සමුදුර (පුවත්පත)

විකිපීඩියා වෙතින්
සමුදුර
සමුදුර පුවත්පතේ ලාංඡනය
2012 දෙසැම්බර් 13 බ්‍රහස්පතින්දා සමුදුර මුල් පිටුව
වර්ගයසතිපතා පුවත්පත
ආකෘතියටැබ්ලොයිඩ්
අයිතිකරුසුමති නිව්ස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්
සංස්කාරකබන්දුල පද්ම කුමාර
ඇරඹුනේ1992 (1992)
භාෂාවසිංහල
මූලස්ථානය445/1, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, කොළඹ 14, ශ්‍රී ලංකා
බුහුනණීය පුවත්පත්ලක්බිම නිව්ස්
නිල වෙබ්අඩවියlakbima.lk

සමුදුර යනු ශ්‍රී ලංකාවේ පැවැති පුවත්පතකි. මුලින්ම තනි පුවත්පතක් වශයෙන් ලියාපදිංචි කරන ලද එහි මංගල කලාපය නොමිලයේ බෙදා හරින ලදී. සත් සමුදුරෙන් එහා විසල් ලොවකට ඔබව කැඳවාගෙන යන සාර සංග්‍රහය ‍‍යන තේමාව යටතේ පුවත්පත ප්‍රකාශයට පත් කෙරුණි. එහි පළමු කලාපය නිකුත් වුණේ 1992 දෙසැම්බර් දෙවැනි දා යි. ලොව වටා රටවල විවිධ තොරතුරු පිළිබඳව ලිපි එහි පල විය. පසුකාලීනව සමුදුර පුවත්පත ලක්බිම පුවත්පත සමඟ නොමිලයේ ‍ප්‍රකාශයට පත් කෙරෙන ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත් අතිරේකයක් ලෙස ලබා දෙන ලදී. අන්තර්ජාලය පොදු මහජනතාව අතර භාවිතයට පැමිණ නොතිබුණු යුගයක සමුදුර මගින් ලබාදුන් පුවත් ජනතාව මහත් ආශ්වාදයකින් වැළඳ ගන්නා ලදී. එහි පළමු ප්‍රධාන කර්තෘ ධූරය හෙබවූයේ බන්දුල පද්ම කුමාර විසිනි. පිටු සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කළේ අජිත් රවින්ද්‍රය. එය සුමති ප්‍රකාශනයක් ලෙස බෙදාහරින ලදි. දේශපාලනය, සංස්කෘතිය, ඉතිහාසය, විද්‍යාව, තාක්ෂණය, ජීවන රටා, ආර්ථිකය, ක්‍රීඩාව, මාධ්‍ය කලාව, වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, යුද්ධ ආදී පුළුල් පරාසයක විහිදුණු මාතෘකා යටතේ එහි ලිපි පලවිය. ආරම්භයේ දී එහි මිල රුපියල් 5ක් විය.

වසර 2000 - 2010 පමණ දක්වා සමුදුර පුවත්පත ටැබ්ලොයිඩ් අතිරේකයක් ලෙස අඟහරුවාදා ලක්බිම පුවත්පත සමඟ නොමිලයේ ලබා දෙන ලදී. එය පිටු 16 ක පුවත් අතිරේකයක් විය. 2012 - 2013 පමණ කාලයේ දී එය අඟහරුවාදා ලක්බිම සමඟ පිටු 12 ක අතිරේකයක් ලෙස ද, බ්‍රහස්පතින්දා ලක්බිම සමඟ පිටු 12 ක අතිරේකයක් ලෙස ද සතියට සමුදුර අතිරේක දෙකක් වශයෙන් නිකුත් කරන ලදී. වසර 2015 පමණ වන විට සමුදුර පුවත්පත, අඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා ලක්බිම පුවත්පත සමඟ නොමිලයේ ලබා දීම නතර වී තිබූ අතර එය නැවතත් වෙනම, තනි පුවත්පතක් වශයෙන් මිලදී ගැනීම සඳහා වෙළඳපොලට නිකුත් කරන බවට ආරංචි පැතිරුණ ද එය එසේ සිදු නොවිණි. වසර 2019 මැයි 31 වන දිනයේ සිට දිනපතා ලක්බිම පුවත්පත මුද්‍රණය ද සම්පූර්ණයෙන් නවතා දැමිණි. පසුව සුමති පුවත්පත් සමාගමේ ඉරිදා ලක්බිම සහ රැජිණ යන පුවත්පත් ද මුද්‍රණය නවතා දමා ඇත.

Middle page of an old Samudura newspaper.
An extract of an old Samudura issue.
A screen shot of the editorial of 02 Wednesday December 1992 issue of Samudura newspaper.
A part of an article of an old Samudura newspaper.
"https://si.wikipedia.org/w/index.php?title=සමුදුර_(පුවත්පත)&oldid=628649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි