම සඳහා භාවිතා කරන නමකි. 1970 දී පමණ මෙම වචනය භාවිතා වීම ඇරඹුණි. "ජේදනය" යන වචනය පිරිමි සුන්නත් කිරීම යන්න සමඟ පැහැදිලි සම්බන්ධතාවක් පෙන්නුම් නොකරයි. මෙම වචනය බොහෝ කාන්තා සෞඛ්‍ය හා මානව හිමිකම් සංවිධාන භාවිතා කරයි. 1994 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වචනය භාවිතා කරයි.


Female genital cutting[සංස්කරණය]

ඇතැම් කණ්ඩායම් "ජේදනය කිරීම" යන වචනය වෙනුවට "කැපීම" යන වචනය භාවිතා කරනු ලබයි. මෙම වචනය භාවිතා කරන්නේ මෙම ක්‍රියාදාමයේ පවතින කෲර හා අමානුෂිකත්වය වටහා දීමක් වශයෙනි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම වචනය භාවිතා කරයි.


ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම ව්‍යාප්ත වූ රටවල්[සංස්කරණය]

AUSTRALIA[සංස්කරණය]

Pitta - patta නම් ඕස්ට්‍රේලියානු මුල් පදිංචිකරුවන් අතර දක්නට ලැබේ. මීට අමතරව පදිංචියට පැමිණි සංක්‍රමණිකයන් අතරද දක්නට ලැබේ. 1991 දී Australian Bureau of Statistics Censue විසින් කරන ලද විමර්ශනයකට අනුව චර්ම ජේදනයට ලක්වූ 76000 ක පිරිසක් ජීවත් වන බවට ගණනය කර ඇති අතර එය 1996 වන විට 87 000ඉක්මවා ඇත.


AUSTRIA[සංස්කරණය]

The African Women' Organization of Austria විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔස්ට්‍රියාවේ සිටින අප්‍රිකානු සංක්‍රමණිකයන් අතර 30% කට වැඩි ප්‍රමාණයක පවුල් වල ගැහැණු දරුවන් චර්ම ජේදනයට ලක් කර ඇත. ඇතැම් අය ඔස්ට්‍රියාවට ඒමටපෙර අප්‍රිකාවේදී සිදු කර ඇත.


BELGIUM[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීති පද්ධතියට ඇතුළත් කර තිබේ.


BENIN[සංස්කරණය]

1993 දී National Committee om Harmful Traditions Practice විසින් කරන ලද අධ්‍යනයකට අනුව 50% ක ව්‍යාප්තියක් දක්නට ලැබේ. උතුරු පළාත්වල බහුල වශයෙන් දක්නට ලැබෙන අතර Boko , Nago , Peul ,Wama යන ජනවාර්ගික කණ්ඩායම් මේ සඳහා ප්‍රධාන වේ. වයස අවුරුදු 5 -10 අතරේ දී සිදුවේ. නමුත් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීති පද්ධතියට ඇතුළත් කර තිබේ.


BURKINA FASO[සංස්කරණය]

1996 දී කරන ලද විමර්ශනයකට අනුව 66.35% ක ව්‍යාප්තියක් ඇස්තමේන්තු කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1998 /1999 දී 72% බවට පත් වී තිබේ. kenedougou,Yatenga,Sanmatenga,Comoe,Bougouriba,Ponio,Bam,Soum,Ganzourgou,Gnagna,Kouritenga, Namentenga,Sourou,Zoundweogo යන පළාත් 14 හි බහුල වශයෙන් සිදුවේ. වැඩි වශයෙන්, ජේදනය කිරීමේ දෙවන ක්‍රමය ක්‍රියාත්මක වේ. වයස අවුරුදු 0 -7 අතරේ දී බොහෝ විට සිදුවේ. නමුත් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කර තිබේ.


CAMEROON[සංස්කරණය]

නිරිත හා උතුරු පළාත්වල ජේදනය කිරීමේ දෙවන ක්‍රමය ක්‍රියාත්මක වේ. මුස්ලිම් ගැහැණු ළමයි 100% ද ක්‍රිස්තියානි ගැහැණු ළමයි 63.6% ද බලපෑමට ලක් වී ඇත.


CANADA[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අපරාධ සංග්‍රහයට ඇතුළත් කර තිබේ.


CENTRAL AFRICAN REPUBLIC[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1994/95 වන විට 43% ව්‍යාප්තියක් තිබී ඇත. ජනවාර්ගික කණ්ඩායම් අතරින් Banda ජන වර්ගයේ 84% ද Mandjia ජන වර්ගයේ 71% ද ව්‍යාප්තියක් පවතී. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට 1966 දී නීති පනවා තිබේ.


CHAD[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම රටේ සෑම පළාතකම ක්‍රියාත්මක වේ. තෙවන ක්‍රමය නැගෙනහිර පළාතේ බහුල වශයෙන් සිදුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1991 දී 60% ක ව්‍යාප්තියක් තිබී ඇත. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට 1995 දී නීති පනවා තිබේ.


COTE D ' IVOIRE[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම ක්‍රියාත්මක වේ. 1994 දී National Demographic And Health Survey The Prevalence Of FGM විසින් කරන ලද පර්යේෂණයකට අනුව 43% ක ව්‍යාප්තියක් තිබී ඇත. මුස්ලිම් ගැහැණු ළමයි 80% ද ක්‍රිස්තියානි ගැහැණු ළමයි 16% ද බලපෑමට ලක් වී ඇත. බොහෝ විට වයස අවුරුදු 10 ට පෙර මුහුණ දීමට සිදුවේ. 1998 දී ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට නීති පනවා තිබේ.


DEMOCRATIC REPUBLIC OF THE CONGO[සංස්කරණය]

ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 5% ව්‍යාප්තියක් ඇත.


DENMARK[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. සෝමාලියානු කාන්තාවන් ප්‍රධාන වේ.


DJIBOUTI[සංස්කරණය]

ජේදනය කිරීමේ දෙවන හා තෙවන ක්‍රම ක්‍රියාත්මක වේ. 98% ක ව්‍යාප්තියක් දක්නට ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ප්‍රධාන ක්‍රමය ලෙස දක්වන්නේ තෙවන ක්‍රමයයි. දෙවන ක්‍රමය 15% කද තෙවන ක්‍රමය 86% කද ව්‍යාප්තියක් පවතී. නමුත් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කර තිබේ.


EGYPT[සංස්කරණය]

ඊජිප්තුව පුරාම මුස්ලිම් හා ක්‍රිස්තියානි පිරිස් අතර දක්නට ලැබේ. ජේදනය කිරීමේ සියලු ක්‍රම ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1995 දී 97% ක ව්‍යාප්තියක් තිබී ඇත. දකුණු ඊජිප්තුවේ තෙවන ක්‍රමය බහුල ලෙස ක්‍රියාත්මක වේ. නමුත් 2007 දී ඊජිප්තුවේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය විසින් ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම තහනම් කර තිබේ.


ERITREA[සංස්කරණය]

ජේදනය කිරීමේ සියලු ක්‍රම මුස්ලිම් හා ක්‍රිස්තියානි පිරිස් අතර ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1995 දී 97% ක ව්‍යාප්තියක් තිබී ඇත. 2007 දී ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම තහනම් කරන ලදී.


ETHIOPIA[සංස්කරණය]

ඉතියෝපියාව පුරාම ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම දක්නට ලැබේ. 73.6% ක ව්‍යාප්තියක් පවතී. ජනවාර්ගික කණ්ඩායම් 46 කම දක්නට ලැබෙන අතර ඇතැම් කණ්ඩායම් අතර 75%ක ව්‍යාප්තියක් පවතී. National Committee on Traditional Practice of Ethiopia විසින් පවසන පරිදි රටෙහි, පළමු ක්‍රමය 52% ද දෙවන ක්‍රමය 19% ද තෙවන ක්‍රමය 3%ද දක්නට ඇත.


FRANCE[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. 1992 දී Women's Group for the Abolition of Sexual Mutilation විසින් දක්වනු ලබන්නේ 27 000ක කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයෙන් පීඩා විඳින බවයි. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහය තුළ දක්වයි.


GAMBIA[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම වැඩි වශයෙන්ද හා තෙවන ක්‍රමය සුළු වශයෙන්ද ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1985 දී 80% ක ව්‍යාප්තියක් තිබී ඇත. විවිධ ජනවර්ග අතර විවිධ වූ ප්‍රතිශතයන් දක්නට ලැබේ. එනම්, Mandinga හා Serehule 100% ද , Fula 93% ද , Jola 65.7% ද , Wollof 1.9% ද ලෙසයි.


GERMANY[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහය තුළ දක්වයි.


GHANA[සංස්කරණය]

ජේදනය කිරීමේ දෙවන ක්‍රමය නැගෙනහිර හා බටහිර පළාත් වල දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1986/87 දී 30% ක ව්‍යාප්තියක් තිබී ඇත. අපරාධ සංග්‍රහයේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වයි.


GUINEA[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. 1998 දී 98% ක කාන්තාවන් පීඩාවට ලක් වී ඇත. දණ්ඩ නීති සංග්‍රහය තුළ තහනම් කර තිබේ. රජය මෙම ක්‍රියාදාමයන් ඉවත් කිරීමට අවුරුදු 20 ක (1996 - 2015) ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.


GUINEA - BISSAU[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 50% ක ව්‍යාප්තියක් පවතී. ඉන් 100% ක් මුස්ලිම් කාන්තාවන් වේ. Fula සහ Mandigne කාන්තාවන් 70 -80% ද නාගරික ස්ත්‍රීන් 20 - 30% ජේදනය කිරීමට ලක් වී තිබේ.


ITALY[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ඉන් සෝමාලියා හා ඉතියෝපියා කාන්තාවන් ප්‍රධාන වේ.


KENYA[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. 1998 දී වයස 15 - 19 අතර 38%ක ව්‍යාප්තියක් පැවතී ඇත. විවාහය සදහා සුදුසුකමක් ලෙස සළකයි. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය නීතිය මගින් තහනම් කර තිබේ.


LIBERIA[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1984 දී 50 - 70% ක ව්‍යාප්තියක් පැවතී ඇත.


MALI[සංස්කරණය]

National Demographic and Health Survey දක්වන පරිදි 1995 / 96 දී 94% ක ව්‍යාප්තියක් රට පුරාම පැවතී ඇත. ජේදනය කිරීමේ පළමු ක්‍රමයෙන් 52% ද දෙවන ක්‍රමයෙන් 47% ද තෙවන ක්‍රමයෙන් 1% ද දක්නට තිබේ. මුස්ලිම් ගැහැණු ළමයි 94% ද ක්‍රිස්තියානි ගැහැණු ළමයි 85% ද පීඩාවට ලක් වී ඇත.


MAURITANIA[සංස්කරණය]

සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන්නේ ජේදනය කිරීමේ පළමු ක්‍රමයෙන් 25% ද දෙවන ක්‍රමයෙන් 20% ද පවතින බවයි. Soninke ජනවර්ගයේ 92% ද Halpulaar ජනවර්ගයේ 95.5% ද ව්‍යාප්තියක් පවතී.


NEW ZEALAND[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. 2002 වසරේදී ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට නිතී පනවා තිබේ.


NIGER[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1998 දී 5% ක ව්‍යාප්තියක් පැවතී ඇත. Peul ජනවර්ගයේ 30% ද Zarma ජනවර්ගයේ 9% ද දක්නට ඇත. 2003 දී දණ්ඩ නීති සංග්‍රහයට ගෙනා නව වගන්තියක් මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වයි.


NIGERIA[සංස්කරණය]

ජේදනය කිරීමේ සියලු ක්‍රම දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන්නේ ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට සෑම දවසකම කාන්තාවන් හා ගැහැණු ළමයින් 6000 ක් පමණ ලක් වන බවයි. 50% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් දක්නට ලැබේ.


NORWAY[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට නිතී පනවා තිබේ.


SENAGAL[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1990 දී 20% ක ව්‍යාප්තියක් පැවතී ඇත. 1999 දී දණ්ඩ නීති සංග්‍රහයට ගෙනා නව වගන්තියක් මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වයි.


SIERRA LEONE[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම සියලුම ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනවර්ග අතර දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1997 දී 90% ක ව්‍යාප්තියක් පැවතී ඇත.


SOMALIA[සංස්කරණය]

ජේදනය කිරීමේ සියලු ක්‍රම බහුලව දක්නට ලැබේ. ව්‍යාප්තිය 98% කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1982 හා 1993 අතර කාලයේදී 96 - 100% ක ව්‍යාප්තියක් පැවතී ඇත. තෙවන ක්‍රමය 80% ක් භාවිතා කරයි.


SUDAN[සංස්කරණය]

1990 දී Demographic and Healyh Survey දක්වන පරිදි 89% කටත් වඩා විවාහක කාන්තාවන් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී ඇත. උතුර , නැගෙනහිර හා බටහිර පළාත් වල කාන්තාවන් මීට ලක්වී ඇතත් දකුණු පළාතේ ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය නීතිය මගින් තහනම් කර තිබේ.


TANZANIA[සංස්කරණය]

ජේදනය කිරීමේ දෙවන හා තෙවන ක්‍රම පවතින අතර 17.6% ව්‍යාප්තියක් පවතී. 1998 Sexual Offences Provision Act මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය තහනම් කරනු ලබයි.


TOGO[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1996 දී 12% ක ව්‍යාප්තියක් පැවතී ඇත. 1998 දි ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය නීතිය මගින් තහනම් කර තිබේ.


UGANDA[සංස්කරණය]

ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 5% ක ව්‍යාප්තියක් පවතී.


UNITED KINGDOM[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ඉතියෝපියානු, ඊජිප්තියානු, නයිජීරියානු, සෝමාලියානු, සුඩාන් ස්ත්‍රීන් ප්‍රධාන වේ. 2003 Female Genital Mutilation Act මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය තහනම් කර තිබේ.


UNITED STATE OF AMERICA[සංස්කරණය]

ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ඉතියෝපියානු, ඊජිප්තියානු,නයිජීරියානු, සෝමාලියානු, සුඩාන් ,ගහනා, කෙන්යා, ලයිබීරියා, උගන්ඩා, ටැන්සානියා, සියරා ලියෝන් හි ස්ත්‍රීන් ප්‍රධාන වේ. 1995 Fedaral Prohibition of Female Genital Mutilation Act මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය තහනම් කර තිබේ.


ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීමට එරෙහිව පවතින ප්‍රධාන ජාත්‍යන්තර හා ප්‍රාදේශීය සම්මුතීන් හා ආයතන[සංස්කරණය]

ජාත්‍යන්තර සම්මුතීන්[සංස්කරණය]

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (1948)

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1966)

ආර්ථික, සමාජයයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1966)

කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය (1979)

කෲර, අමානුෂික අවමන් සහගත සැළකිලි හා දඬුවම් වලට එරෙහි සම්මුතිය (1984)

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1989)

මානව හිමිකම් පිළිබඳ විශ්ව සම්මේලනයේ වියානා ප්‍රකාශනය (1993)

කාන්තාවන්ට එරෙහි හිංසන පිටු දැකීමේ ප්‍රකාශනය (1993)


ප්‍රාදේශීය සම්මුතීන්[සංස්කරණය]

මානව හිමිකම් හා මූලික නිදහස සුරැකීමේ යුරෝපියානු සම්මුතිය (1950)

මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සම්මුතිය (1978)

මානව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය (1981)

ළමා අයිතිවාසිකම් හා සුභසාධනය පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය (1990)

අප්‍රිකානු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රොටකෝලය (2003)


ආයතන[සංස්කරණය]

කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ කමිටුව

මානව හිමිකම් කමිටුව

ආර්ථික, සමාජයයීය , සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව

ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව

ක්‍රියාකාරිත්වය සඳහා වූ කයිරෝ සම්මේලනය

Beijing Declaration and Platform for Action of the Forth World Conference on Women,Beijing,Chaina,4-15September 1995

UNESCO Universal Declaration on Cultural Diversity,adopted 2 November 2001

Convention on the Protection of the Diversity of Cultural Expressions,adopted October 2005

United Nations Economic and Social Council(ECOSOC),Commission on the Status of Women.Resolution on the Ending of Female Genital Mutilation (March 2007)


වාරිස් ඩයිරි[සංස්කරණය]

Waris Dirie.jpg

1965 දී සෝමාලියානු කාන්තාරයක එඬේර පවුලක උපත ලද වාරිස් ඩයිරි, වයස අවුරුදු 5 දී ඇගේ ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලියට මුහුණ දුන්නාය. එහිදී අහිගුණ්ඨක ගැහැණියක් විසින් ඇගේ යෝනි තොල් කපා යෝනි විවරය කුඩා වන පරිදි මසන ලදී. තෙවන ක්‍රමය අනුගමනය කර ඇත. පියා විසින් අවුරුදු 61ක මිනිසකුට විවාහ කර දීමට යාම නිසා අවුරුදු 13 දී නිවසින් පැන ගියාය. පසුව ඇය ජගත් මෝස්තර නිරූපිකාවක් වූවාය. පසු කලකදී වාරිස් ඩයිරි ශල්‍යකර්මයක් මගින් මසන ලද යෝනි විවරය විවෘත කර ගත්තාය. ඩනා නම් පුද්ගලයකු සමඟ විවාහ වන වාරිස් 1997 දී අලීකී නම් පුතකු ලැබුවාය. ඇගේ ජීවිත කතාව රැගත් "A Healing Journey" නම් වාර්තා චිත්‍රපටය විකාශනය වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් Kofi Annan විසින් වාරිස් ඩයිරි කාන්තා ජනනේනද්‍රිය කොටස් සුන්නත් කිරීම තුරන් කරලීම සඳහා ක්‍රියාකාරී වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපතිවරියක ලෙස පත්කරන ලදී. එසේම ඇය කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් දුරුකරලීම සඳහා වන සටනේ නායිකාවද වන්නීය. 2007 වසරේදී ඇගේ මානුෂීය කාර්යයන් වෙනුවෙන් "Chevalier de la Legion d'honneur" නම් සම්මානය ලැබුවාය.


Billboard with surgical tools covered by a red X. Sign reads: STOP FEMALE CIRCUMCISION. IT IS DANGEROUS TO WOMEN'S HEALTH. FAMILY PLANNING ASSOCIATION OF UGANDA
Road sign near Kapchorwa, Uganda, 2004
අර්ථදැක්වීම Defined in 1997 by the WHO, UNICEF and UNFPA as the "partial or total removal of the external female genitalia or other injury to the female genital organs for non-medical reasons."[2]
ප්‍රදේශ Concentrated in 27 countries in Africa, as well as in Indonesia, Iraqi Kurdistan and Yemen[3]:5[1]
සංඛ්‍යාව Over 200 million women and girls in those 30 countries, as of 2016[1]
වයස Days after birth to puberty[3]:50
Prevalence