සරණාගතයෝ - 2001න් පසු තත්වය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

2001 සැප්තැම්බර් 11න් පසු ලෝකයේ විවිධ රටවල සරණාගතයින් පිළිබඳ ප්‍රතිපත්ති වෙනස් වීම

palestinian refugees 1948

හැඳින්වීම[සංස්කරණය]

2001 සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට හා පෙංටගනයට එල්ල වූ අල්ඛයිඩා ත්‍රස්ත්‍ර ප්‍රහාරය ලෝක දේශපාලනය නව දිශානතියක් කරා යොමුකළ සිදුවීමක් විය. මෙම සිදුවීමෙහි ඍජු ප්‍රතිඵලයක් වූ‍යේ සරණාගතයන් පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමේ යාණ්ත්‍රණයන් හි ක්ෂණික වෙනසක් ලෝකය පුරා ව්‍යාප්ත වීමයි.එයම ප්‍රධාන වශයෙන් සංක්‍රමණික මෙන්ම දේශපාලන රැකවරණ යන ක්ෂේත්‍ර තුළද එම වෙනස අන්තර්ගත විය.ජාත්‍යන්තර ත්‍රස්ත්‍ර වාදය සමග ඍජුව සම්බන්ධ වන කරුණක් ලෙස සරණාගත හා සංක්‍රමණික ප්‍රතිපත්ති වල පවතින දුර්වළතා වන්හි බළපෑම ප්‍රබල බව විද්වතුන්ගේ මතයයි. ‍මෙහිදී මූලිකව සරණාගතයා යනු කවරෙක්ද යන්න වටහාගත යුතුය.ඒ අනුව 1957 Refugee Convention එකට අනුව

"වර්ගය, ජාතිය,ආගම හෝ එක් සුවිශේෂී සමාජ කණ්ඩායමක සාමාජිකත්වය හෝ දේශපාලන මතය වැනි හේතු කරණකොට ගෙන ඕනෑම තැනැත්තෙකුට වධහිංසා කරයි යන සාධාරණ බිය නිසා, ඔහුතගේ ජාතිය වසනා රටින් පිට සිටින හා එම රටේ ආරක්ෂාව ළබා ගැනීමට අකමැති ඕනෑම පුද්ගලයෙකු මෙන්ම පුරවැසිභාවය නොමැති නිසා ඔහුගේ සාමාන්‍ය වාසස්ථානයෙන් පිටවී යාමට සිදුවී ඇති නැවත සිය රටට යාමට අකමැති හෝ නොහැකි අය සරණාගතයන් වේ."

2001 ත්‍රස්ත්‍ර ප්‍රහාරයත් සමග ලෝකයේ රටවල් ආරක්ෂාව සම්භන්ධයෙන් අස්ථාවර තත්වයකට පත්ව තිබේ. මේ සමග ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් රාජ්‍යයේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාව කෙරෙහි ඇති විය හැකි අවදානම දුරුකිරීමට සරණාගත හා සංක්‍රමණ ප්‍රතිපත්ති තියුණු වෙනසකට ලක් කරන ලදි.මන්ද යත් සරණාගතයන් හා ත්‍රස්ත්‍රවාදය අතර දැඩි සබදතාවයක් පවතින බවට බොහෝ සධක පවතින බැවිණි.එනම් සරණාගතයන් ලෙසින් ත්‍රස්ත්‍රවාදීන්ද පැමිණෙන බැවිණි.විශේෂයෙන්ම මුස්ලිම් රටවලින් පැමිණෙන සරණාගතයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ඇමෙරිකාව ඇතුලු රටවල් සරණාගතයන් හා සංක්‍රමණිකයන් සීමා කිරීමට කටයුතු යොදා තිබේ.

ඇමෙරිකාව[සංස්කරණය]

Dispalced people congo r 2.jpg

ඇමෙරිකානු ජනාධිපති හා කොංග්‍රසය එක්වී 70000ක සරණාගත ඉල්ලීම් සදහා ඉඩ ප්‍රස්ථා ලබාදී තිබුනද,තම ආරක්ෂක නීති තත්වයන් යටතේ 2002දී ඉල්ලුම් කල හැකිවූයේ27508කට පමණි. එසේම කැත්ලීන් නිව්ලන්ඩ් දක්වන පරිදි මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළදී 85000ක් පමණ සරණාගත පිරිසකට සිය අවදානමෙන් මිදී ඇමෙරික්ව තුළ නව ජීවිතයක් ඇරඹීමට තිබු අවස්ථාව ගිලිහී ගිය බවයි.මේ අනුව සරණාගත අයිතීන් ලෙස ලෝකය පිළිගත් සංකල්ප හා ප්‍රතිපත්ති ත්‍රස්ත්‍රවාදය නිසා ගිලිහී ගොස් ඇති බවයි. නැත්නම් කප්පාදුවට ලක්ව ඇති බවයි.මෙ‍ම අර්බුදකාරීත්නයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලෝකයේ රටවල් ජාතික ආරක්ෂාවට ප්‍රමුකත්වය දීමත් සමගය.ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කොලීන් පවෙල් දක්වන ආකාරයට USAහි පැවැත්මට මෙන්ම USA හා ජාත්‍යන්තරය අතර සබදතාවය පවත්වා ගැනීමේදී ප්‍රමුකත්වය දිය යුතු මූලෝපායන් 5ක් දක්වා ඇත. එයින් පළමු වැන්න වන්නේඇමෙරිකානු ජනතාව, ඔවුන්ගේ නිදහස හා ඔවුන්ගේ ජීවන ක්‍රමය ආරක්ෂා කිරීමයි. අනෙක් සියළු ප්‍රතිපත්ති ගොඩනැගෙනුයේ මෙම කරුණු මුල් කොයට ගෙනයි.මේ අනුව ඇමෙරිකාව උත්සහ කරන්නේ ලෝකයේ ප්‍රශ්ණ විසදීමට වඩා තම රාජ්‍යයට හා ජනතාවට ඇති අභියෝග නිරාකරණම කර ගැනීමටය. ඒ අනුව සරණාගතයන් කෙරෙහි ඇමෙරිකාවේ පෙර පැවති පුතිපත්තිය දැඩි වෙනසකට ලක් කොට තිබේ.

නෙදර්ලන්තය[සංස්කරණය]

මෙම රට තුළද 2001 ත්‍රස්ත්‍ර ප්‍රහාරයත් සමග සරණාගත ප්‍රතිපත්ති වෙනස් විය. මුස්ලිම් සංක්‍රමණිකයෙකු ඕලන්ද සමාජයට පිළිගැනීමට පෙර එම සමාජය හා එහි වටිනාකම් ගැනඔහුගේ දැනුම හා ආකල්පය පරීක්ෂාවට ලක්කරනු ලැබේ. එසේම අගමැතිවරයා විසින් යම්යම් ප්‍රසිද්ධ ස්ථාන වලදී කුර්තාව පැළද සිටීමේ නීතියක්ද පණවා ඇත. මේ හරහා මුස්ලිම් ජනයාට තම සංස්කෘකික අනන්‍යතාවය පවත්වා ගෙනයාම පවා සීමා කොට තිබේ.මුස්ලිම්වරු කෙරෙහි සංස්කෘතික බාධක පණවා ඇත්තේ ත්‍රස්ත්‍රවාදය කෙරෙහි මුස්ලිම් මූළධර්මවාදී සබදතා ඇති බවට සාධක පවතින බැවිණි

ප්‍රංශය[සංස්කරණය]

AfghanRefugees-743904.JPG

ප්‍රංශය තුළ සරණාගතයන් හා සංක්‍රමණිකයන් පිළිබද ප්‍රතිපත්ති වෙනස් වූයේ තම වටිනාකම් ආරක්ෂා කිරීම යන තේමාව යටතේය.සරණාගතයන්ට ආරක්ෂාව සැපයීමට වඩා ඔවුන් 2001න් පසු යොමු වූයේ ඔවුන්ව සිය නිජභූමි වෙතට යැවීමට උනන්දු කරවීමටයි. 2007 අගභාගය වන විට වීති විරෝධී සංක්‍රමණිකයන් 25000ක් රටින් පිට කිරීමට ජනාධිපති නිකොලයි සාර්කෝසිගේ අරමුණ වී ඇත.ස්වේච්ඡාවෙන් සිය රටට යන්නන් සඳහා මුදල් ගෙවීමටද අදහස් කෙරිණි. ඒ අනුව ප්‍රංශ සරණාගත ප්‍රතිපත්තියද සරණාගතයන් කෙරෙහි නිශේධනීය අයුරින් වෙනස් වී තිබේ.



ජර්මනිය[සංස්කරණය]

ජර්මනිය තුළ ද 2001න් පසු ත්‍රස්ත්‍රවාදය සම්භන්ධයෙන් විශාල පණත් ප්‍රමාණයක් බිහිකොට ඇති අතර එය සරණාගතයන් සම්බන්ධයෙන් දැඩ් බළපෑමක් එල්ල කොට තිබේ. 2001 වර්ෂයේ සම්මත කොටගත් Second Security Package-Prevention of Terrorism යන්න වැදගත් වේ. ජර්මන් සරණාගත ප්‍රත්පත්තිය වඩා හොදින් අවබෝධ කරගත හැක්කේ New Immigration Act පණතට ගෙන ආ Aliens Act යන සංශෝධනය මගිනි. ඒ හරහා තුන්වන ලෝකයේ රටවල පුස්ගලයන් පිළිබදව දැඩි වාරණයක් එල්ල කොට තිබේ. ප්‍රචණ්ඩත්වය පිළිබද සැක කිරීමක් පවා ජර්මානු රාජ්‍යට ඇතුළු වීම තහනම් වීසට ප්‍රමාණවත් විය. පැහැදිළිව මෙමගින් සරණාගතයන් කෙරෙහි අනර්ථයක් ගෙන දී තිබේ.මෙයට අමතරව Asylum Procedure Act එකට ගෙන ආ සංශෝධනය මගින් සරණාගතයෙකු ලෙස හදුනාගත් විදේශිකයෙකුගේ ඇඟිළි සළකුණු හා පෞද්ගළික දත්ත වසර 10ක් පවත්වා ගෙන යනු ළබයි. ඒ අනුව සරණාගතයින් නිරන්තරව පීඩාවට ලක්ව තිබේ.මෙයට හේතු වශයෙන් ජර්මනිය දක්වන්නේ ත්‍රස්ත්‍ර ක්‍රියා, සංවිධානාත්මක අපරාධ හාඔත්තුකරැවන් පැමිණීම වැළැක්වීම සදහාමෙම ප්‍රතිපත්ති ගෙනයන බවයි.

බ්‍රිතාන්‍යය[සංස්කරණය]

ජර්මනියට සමාන තත්වයක් බ්‍රිතාන්‍යය තුළ සරණාගතයන් සම්බන්ධයෙන් දැකිය හැක. සරණාගතයන්ට රැකවරණය දීම අවම මටිටමක පවත්වා ගෙන යාමටත්,සරණාගතයන් හා සංක්‍රමණ සීමා කිරීමටත් බ්‍රිතාන්‍යය 2002දී Nationality Immigration and Asylum Act සම්මත කොට තිබේ.එසේම ත්‍රස්ත්‍ර වරෝධී අපරාධ හා ආරක්ෂාව පිළිබද පණතේ සරණාගත හා සංක්‍රමණිකයන්ගේ තත්වය පිළිබද තව දුරටත් සදහන් වේ. එහි 21 වැනි වගන්තියට අනුව රජ්‍යය ලේකම්වරයාට යම් පුද්ගලයෙකු ජාත්‍යන්තර ත්‍රස්ත්‍රවාදියෙකු ලෙස සැක කරන්නෙකු ලෙස හදුන්වා ඔහුට එරෙහිව ජාතික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකළ හැක. මේ අනුව 2001ට පෙර තිබූ සරණාගත ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්තියක් 2001න් පසු ඇතිවී තිබේ.

කැනඩාව[සංස්කරණය]

Gallery-Rohingya-refugees-012.jpg

කැනඩාව තුළ සරණාගතයන් ප්‍රබල ලෙස ඍජුව හෝ වක්‍රව ත්‍රස්ත්‍රවාදය සමග සම්බන්ධ වී ඇත. එම නිසා සැප්තැම්බර් 11 ප්‍රහාරයත් සමග විශාල ලෙස කැනඩාවට පැමිණෙන සරණාගතයන් හා සංක්‍රමණිකයන් පිළිබද නීතිරීති හා ප්‍රතිපත්ති වෙනස් කොට ඇත.වෙනත් රටවලින් පැමිණෙන්නන් පිළිබදව දැඩි සුපරීක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන ළදි.කැනඩාවේ මතය වන්නේ සංක්‍රමණිකයන් හෝ සංක්‍රමණය වූ දේශයන්හි ඉපදුනු ඔවුන්ගේ දරුවෙකු පවා ත්‍රස්ත්‍ර ක්‍රියාවල යෙදිය හැකි බවයි. අලුතින් රටට එන අය පමණක් නොව පැමිණ සිටින අය ගැන පවා සැකයෙන් කටයුතු කරයි.1986 එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්, ලෝක සරණාගත ප්‍රශ්ණයට විසදුම් සෙවීමට ගත් උත්සාහය නිසා කැනඩාව නැන්සන් සම්මානයෙන් පුදනු ලැබ තිබේ. 2001න් පසු මෙම තත්වය වෙනස් වී තිබේ.



ස්විස්ටර්ලන්තය[සංස්කරණය]

2001න් පසු ස්විස්ටර්ලන්තයේ සරණාගත ප්‍රතිපත්තිය උඩු යටිකුරු වී තිබේ. UNHCR දක්වන ආකාරයට 1951 සරණාගතයන් පිළිගත හැකි ආගමන හෝ අනන්‍යතා පත්‍රයකින් තොරව සිය රටින් පැනයාමට සිදුවන සරණාගතයන් වුවද පිළිගතයුතු බව දක්වා ඇතත්, 2002න් පසු එවන් පුද්ගලයන්ට ස්විස්ටර්ලන්තයට ඇතුළුවීම තහනම් කොට තිබේ.එසේ ඇතුළුවීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් ලෙස මොවුන් දකී.එසේම සරණාගතයින් තම රටට ඇතුල් වීම අවම කිරීමට(SVP) පක්ෂය ප්‍රකාශ කළේ සරණාගතයන් අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය අලෙවි කරන්න් ළෙසයි.මෙයින් සරණාගතයන් කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තත්ත්වය හදුනාගත හැක.

සමාලෝචනය[සංස්කරණය]

මේ අනුව ලෝකයේ විවිධ රටවල සරණාගත ගැටළුව ප්‍රබල ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ.මන්දයත් සරණාගතයන් හා ත්‍රස්ත්‍රවාදය අතර අනිවාර්යය සබඳතාවයක් ඇති බවත් එම තත්ත්වයෙන් තම රටවලට වියහැකි තර්ජනය වළක්වා ගැනීමට හා තම රටවල සුරක්ෂිත බව තහවරු කිරීමට සරණාගත හා සංක්‍රමණ ප්‍රතිපත්ති දැඩි වෙනසකට ලක් කොට තිබේ.2001 ත්‍රස්ත්‍ර ප්‍රහාරයත් සමග ලෝකයේ සුපිරි බලවතා ලෙස හදුන්වන ඇමෙරිකාව සරණාගත ප්‍රතිපත්ති තියුණු සංශෝධනයකට ලක් කොට තිබේ.මේ සමගම ලෝකය පුරා මුස්ලිම් ජනතාව කෙරහි විශාල බියක් හා සැකයක් පැතිර තිබේ. මන්ද යත් බින් ලාඩන් ප්‍රමුඛ අල්ඛයිඩා සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටීමයි.1957 Refugee Convention එක හරහා හදුන්වා දී ඇති Non refulement හා Burdan Sharing යන ප්‍රතිපත්තිවල ද විශාල පරිවර්තනයක් වී තිබේ.වර්තමාන ජාත්‍යන්තර ක්‍රමය සරණාගතයන් සම්බන්ධයෙන් නිශේධනීය ආකාරයට ක්‍රියාත්මක වීම නිසා සරණාගතයා කබලෙන් ළිපට වැටී ඇත. සරණාගතයන් ලෝකය තුළ අනුකම්පාවට හා සහනාධාර ලැබිය යුතු පිරිසක් බවට පවතින ආකල්පයට යම් හානියක් වී තිබේ.මේ අනුව තම රටතුළ ජීවිතයට ඇති තර්ජන හේතු කොටගෙන බොහෝවිට තම දේපොල, ඉඩකඩමි සියල්ල අතහැර දේශසීමා තරණය කරන සරණාගතයින්ට වෙනත් රටක ආරක්ෂාව හා අනුග්‍රහය ලබා ගැනීම ඉතා බරපතළ ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සරණාගතයෝ_-_2001න්_පසු_තත්වය&oldid=64164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි