සමාජීය සැකැස්ම

විකිපීඩියා වෙතින්


ඉඩම් කඩම් හිමි ජන්මයෙන්ම පුරවැසි භාවය හිමි වු නියමු පුරවැසියන් යන නම ලද්‍දෝවුහ. (පසුව පෙරිකල්ස් විසින් ජන්මයෙන්ම පුරවාසි භාවය හිමිවුවන්ගේ සිමා බැහැර කරන ලදී. රෝමයේ වාගේ නොව වෙනත් බොහෝ නගරාණ්ඩු වල සමාජීය ප්‍රමුඛත්වය අනුව විශේෂ අයිතීන් හිමි නොවුනි. උදාහරණයක් වශයෙන් විශේෂ දෙපල හෝ අයිතීන්ගෙන් තොර සාමානය පවුලක සාමාජිකයෙක් ගත හැකිය. සමහර අවස්තාවලදී පවුල් විසින් ප්‍රසිද්ධ ආගමික උත්සව සංවිධානය කිරීම් සිදු විය. නමුත් ඔවුන්ට ආණ්ඩුවේ අමතර බලයක් හිමි නොවුනි. ඇතැන්ස් හි ධනය වස්තුව මත පදනම් වු සමාජ පන්ති 4 ක් ලෙස ජනගහනය බෙදි පැවතුණි. මිනිසුන්ට තමුන් උපයන ආදායමේ හැටියට පන්ති වෙනස් කිරීමේ අයිතිය හිමිවී තිබුණි. ස්පාටාහි ඉගෙනීම් අවසන් කළ සියව පුරුෂයින් “ සමාන” ලෙස නම් දරා තිබුණි. කෙසේ වෙතත් නගරාණ්ඩුවේ හමුදා හා ආගමික යන ද්විත්ව ආකාර වලින් සේවය කළ ස්පාටා වරු පෙළපත් දෙකකින් පැමිණි‍යෝ වුහ. වහල්ලුන්ට කිසිදු තත්වයක් හෝ බලයක් තිබුණේ නැත. ඔවුන්ට පවුල් වීමට හා දේපල ඇති කර ගැනීමට අයිතියක් තිබුණ මුත් දේශ පාලන අයිතියක් තිබුණේ නැත. ක්‍රි.පු. 600 වන විට චංචල දේපල වහල් සේවය ග්‍රීසියේ ව්‍යාප්තව තිබුණි. ක්‍රි.පු. 5 වන ශත වර්ෂය වන විට සමහර නගරාණ්ඩුවල ජනගහණයෙන් 1/3 ක් වහල්ලු වූහ. ස්ටාපා වලින් පිටත වහල්ලු ‍බොහෝ විට කැරලි ගැසීමට ඉදිරිපත් නොවුහ. ඔවුන් විවිධ ජාති වලින් යුක්ත වීම හා විසිර පැවතීවීම ඊ‍ට හේතු විය.

බොහෝ පවුල් වල සිටි වහල්ලු ගෘහ සේවයේ කම්කරුසේවයේ යෙදි සිටියෝ වූහ. දුප්පත් පවුල් වලට ඉතා කුඩා වහල්ලු ගණනක් සේවය කළහ. නමුත් වහල්ලු අයිති කාරයින්ට තම වහල්ලුන්ට තැලීමට හෝ ඔවුන් ඝාතනය කිරීමට අවසර නොතිබුණි.හිමිකරුවෝ නිතරම අනාගත යේදි වහල්ලු නිදහස් කිරීමට පොරොන්දු වූහ. ඒ ඔවුන් තව දුරටත් වැඩෙහි යෙද වීමට කරන‍ධෛර්යක් වශයෙනි. රෝමයේ මෙන් නිදහස් වු වහල්ලුන්ට පුරවැසි බාවිය හිමි නොවීය. ඒ වෙනුවට ඔවුන් මෙටික්හි ජනතාව බවට පත් කරන ලදී. එහි වුයේ විදේශීය රටවලින් හෝ වෙනත් ආණ්ඩු වලින් පැමිණි ජනතාවය ඔවුන්ට විසීමට නිල වශයෙන් ඉඩ හැර තිබුණි.

නගරාන්ඩුව නීතිමය වශයෙන් අයිතිව තිබුණේ වහලුන්ටය. මෙම වහලුන්ට පවුල් වලට වැඩ කර දෙන වහලුන්ට වඩා විශාල නිදහසක් තිබුණි. ඇතැන්හි ජනතාව වහල්ලුන් හොර සල්ලි අච්චු ගැසීම ගැන සොදිසියෙන් සිටීමට ද දේවස්ථාන වල සිටි වහලුන් දෙවියන් වහන්සේ ගේ සේවකයන් ලෙසද පත් කර සිටියහ. ස්ටාපාහි හෙලොට්ස් නම් වු විශේෂ වහලුන් කොට්ටාශයක් විය. හෙලොට්ස් වරු ආණ්ඩුවට අයත් ග්‍රීක යුද්ධයේදී අල්ලාගත්ත වුන් වූ අතර ඉන් පසු ඔවුන් බලහත් කාරයෙන් නිවෙස් වල වැඩට යොදවන ලදී. හොලට්ස් වරු ආහාර නිෂ්පාදනයද ගෘහ අවශ්‍යතාද ඉටු කළ අතර පවුල් වල කාන්තාවන්ට තම දරුවන් ලොකු මහත් කිරීමේ දී ද පුරුෂයන්ට හෙලොට්ස් වරු ලෙස පුහුණු වීම් වලට යෙදීමට ද හැකියාව ලැබුණි. වහල්ලු තම හිමිකරුවන්ගේ කුරිරු සැලකීම් ලැබු අතර නිතරම ඔවුන්ට සීමා තහංචි යෙදි තිබුණි.

ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ancient_Greece#Social_Structure

"https://si.wikipedia.org/w/index.php?title=සමාජීය_සැකැස්ම&oldid=307077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි