ස්ටාලින්වාදයට හා නාසිවාදයට ගොදුරුව පීඩාවට පත්වූවන් අනුස්මරණය සඳහා යුරෝපියානු දිනය
ස්ටාලින්වාදයට හා නාසිවාදයට ගොදුරුව පීඩාවට පත්වූවන් අනුස්මරණය සඳහා යුරෝපියානු දිනය | |
---|---|
සමරනු ලබන්නේ | යුරෝපියානු සංගමය, යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීත්වය සඳහා වන සංවිධානය |
වර්ගය | ජාත්‍යන්තර |
වැදගත්කම | ඒකාධිපති සහ අධිපතිවාදී තන්ත්‍රයන්ට ගොදුරුව පීඩාවට පත්වූවන් අනුස්මරණය සඳහා දිනය |
දිනය | අගෝස්තු 23 |
ස්ටාලින්වාදයට හා නාසිවාදයට ගොදුරුව පීඩාවට පත්වූවන් අනුස්මරණය සඳහා යුරෝපියානු දිනය (සමහර රටවල් වල ජාත්‍යන්තර කළු පීත්තපටි දිනය සහ වෙනත් නම් වලින් හැඳින්වෙන), 2008/2009 දී යුරෝපියානු පාර්ලිමේන්තුව විසින් අගෝස්තු 23 දිනදී, " ඒකාධිපති සහ අධිපතිවාදි කන්ත්‍රයන්ට ගොදුරුව පීඩාවට පක්වූ සියල්ලන්, ගරුත්වයෙන් සහ අපක්ෂපාතිත්වයෙන්, යුරෝපය-ව්‍යාප්තව අනුස්මරණය සඳහා දිනයක්," ලෙසින් සැමරිය යුතු යැයි නියම කරනු ලැබු අතර, [1][2] 2009 සිට යුරෝපියානු සංගමයෙහි කායයන් විසින් වාර්ෂිකව සමරනු ලැබ ඇත. [3][4][5] යුරෝපියානු ජනතා පක්ෂය, යුරෝපය සඳහා ලිබරල්වාදීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සන්ධානය, ග්‍රීන්ස්–යුරෝපියානු නිදහස් සන්ධානය, සහ යුරෝපය සඳහා ජාතීන්ගේ සංගමය, විසින් සම-අනුග්‍රාහකත්වය දැරුණු, යුරෝපියානු පාර්ලිමේන්තුවේ යුරෝපියානු ප්‍රබුද්ධාවබෝධනය සහ ඒකාධිපතිවාදය පිළිබඳ 2009 යෝජනා සම්මතය විසින් ඇරයුම් කරන ලද්දේ, සමස්ත යුරෝපය පුරාවට එය ක්‍රියාත්මක කරන ලෙසයි. OSCE පාර්ලිමේන්තු සභාව විසින් සිදු කළ 2009 විල්නස් ප්‍රකාශය තුලින්ද, ඒකාධිපතිවාදයට ගොදුරුව පීඩාවට පත්වූවන් අනුස්මරණය සඳහා ජාත්‍යන්තර දිනයක් ලෙසින් අගෝස්තු 23 සැමරීම ඇරඹීමට සහය ලැබිණි.[6]
සෝවියට් සංගමය සහ නාසි ජර්මනිය විසින් ඔවුන් අතර නැගෙනහිර යුරෝපය බෙදාගැනීම සඳහා එකඟත්වය පළ කල සහ, 2010දී යුරෝපියානු පාර්ලිමේන්තුවේ සභාපති යර්සි බූසෙක් විසින්, "මානව ඉතිහාසයේ දරුණුම ආකාරයේ පූර්ණ ඒකාධිපතිවාදයන් දෙකක් අතර ඇතිවූ දුස්සංයෝජනයක්" ලෙසින් හැඳින්වුනු, මෝල්ටොව්-රීබෙන්ට්‍රොප් ගිවිසුම අත්සන් තැබීමේ දිනය හා සමපාත වීම සඳහා, අගෝස්තු 23 තෝරාගැනිණි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;EP-Declaration
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;EP-Resolution
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Buzek
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;EU-Commission-on-23-August
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "ඇන්වල් යුරපියන් ඩේ ඔෆ් රිමෙම්බ්‍රන්ස් ෆෝ වික්ටිම්ස් ඔෆ් ස්ටැලිනිස්ම්, නට්සීසම්". රේඩියෝ ෆ්‍රී යුරප් /රේඩියෝ ලිබර්ටි. 23 අගෝස්තු 2012. http://www.rferl.org/content/europe-day-remembrance-victims-of-stalinism-nazism/24685533.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-08-23.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;OSCE-Declaration
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි