සස්ලි

විකිපීඩියා වෙතින්


සස්ලි ඉතිහාසය[සංස්කරණය]

සස්ලි[1] අධ්‍යයනායතනය , විස්කොන්සින් - මැඩිසන් විශ්ව විද්‍යාලයේදී 2002 දී ග්‍රීෂ්ම සෘතුවේදී ආරම්භ විය. Title 6 දකුණු ආසියානු ජාතික සම්පත් මධ්‍යස්ථානයට අමෙරිකානු රජයෙන් ලද මුදල් ප්‍රතිපාදන මත සස්ලි ආරම්භ විය. ජාතික සම්පත් මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලය අමෙරිකානු රජයෙන් මුදල් ලබාගෙන විදේශ භාෂා ඉගැන්වීම උදෙසා මුදල් ලබා දෙයි. 2001/2002 (Title 6) ජාතික සම්පත් මධ්‍යස්ථාන භාෂා ඉගැන්වීම එක් විශ්ව විද්‍යාලයක් වෙත පවරා දෙන ලදී. මෙහි ප්‍රතිලාභ විශ්ව විද්‍යාල කිහිපයකට නොබෙදා එක් විශ්ව විද්‍යාලයකට සීමා කොට තිබේ. ජාතික සම්පත් මධ්‍යස්ථානය විස්කොන්සින් ප්‍රාන්තයේ මැඩිසන් විශ්ව විද්‍යාලය ඒ සදහා සුදුසු බව තීරණය කළේය. ග්‍රීෂ්ම රිතුවේ සස්ලි මධ්‍යස්ථානය තම ගිවිසුම වසර පහකට පසුව නැවත යතාවත් කරයි. සස්ලි ආරම්භ කිරීමට පෙර විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ බොහෝ දකුණු ආසියාතික භාෂා ඉගැන්වීය. හින්දි, නේපාලි, තෙළිගු සහ ටිබෙට් යන භාෂා ඉගැන්වීය. එම භාෂා ඉගෙනගන්නා සිසුන්ට වසරක කාලයක් ඉන්දියාවේ හෝ නේපාලයේ භාෂා ඉගෙනීමේ අවස්ථාව හිමිවිය. සස්ලි ආරම්භ කරන අවස්ථාවේ සිසුන්, භාෂා උගන්වන ගුරුවරුන් සිටියේනම් මුදල් ප්‍රතිපාදන සම්පූර්ණ වී තිබිනි නම් එම භාෂා ඉගැන්වීම සිදුවිනි. ඊලග ග්‍රීෂ්ම ඍතුවේ බෙන්ගාලි, මලයාලම්, පෂ්තො, සංස්කෘත, සින්ධි සහ සිංහල යන භාෂා ඉගැන්වීම ආරම්භ විණි.

මෙහෙවර[සංස්කරණය]

සස්ලි හි මූලික අරමුණ වන්නේ දකුණු ආසියාතික භාෂා උගන්වන සහ ඉගෙනගන්නා ගුරුවරුන්, සිසුන් සහ වෘත්තිකයන් පුහුණු කිරීමයි.

ප්‍රධාන අරමුණු[සංස්කරණය]

සස්ලි හි ප්‍රධාන අරමුණු දෙකක් තිබේ.

  1. දකුණු ආසියාතික භාෂා ඉගැන්වීම
  2. දකුණු ආසියාතික භාෂා ඉගැන්වීමේ නියුතු වෘත්තීය භාෂා උපදේශකයන්ට

භාෂා ශික්ෂණ ශාස්ත්‍රය පිළිබද උපදෙස් සහ පුහුණුව ලබාදීම. මේ අරමුණුවලට ලගාවීම සදහා සස්ලි ග්‍රීස්ම රිතුවේ දී දකුණු ආසියාතික භාෂා රාශියක් ප්‍රාථමික සහ දෙවන පෙළ මට්ටමින් ඉගැන්වේ. මීට අමතරව දියුණු උසස් ඉගැන්වීමේ විධි සහ නවතම ක්‍රම ශිල්ප භාවිත කෙරේ.

දෙවෙනි අභිප්‍රාය[සංස්කරණය]

ඒ වගේම සස්ලි හි භාෂා උගන්නන දේශීය සහ විදේශීය වෘත්තීයවේදීන්ට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක තත්ත්වය වර්ධනය කර ගැනීමට සහයෝගය දැක්වීම වෙනුවෙන් ප්‍රයත්න දැරීම. මේ හැර වෙනත් දකුණු ආසියාතික භාෂා ඉගැන්වෙන දේශීය සහ විදේශීය ආයතන සමග ඇති සම්බන්ධතා තහවුරු කිරීම සහ වර්ධනයට සහයෝගය දැක්වීම ද අභිප්‍රායකි.

භාෂා ශික්ෂණ ශාස්ත්‍රය[සංස්කරණය]

කෙටි කාලීනව භාෂා උගෙනීම හොදින් තේරුම් ගැනීමට සස්ලි 2012 සිංහල පන්තිය පිළිබද කෙටි විස්තරයක් පහත දැක්වේ. සති අටක කාලයක් තුළ ඉගැන්වීම කෙරෙන අතර සඳුදා සිට සිකුරාදා දක්වා දින පහක් දිනකට පැය හතරක කාලයක් පන්ති පැවැත්වේ. සම්පූර්ණ වශයෙන් පැය එකසිය හැටක් ඉගැන්වේ. සිසුන් විසින් අකුරු, වචන, වියරණ සහ උච්චාරණ විධිද මේ කාලය තුළ උගැනෙයි. ඊට අමතරව ඔවුන් විසින් මූලික භාෂා කුසලතා වන කියවීම, ලිවීම, කතාකිරීම සහ ඇසීම ප්‍රගුන කෙරෙයි. සෑම දිනකම සිසුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියාකාරකම් වෙනස් කෙරේ. සාමාන්‍යයෙන් පාඩම් තුළ වාග්මාලාව සහ වියරණ සිද්ධාන්ත සාකච්ඡා කෙරේ. සිසුන් විසින් ස්වාභාවික භාෂා ඉගෙනුම් ක්‍රමය අනුගමනය කෙරෙයි. උදාහරනයක් ලෙස සිසුන් කිසියම් කතාවක් කියවීම කරන අතරම වීඩියෝ මගින් උච්චාරණය සහ ඇසීමේ කුසලතා දියුණු කරගැනෙයි. වචන සහ වියරණ සිද්ධාන්ත භාවිතා කරනු ලබන්නේ කෙසේද යන්න හඳුනා ගැනීමෙන් පසු ඒවා තනි තනි ව සංවාද තුළ නිදහසේ භාවිත කෙරෙයි. ඉන් පසු වෙනත් අවස්ථාවන් සඳහා එම වියරණ සහ වචන යොදා ගැනේ. ඉන් අනතුරුව සිසුන් ගුරුවරයා සමග පුහුණුවීම්වල නිරත වේ. පසුව සිසුන් ඔවුන් විසින් නිර්මාණය කරන ලද වැකි සහ සංවාද නිදහසේ හැසිරවෙයි. අවසානයේදී සිසුන් විසින් කරනු ලබන වැරදි පිළිබද ව සාකච්ඡා කිරීම සිදු වේ. මේ අයුරින් උගෙනීමේ ක්‍රියාවලියට අදාල මූලික අදියර තුනක් අනුගමනය කෙරෙ යි.

  1. අලුත් භාෂා අංග හඳුන්වාදීම
  2. භාෂාත්මක යෙදුම් ‍හඳුනාගැනීම
  3. අලුත් භාෂාත්මක වචන සහ වියරණ නිර්මාණය.

පන්ති කාමරයෙන් පිටත සිසුහු පැරණි පාඩම් සමාලෝචනය කිරීම සහ වැකි ලිවීම ආදියේ නිරත වෙති. මේ පාඩම් මාලාවේ සිසුන්ගේ වර්ධනයත් සමගම පෙර උගත් වියරණ සහ වචන කෝෂය නැවත නැවත පරිශීලනය කෙරේ.

සටහන්[සංස්කරණය]

  1. http://sasli.wisc.edu

අමතර සබැදි..[සංස්කරණය]

/American Institute for Sri Lankan Studies සංරක්ෂණය කළ පිටපත 2012-08-09 at the Wayback Machine

/Cornell University Sinhala Program

/University of Chicago South Asia Languages and Civilizations සංරක්ෂණය කළ පිටපත 2012-09-28 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=සස්ලි&oldid=593666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි